SLT-MOBITEL, ආසියානු තාක්ෂණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ

Picture1 (LBN)

 



 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා පැවති 2022 ආසියානු තාක්ෂණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී දුරකථන සන්නිවේදන කාණ්ඩයේ ජාල සහ බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණ විශිෂ්ටත්ව සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවලට පුළුල් මට්ටමින් බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් සැපයීම සඳහා නිර්මාණශීලී ලෙස LTE 850MHz බ්‍රෝඩ්බෑන්ඩ් විසඳුම භාවිතා කිරීම වෙනුවෙන් මෙම සම්මානය SLT-MOBITEL වෙත හිමි විය.

රටේ ඩිජිටල් පරිවර්තනයට සහය වෙමින් වැඩි පිරිසක් වෙත ඩිජිටල් තාක්ෂණයන් සමීප කරවීමේ අරමුණින් SLT-MOBITEL මෙම LTE 850MHz බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණය භාවිතා කරයි. මෙමගින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ රැසක ජනතාවට SLT-MOBITEL හි Sub-1GHz 850MHz LTE ජාලය ඔස්සේ සම්බන්ධතා පහසුකම් හිමි වූ අතර, විශේෂයෙන්ම අන්තර්ජාල සම්බන්ධතාවන් අතිශයින් වැදගත් වූ COVID-19 කාලසීමාව තුළ එය එම ජනතාවට ඉමහත් සහනයක් විය.

SLT-MOBITEL හි LTE 850MHz විසඳුම, මීට පෙර විශාල වශයෙන් භාවිතා වූ ජාතික මට්ටමේ තරංග පරාස සම්පත් ඉතිරි කරන සුවිශේෂී පියවරක් ලෙසද හැඳින්විය හැකි වේ. ආවරණ පරාසය පුළුල් කිරීමත් සමග, ඊට පෙර බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් ලබාගැනීමට නොහැකි වූ නව පාරිභෝගිකයන් 700,000 ක පිරිසකට එම සේවාවන් ලබාදීමට ජංගම දුරකථන සේවා අංශයට හැකියාව ලැබිණි. LTE 850MHz දියත් කිරීමත් සමග, COVID-19 සමයේ ග්‍රාමීය ප්‍රදේශ වල නිවෙස් වල සිට රාජකාරි කිරීමට සිදු වූ පුද්ගලයන්ට හා දුරස්ථ ක්‍රමයට අධ්‍යාපනය ලැබීමට සිදු වූ සිසුන්ට මෙන්ම, COVID-19 සම්බන්ධ හදිසි අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීමට සිදු වූ බලධාරීන්ටද අත්වැලක් වීමට SLT-MOBITEL සමාගමට හැකියාව ලැබිණි.

SLT-MOBITEL ලබාදෙන මෙම LTE 850MHz සේවාව, රටේ ග්‍රාමීය ප්‍රදේශ වල අධ්‍යාපනය, රාජකාරි කටයුතු, සෞඛ්‍ය පහසුකම් සහ ජාතික මට්ටමේ හදිසි තත්ත්වයන් ආදිය සම්බන්ධයෙන් සුවිශාල සහනයක් වී ඇති අතර, මෙය එම ප්‍රදේශ වල ජනතාවට අඩු වියදමකින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන්හි ප්‍රතිලාභ අත්විඳීමට අවස්ථාව සලසා දෙන පියවරක් වී තිබේ.

තම ආවරණ පරාසය සහ වේගය තවදුරටත් වැඩිකිරීමේ අරමුණින් SLT-MOBITEL මේ වනවිට 5G තාක්ෂණය ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදුකරමින් සිටී. මේ වනවිටත් රට පුරා ප්‍රධාන නගර කිහිපයක පූර්ව-වාණිජ 5G ජාල පහසුකම් ස්ථාපිත කර ඇති අතර, එය පාරිභෝගිකයන්ට එම තාක්ෂණය අත්විඳිමට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි.

මීට පෙර, ඉහළම තලයේ සම්බන්ධතා පහසුකම් සහ පාරිභෝගික අත්දැකීම් පිරිනැමීම වෙනුවෙන්, ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ් සහ ජංගම ජාල පරීක්ෂණ යෙදුම්, දත්ත සහ විශ්ලේෂණයන් සම්බන්ධ ගෝලීය ප්‍රමුඛයා වන Ookla® වෙතින් අඛණ්ඩව වසර තුනක් ‘වේගවත්ම ජංගම ජාලය’ යන ඇගයීම හිමිකර ගැනීමට SLT-MOBITEL සමත් විය.

5G, Metaverse, AI සහ Big Data ඇතුළු නවතම තාක්ෂණයන් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා ආයෝජනයන් සිදුකරමින් තම යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටත්, ඒ ඔස්සේ ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණයේ නවතම යුගය වෙත රැගෙන යාමටත් SLT-MOBITEL මේ වනවිට දැවැන්ත කාර්යභාරයක් ඉටුකරමින් සිටී.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව