එළැඹෙන උත්සව සමයේදී HNB කාඞ්පත් හිමියන්ට ‘Shop with Joy’ හරහා සුවිශේෂී දීමනා

Image 02 (LBN)

 



 

 

දිවයින පුරා පිහිටි වෙළෙඳසැල් රැසක් වෙතින් 70%ක් දක්වා ආකර්ෂණීය වට්ටම් සහ දීමනා

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සව සමයේදී ‘Shop with Joy’ හරහා ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන්ට සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් ලබා දීමට කටයුතු කර ඇත.

HNB ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පාරිභෝගික වෙළෙඳ සැල්, ස්වර්ණාභරණ සහ ඊ-වාණිජ්‍ය සන්නාමයන් මෙන්ම ඉතා ජනප‍්‍රිය අවන්හල්, සුපිරි වෙළඳසැල් සහ හෝටල් සමඟ අත්වැල් බැදගනිමින් ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට 2022 නොවැම්බර් 13 සිට 2022 දෙසැම්බර් 31 දක්වා කාලය පුරාවට 70% දක්වා වට්ටම් සහ මාස 60ක් දක්වා අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් ඇතුළුව ආකර්ෂණීය ප‍්‍රතිලාභ රැසක් තම කාඞ්පත් හිමියන්ට පිරිනමයි.

”හැමදාමත් වගේ නත්තල් කාලය HNB අපට ඉතාමත් උද්යෝගිමත් කාලයක්. සෑම වසරකම අපි අපගේ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් සමඟ නත්තල් සමය උත්සවශ‍්‍රීයෙන් සමරනවා. මෙම සමයේදී පාරිභෝගික අවශ්‍යතා සපුරාලමින් පී‍්‍රතිමත් උත්සව සමයක් සහතික කිරීම වෙනුවෙන් දිවයින පුරා සිටින අපගේ පුළුල් වෙළෙඳ හවුල්කාර ජාලය තුළින් විවිධ දීමනා රැසක් අප පිරිනමනවා.” යනුවෙන් HNB කාඞ්පත් අංශ ප‍්‍රධානී ගෞතමී නිරංජන් මහත්මිය පැවසුවාය.

සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් පිරිනැමීමට දිවයිනේ සුපිරි වෙළඳසැල් රැසක් HNB සමඟ අත්වැල් බැදගෙන සිටී. දැනට පවතින වාතාවරණය තුළ එය පාරිභෝගිකයින්ට හිමිවන අනගි අවස්ථාවකි. මෙරට ප‍්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාල වෙතින් HNB ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන්ට සිල්ලර භාණ්ඩ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ගෙදර-දොර උපකරණ සතිය පුරාවට මිලදී ගත හැකිය.

උදාහරණයක් ලෙස Cargills විසින් රුපියල් 2,500 කට වැඩි බිල්පත් වලට මාංශ ආහාර සහ කිරි නිෂ්පාදන සඳහා 20% ක වට්ටමක් ලබා දෙන අතර Keells Super විසින් නැවුම් එළවළු, පළතුරු සහ seafood මිලදී ගැනීමේදී රුපියල් 4,000 කට වැඩි භාණ්ඩ ඇණවුම් සඳහා 25% ක වට්ටමක් ලබා දෙයි. HNB ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට Laugfs Super වෙතින් නැවුම් පළතුරු සහ එළවළු මිලදී ගැනීමේදී රුපියල් 2,500 ට වැඩි භාණ්ඩ ඇණවුම් සඳහා 25% ක විශේෂ මිල අඩු කිරීමක් පිරිනමයි.

HNB ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් පාරිභෝගිකයින් සඳහා Softlogic Glomark විසින් පිළිවෙලින් 20%ක වට්ටමක් සහ 10%ක වට්ටමක් ලබා දෙයි. SPAR වෙතින් නැවුම් පළතුරු, එළවළු සහ මාළු මිලදී ගැනීමේදී රු. 2,000 ට වැඩි බිල්පත් සඳහා ක්‍රෙඩිට් කාඞ්පත් වලට 20% ක වට්ටමක් හිමි වෙයි. එමෙන්ම Arpico Supercentres විසින් පළතුරු, එළවළු සහ seafood මිලදී ගැනීමේදී රු. 3000 කට වැඩි බිල්පත් වලට 25% ක වට්ටමක් ලබා ගත හැකිය.

ශ‍්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සඳහා සීඝ‍්‍රයෙන් ඉහළ යන ඉල්ලූම සැලකිල්ලට ගනිමින් HNB, Abans සහ Buyabans, Singer ප‍්‍රදර්ශනාගාර සහ Singer.lk, Softlogic ප‍්‍රදර්ශනාගාර, Softlogic MAX සහ Furniture, Seetha Holdings, Dinapala Group, Hunters, Singhagiri සහ CameraLK වැනි දිවයිනේ කීර්තිමත් සන්නාම රැසක් සමඟ අත්වැල් බැඳගෙන ඇති අතර මෙම අලෙවිසැල් වෙතින් තෝරාගත් භාණ්ඩ සඳහා මාස 24ක් දක්වා අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් සමඟින් 40% දක්වා වට්ටම් හිමි කර ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමි වේ.

තවද, පාරිභෝගිකයින්ට ඔවුන්ගේ නිවෙස්වල සිටම ආරක්ෂිතව සාප්පු සවාරි යාමට හැකියාව ලබා දීම සඳහා HNB, online පාරිභෝගික වෙළඳසැල් රැසක් සමඟින් ද අත්වැල් බැඳගෙන ඇත. ඒ අනුව Daraz.lk, Takas.lk, Wasi.lk, Promateworld.com, Glomark.lk සහ PickMe Food and Market යන online වෙළෙඳ වෙබ් අඩවිවලින් මිලදී ගන්නා  ඕනෑම භාණ්ඩයකට 30% දක්වා වට්ටම් හිමිකර ගත හැකිය.

මෙරට සුප‍්‍රසිද්ධ ස්වර්ණාභරණ වෙළඳසැල්වලින් සිදු කරන මිලදී ගැනීම් සඳහා වට්ටම් සහ අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් හිමි කරගැනීමට ද HNB ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් අවස්ථාව ඇත. ඒ අනුව Premadasa Jewellers, Raja Jewellers, Swarnamahal Jewellers, Vogue Jewellers, Colombo Jewellery Stores සහ Mallika Hemachandra Jewellers යන ස්වර්ණාභරණ අලෙවිසැල් වෙතින් තෝරා ගත් ස්වර්ණාභරණ සඳහා 40%ක් දක්වා වට්ටම් සහ මාස 12ක් දක්වා අමතර ගාස්තු රහිත පහසු ගෙවීමේ සැලසුම් ද හිමි කරගැනීමට අවස්ථාව ඇත.

තවද, HNB ක්‍රෙඩිට් කාඞ්පත්හිමියන්ට මෙම ප‍්‍රවර්ධන කාලය තුළ දිවයින පුරා පිහිටි බොහෝ ප‍්‍රසිද්ධ අවන්හල්වලින් මෙන්ම හෝටල්වලින් විශේෂ මිල ගණන් යටතේ ආහාරපාන භුක්ති විඳිය හැකිය.

HNB කාඞ්පත් හිමියන්ට Cinnamon Hotels, Browns Hotels සහ Oak Ray යන හෝටල් වෙතින් විශේෂ වට්ටම් ලබා ගැනීමට අවස්ථාව ඇත. මීට අමතරව HNB ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට Pizza Hut වෙතින් ඕනෑම Large Pan Pizza එකක් මිලදී ගැනීමේදී අමතර Classic Large Pan Pizza ක් ලබා ගැනීමට හෝ Taco Bell හි à la carte මෙනුවෙන් එක් අයිතමයක් මිල දී ගෙන දෙවන අයිතමයක් නොමිලේ ලබා ගැනීමට ද අවස්ථාව ඇත. එමෙන්ම HNB ක්‍රෙඩිට් කාඞ් හිමියන්ට Kingsbury Hotel හි Indulgence වෙතින් ආහාර මිලදී ගෙන යාමේදී 20% ක වට්ටමක් ද Cinnamon Red, Flavoured හි රාත‍්‍රී භෝජන සංග‍්‍රහ භුක්ති විදීමේදී ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා 20% ක වට්ටමක් ද හිමි කරගත හැකිය.

තවද නව පාසල් වාරය වෙනුවෙන් අලූතින් පාසල් උපකරණ ගැනීමට ඇගිලි ගනිමින් සිටින සිසුන්ට ඔවුන්ගේ සියලූම පාසල් උපකරණ හා ලිපි ද්‍රව්‍ය Promateworld.com වෙතින් මිලදී ගැනීමේ දී ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා 30% දක්වා සහ ඩෙබිට් කාඞ්පත් සඳහා 25% දක්වා වට්ටම් ලබා ගත හැකිය.

https://www.hnb.net/personal/promotions/card-promotions#secoffers වෙත පිවිසීමෙන් මෙම ප‍්‍රවර්ධන වැඩසටහන පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැකිය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + nine =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව