සෙලින්කෝ ලයිෆ් 35වැනි සංවත්සරය ඓතිහාසික ජයග‍්‍රහණ සහ සම්මාන සමග අති උත්කර්ශවත් ලෙස සමරයි

Annual awards 2023 - Composite1

 



 

 

සෙලින්කෝ ලයිෆ් සිය 35වැනි සංවත්සරය සහ වෙළෙඳපොළ නායකත්වයේ 19වන සංවත්සරය, දර්ශනීය වාර්ෂික සම්මාන උළෙලක් සමඟින් පසුගියදා සමරමින් එහිදී 2022 වසරේ සමාගමේ ප‍්‍රතිඵල සඳහා විශිෂ්ඨ දායකත්වයක් ලබාදුන්, සුවිශේෂී දස්කම් දැක්වූවන් 259 දෙනෙකු සඳහා සම්මාන සහ ත්‍යාග පිරිනැමීය.

කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති මෙම සම්මාන උළෙල සහ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයේදී සමස්ත සම්මාන 350ක් පිරිනැමිණි. මෙම උළෙලේ සුවිශේෂී අංගයක් වූයේ, ප‍්‍රමුඛ පෙළේ ජයග‍්‍රහකයින් දෙදෙනෙකු වූ බම්බලපිටිය ශාඛාවේ ආර්. පී. ජී. ද සිල්වා මහතාට සහ කොටහේන ශාඛාවේ කේ. බී. ඒ. තූෂාර මහතාට සමාගම විසින් නඩත්තු කරණු ලබන රථවාහන දෙකක් ප‍්‍රදානය කිරීමය.

මේ අතර 2022 ‘මිලියන් ඩොලර් රවුන්ඞ් ටේබල්’ (Million Dollar Round Table) සඳහා සුදුසුකම් ලැබූ, විකුණුම් බළකායේ වාර්තාගත සාමාජිකයින් 214 දෙනෙකුට උපහාර පිදීම ඉතිහාසගත වාර්තාවක් වූ අතර, එය සමාගමට විශිෂ්ඨ ජයග‍්‍රහණයක්ද විය. එපමණක් නොව ‘හයි ෆ්ලයර්’ (High Flyer) සම්මානලාභීන් හට කොළඹ හිල්ටන් හෝටලයේ නවාතැන් පැකේජයක්ද පිරි නැමිණි.

මෙම උත්සවයේ ප‍්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූයේ, ‘ලොව පුරා ජීවිත හා රක්ෂණ ප‍්‍රවර්ධනය සඳහා වූ පදනමේ’ (FALIA) කළමනාකාර අධ්‍යක්‍ෂ මසායුකි ටනාකා මහතා වන අතර, එම සහභාගීත්වය උළෙල තවත් අනභිභවනීය තත්ත්වයට පත්කළේය.

සම්මාන උළෙල අමතමින් සෙලින්කෝ ලයිෆ් කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී තුෂාර රණසිංහ මහතා, ‘අපගේ 35වැනි සංවත්සරය සමරන 2023 වසර සමාගමේ ඉතිහාසයට වැදගත් වසරක් වෙනවා. ගෝලීය වසංගතයක් සහ මෑතක සිට ශ‍්‍රී ලංකාවේ ඇති වූ දේශපාලනික හා ආර්ථික අර්බුදය මධ්‍යයේ අපි වසර 03ක් ගතකර තිබෙනවා. අඛණ්ඩව වසර 19ක් පුරාවට අපගේ සමාගම ප‍්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගම බවට පත්කිරීමට දරන ලද දායකත්වය සහ උත්සාහයට ඔබ සැමට මම ස්තුතිවන්ත වෙනවා,’ යනුවෙන් පැවැසීය

.

මෙම වසරේ ඉහළම සම්මානලාභීන් වූයේ, හොඳම සමස්ත ප‍්‍රාදේශීය විකුණුම් කළමනාකරු, මඩකලපුව කලාපය – එස්. වෙනුකරන් මහතා, හොඳම සමස්ත ජීවිත රක්‍ෂණ උපදේශක – අම්බලන්තොට ශාඛාවේ ඒ. අයි. පී. මංජුල මහතා, හොඳම සමස්ත ඒකක ප‍්‍රධානී – වැල්ලවත්ත ශාඛාවේ ඒ. ආර්. එෆ්. රිස්නා මහත්මිය සහ හොඳම සමස්ත ශාඛා ප‍්‍රධානියා නෙල්ලියාඩි ශාඛාවේ වී. බාස්කරන් මහතා යන අයයි.

සම්මාන උළෙල සඳහා ජයග‍්‍රහාකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙන්ම, සෙලින්කෝ ලයිෆ් ආයතනික නායකත්ව කණ්ඩායමද සහභාගී වූහ. උත්සවය රාත‍්‍රී භෝජන සංග‍්‍රහයෙන් සහ සජීවී ප‍්‍රසංගවලින්ද අවසන් විය.

2022 වසරේ දී ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් ‘වසරේ සන්නාමය’ ලෙසත්, ‘වසරේ සේවා සන්නාමය’ ලෙසත් නම් කළ අතර වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් අඛණ්ඩව නව වන වසරටත් ශී‍්‍ර ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මානයට ලක් විය. සමාගම ආරම්භ කර ගෙවුණු වසර 35 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නම් කර ඇති අතර අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ‍්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලබා ඇත. සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව