කොමර්ෂල් බැංකුවේ ගාල්ල කොටුව ශාඛාවේ 50 වැනි සංවත්සරය සැමරීම සඳහා, ගාලූ කොටුපවුර ශුද්ධ පවිත‍්‍ර කිරීමේ ව්‍යාපෘතියක්

a (LBN)

 



 

 

කොමර්ෂල් බැංකුව ගාලූ උරුමය පදනම සමග එක්ව, ඓතිහාසික ගාලූ කොටුවේ පවුර පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් පසුගියදා නිම කරන ලදී. මෙම ප‍්‍රජා සත්කාර වැඩසටහන බැංකුවේ ගාල්ල කොටුව ශාඛාවේ 50වැනි සංවත්සරය මෙන්ම, ජුනි 05දාට යෙදුණු ලෝක පරිසර දිනය සැමරීම සඳහා ක‍්‍රියාත්මක කරන ලද අතර, ගාලූ කොටුවේ චමත්කාරජනක පරිසරය සුරැකීම එහි අරමුණ විය.

බැංකුවේ දකුණු ප‍්‍රාදේශීය කාර්යාලයේ ප‍්‍රමුඛත්වයෙන් සහ බැංකුවේ තිරසාරත්වය කාන්තා බැංකුකරණය සහ සමාජ සත්කාරක කටයුතු සඳහා වන දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කල මෙම ව්‍යාපෘතියට කොමර්ෂල් බැංකුවේ කාර්ය මණ්ඩලයේ ක‍්‍රියාකාරී සහභාගිත්වය දැකගත හැකි විය. බැංකුවේ දකුණු ප‍්‍රාදේශීය කාර්යාලය, දකුණු මධ්‍යගත ණය සැකැසුම් ඒකකය, කොමර්ෂල් බැංකුවේ ගාලූ නගරය, ගාලූ ප‍්‍රධාන වීදිය, කරාපිටිය සහ කොග්ගල ශාඛාවන්හි සේවකයින් මෙම ව්‍යාපෘතිය සඳහා තම කාලය සහ ශ‍්‍රමය කැප කරන ලදී.

මෙම ව්‍යාපෘතිය ගාලූ උරුමය පදනමේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ ක‍්‍රියාත්මක කර ඇති අතර, තිරසාර භාවිතයන් ප‍්‍රවර්ධනය කරමින් සහ සංස්කෘතික උරුමයන් සංරක්‍ෂණය කිරීම ප‍්‍රවර්ධනය කරමින්, ප‍්‍රජාව වෙත ආපසු ලබා දීමට කැපවී සිටින බැව් කොමර්ෂල් බැංකුව අවධාරණය කරයි.

බැංකුවේ ගාලූ කොටුව ශාඛාව පිහිටා ඇති උරුම ගොඩනැගිල්ල 2020දී ප‍්‍රතිසංස්කරණය කර නැවැත විවෘත කිරීමෙන් පසු 2021 දී ශ‍්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයෙන් ප්ලැටිනම් සම්මානයක්ද දිනා ගත්තේය. එය කොමර්ෂල් බැංකුව සතු පැරණිතම ගොඩනැගිල්ලක් ලෙස සහ දකුණු පළාතට අති පැරණිතම ගොඩනැගිලිවලින් එකක් ලෙසද ඓතිහාසික වටිනාකමක් දරණු ලබයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව