දේශගුණ විපර්යාස අවම කරමින් රටට දීර්ඝකාලීන ප්‍රතිලාභ අත්කර දීම සඳහා හරිත වැඩසටහන් ක්‍රියාවට නැංවීම

3 (1) (LBN Fill)

 

 



 

 

 

  • SLT-MOBITEL තම ප්‍රධාන කාර්යාලයේදී ලෝක පරිසර දිනය සමරයි
  • 5 වැනි මී පැළ සිටුවීමේ වැඩසටහන සාර්ථක ලෙස සිදුකෙරේ

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙවර ලෝක පරිසර දිනය වෙනුවෙන් සිය රුක් රෝපණ වැඩසටහන් මාලාවේ 5 වැනි අදියර ක්‍රියාවට නැංවී ය. SLT-MOBITEL විසින් මෙම ජාතික මට්ටමේ රුක් රෝපණ වැඩසටහන ආරම්භ කරන ලද්දේ වාතයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම, වන වගාව ප්‍රවර්ධනය කිරීම, පරිසරයේ කාබන් උරාගැනීමේ හැකියාව වැඩි කිරීම, හරිතාගාර වායු අවම කිරීම සහ දිවයිනේ විවිධ ප්‍රදේශ වල ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම යන අරමුණු මුල්කරගනිමිනි. තිරසාරත්වයේ සැබෑ අරුත පෙරදැරිව, SLT-MOBITEL හරිත පෘථිවියක වැදගත්කම මෙන්ම අනාගත පරම්පරාවන්ගේ පැවැත්ම උදෙසා සොබාදහම සුවපත් කරමින් දේශගුණික විපර්යාස නැවැත්වීමේ සහ ආපසු හැරවීමේ අවශ්‍යතාවද හොඳින් අවබෝධ කරගෙන සිටී.

‘පිරිසිදු වාතයෙන් හා පොහොරවලින් රට පෝෂණය කරමු’ යන තේමාව යටතේ දියත් කර ඇති මෙම රුක් රෝපණ වැඩසටහන, මිනිස් වර්ගයාගේ යහපැවැත්ම උදෙසා පරිසරය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම නැවත නැවතත් අවධාරණය කරයි.

පළිබෝධ පාලනය කිරීමට හැකියාවක් ඇති බවට පවතින විශ්වාසය, කාබනික පොහොර නිෂ්පාදනය යොදාගත හැකි වීම, වාතය පිරිසිදු කිරීමේ හැකියාව සහ ඖෂධීය ගුණාංග යනාදිය නිසා මෙම වැඩසටහන සඳහා මී ශාකය තෝරාගෙන තිබේ. මේ වනවිට SLT-MOBITEL මොණරාගල, උමංදාව, අනුරාධපුර සහ මහනුවර ඇතුළු ප්‍රදේශ වල මී ශාක 1,000 ක් පමණ බෙදා දී හෝ සිටුවා ඇත.

සෑම වසරකදීම ජූනි මාසයේදී සමරනු ලබන ලෝක පරිසර දිනය, පරිසරය සුරැකීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සිදුකරන ප්‍රමුඛතම දිරිගැන්වීම ලෙස සැලකේ. මෙවර ලෝක පරිසරය දිනය වෙනුවෙන් තම කාර්ය මණ්ඩලය අතර පැළ බෙදාදීමටද  SLT-MOBITEL කටයුතු කළේ ය. එමෙන්ම මීරිගම සෙත් සෙවණ වැඩිහිටි නිවාසයේදී මී පැළ සිටුවීමේ වැඩසටහනක්ද ක්‍රියාවට නංවන ලදි. මෙම රුක් රෝපණ වැඩසටහන තවදුරටත් පුළුල් කිරීම සඳහා SLT-MOBITEL මේ වනවිට ප්‍රාදේශීය ප්‍රජාවන් සහ බිම් මට්ටමේ සංවිධාන සමග එක්ව කටයුතු කරමින් සිටී.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන් SLT-MOBITEL, තම මෙහෙයුම් වලදී සමාජයට හා පරිසරයට සිදුවන බලපෑම් හැකිතාක් අවම කිරීම සඳහා, පරිසරය, සමාජය සහ ආයතනික පාලනය (Environmental, Social, and Governance – ESG) යන පැතිමානයන් ඔස්සේ කැපවී සිටී. මේ යටතේ ක්‍රියාත්මක වන මී පැළ සිටුවීමේ වැඩසටහනේ මූලික අරමුණ වන්නේ, පරිසරය වැඩිදියුණු කරමින් දිවයින පුරා ප්‍රජාවන් සවිබල ගැන්වීම ය. මෙම වැඩසටහන වාතයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමටත්, දේශගුණික විපර්යාස අවම කිරීමටත්, වඩාත් හොඳ පළිබෝධ පාලනයක් හා සරුසාර පසක් ඇතිකිරීමටත්, ස්වභාවික ආර්ද්‍රතාව ඉහළ නැංවීමටත් මහෝපකාරී වේ. මෙම වැඩසටහනේ කැපීපෙනෙන ලක්ෂණයක් වන්නේ සිටුවනු ලබන මී ශාක ‘Geo Tagging’ වැනි නවීන ක්‍රමවේදයන් ඔස්සේ කළමනාකරණය කරනු ලැබීම ය. එමෙන්ම ‘තුරු’ නම් ජංගම යෙදුම හරහා මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණ කෙරේ.

තම පරිසර හිතකාමී මෙහෙවර තවදුරටත් පුළුල් කරමින් SLT-MOBITEL විද්‍යුත් අපද්‍රව්‍ය අවම කිරීම සහ කාබන් පියසටහන අවම කිරීම ඇතුළු තවත් වැඩසටහන් රාශියක්ද ක්‍රියාවට නංවා ඇත. වගකීම්සහගත අපද්‍රව්‍ය කළමනාකරණ උත්සාහය යටතේ සම්පත් නැවත භාවිතය සහ ප්‍රතිචක්‍රීකරණය සිදුකෙරෙන අතර, ආයතනයේ සහ එහි පාරිභෝගිකයන්ගේ කාබන් පියසටහන අවම කිරීම සඳහාද විධිවිධාන රාශියක් ක්‍රියාවට නංවා තිබේ.

 



 

 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව