SLT-MOBITEL mCash ඔස්සේ පහසුවෙන් ලීසිං වාරික ගෙවීමට පීපල්ස් ලිසිං ගණුදෙනුකරැවන්ට අවස්ථාවක්

Picture1 (LBN Fill)

 



 

 

 

SLT-MOBITEL විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය මත හඳුන්වා දුන් නව්‍ය ගෙවිම් සේවාවක් වන ජංගම මුදල් ගනුදෙනු සහ මුදල් පසුම්බි පහසුකම හරහා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ලීසිං වාරික ගෙවීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව අත් කර දී තිබේ.

මෙරට ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවාවන් අතර නි‍යමුවකු වන SLT-MOBITEL සමාගම සහ බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ හවුල්කාරීත්වය මගින් පීපල්ස් ලීසිං සමාගමේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසු හා කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණින් mCash සේවාව හරහා තම ලීසිං වාරික ගෙවීමට අවස්ථාව ලැබේ.

මෙහිදි පීපල්ස් ලීසිං ගනුදෙනුකරුවන්ට SLT-MOBITEL mCash wallet සේවාව ඔස්සේ හෝ mCash බලයලත් අලෙවිසැල් වලදී පහසුවෙන් සහ ප්‍රමාදයකින් තොරව නිසි වේලාවට තම ලිසිං වාරික ගෙවීමට හැකියාව ලැබෙන අතර අනෙක් අතට පීපල්ස් ලීසිං සමාගමටද නියමිත ලීසිං වාරික පහසු සහ ප්‍රමාදයකින් තොරව එකතු කර ගැනීමට අවස්ථාව උදාවේ .

mCash බලයලත් අලෙවිසැල් ජාල දැනටමත් දිවයින පුරා ව්‍යාප්ත වී ඇති අතර ඉදිරියේදී තවත් අලෙවිසැල් මේ සදහා එක්විමට නියමිතය. පීපල්ස් ලීසිං සමාගම සමග එක්ව ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, SLT-MOBITEL සමාගම ඩිජිටල් පරිවර්තනයට ශ්‍රී ලාංකීකයන් සමීප කරවීම සඳහා දරන උත්සාහයේ තවත් එක් වැදගත් සන්ධිස්ථානයකි.

සෑම පාරිභෝගිකයෙකුගේම අවශ්‍යතාවන්ට හා ජීවන රටාවන්ට උචිත පරිදි නවතම අංග රාශියක් සමග හඳුන්වා දෙන ලද මෙම SLT-MOBITEL mCash සේවාව ශ්‍රී ලංකාවේ ජංගම මුදල් ගනුදෙනු සහ මුදල් පසුම්බි සේවාවේ නව්‍ය පෙරළියක් ඇතිකිරීමට සමත් විය.

මුදල් යැවීම හා ගෙන්වා ගැනීම, ජංගම දුරකථන රීලෝඩ් හා බිල්පත් ගෙවීම්, උපයෝගීතා සේවා බිල්පත් ගෙවීම්, රක්ෂණ වාරික, ලීසිං සහ ෆිනෑන්ස් වාරික ගෙවීම්, Online/In-store ගෙවීම් සිදුකිරීම, QR  කේත භාවිතා කරමින් අලෙවිසැල් තුළදී ගෙවීම් සිදුකිරීම (ශ්‍රී ලංකා මහ බැංකුව මගින් හඳුන්වා දුන් LankaQR ප්‍රමිතීන්ට අනුව), බැංකු තැන්පතු, ණය හා ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් සහ ඩිජිටල් ණය පහසුකම් (mCash ඔස්සේ පාරිභෝගිකයාට අයදුම් කළ හැකි ඩිජිටල් ණයකි) වැනි සේවාවන් හා පහසුකම් රාශියක් mCash ඔස්සේ ගනුදෙනුකරුවන් හට ලබා දී තිබේ. මෙම SLT-MOBITEL mCash සේවාව දිවයින පුරා පිහිටි කුඩා පරිමාණ අලෙවිසැලේ සිට මහා පරිමාණ අලෙවිසැල් දක්වා විහිදි තිබෙන අතර මේ සදහා Mobitel ශාඛා, SLT Teleshop අලෙවිසැල්, Singer ප්‍රදර්ශනාගාර, Lanka Bell ශාඛා, Pay & Go Pay & Go Kiosks ඇතුළු දිවයින පුරා ස්ථාන 25,000 කට අධික සංඛ්‍යාවක් ඔස්සේද mCash සේවාව භාවිතා කළ හැකි අතර, mCash App හරහා සෘජුවම mCash ගිණුම් වලට මුදල් ඇතුළත් කිරීමටද හැකියාව ඇත.

 



 

 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − seven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව