SLT-MOBITEL නව වසරට පියවර තබමින් ෆයිබර් සම්බන්ධතා වේගය 200Mbps දක්වා වැඩි කරයි

SLT Telecom logo (LBN)

 



 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, 2023 වර්ෂය ආරම්භයේදීම තම ෆයිබර්(Fibre) සම්බන්ධතාවන්හි ඩවුන්ලෝඩ්                    (Download) වේගය 200Mbps දක්වා සහ අප්ලෝඩ් (Upload) වේගය 100Mbps වැඩි කිරීමට පියවර ගෙන තිබේ. SLT-MOBITEL Fibre යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම, වේගවත්ම සහ පුළුල්ම ෆයිබර් සම්බන්ධතා ජාලයයි. එමෙන්ම SLT-MOBITEL ශ්‍රී ලංකාවේ වේගවත්ම හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා සේවා සම්පාදකයා ලෙස සැලකේ.

SLT-MOBITEL ජාල වල හැකියාව සහ පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්‍යතාවන් වටහාගෙන ඒ අනුව සේවාවන් ලබාදීමට නොපමාව කටයුතු කරමින්,තම සම්බන්ධතාවන්හි වේගය වැඩි කිරීමට SLT-MOBITEL පියවර ගෙන ඇත. ජනවාරි මාසය යනු සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු තම පවුලේ සාමාජිකයන් සහ ඥාති හිතමිත්‍රාදීන් සමග සම්බන්ධතා අලුත් කරගන්නා මාසයක් බැවින් , මෙම සේවාව  ඔවුන්ට ඉමහත් පහසුවක් සලසයි. එමෙන්ම එය ඔවුන්ට ලොව නවීනතම සම්බන්ධතා තාක්ෂණයන්හි හැකියාවන් අත්විඳීමට ලැබෙන මහඟු අවස්ථාවක්ද වේ. වේගයට අමතරව මෙම තාක්ෂණය බාධාවන් හා ප්‍රමාදයන් අවම කරමින්, සුපැහැදිලි ලෙස සන්නිවේදනයේ යෙදීමට අවස්ථාව සලසා දෙයි.

මේ වනවිට බොහෝ දෙනෙක් වඩාත් වේගවත් හා කාර්යක්ෂම සන්නිවේදන සේවාවන් හා විසඳුම් සොයමින් සිටිති. මෙවැනි පසුබිමක් තුළ නව වසරේ අන්තර්ජාල වේගය 200Mbps දක්වා ඉහළ නැංවීම, රටේ බ්‍රෝඩ්බෑන්ඩ් ආවරණය මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට මහෝපකාරී වන පියවරක් වනු ඇත. ඉහළ Bandwidth අගයක් තිබීම මගින් පාරිභෝගිකයන්ට වඩාත් උසස් ප්‍රමිතියකින් යුතු අන්තර්ගතයන් පරිශීලනය කිරීම, විනාඩි කිහිපයක් ඇතුළත චිත්‍රපට බාගත(Download) කරගැනීම, අන්තර්ජාලය ඔස්සේ පිරිසක් සමග ක්‍රීඩාවන්හි නිරත වීම, බහුමාධ්‍ය අන්තර්ගතයන් භාවිතා කිරීම සහ වීඩියෝ ඇමතුම් වල යෙදීම ඇතුළු බොහෝ දේ ඉතාමත් පහසුවෙන් සිදුකළ හැකි වේ.

මෙම නව වේගය Fibre Unlimited 10, 25 සහ 50 පැකේජ සඳහා අදාළ නොවේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.sltmobitel.lk වෙබ් අඩවියෙහි දක්වා ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව