දත්ත හුවමාරු සහ විශ්ලේෂණ හැකියාවන්ගෙන් ව්‍යාපාරයන් සවිබල ගැන්වීම උදෙසා SLT-MOBITEL සමඟින් Softlogic IT එක්වේ

SLT-Mobitel inking the collaboration (LBN Fill)

 



 

 

 

ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවා සැපයුම්කරු වන SLT-Mobitel විසින් ඔවුන්ගේ ඩිජිටල් හවුල්කාරිත්ව ගමන් මඟේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් පසු කරමින් Softlogic IT හා හවුල්කාරිත්වයකට එළඹ ඇති අතර, මෙම හවුල්කාරීත්වය හරහා දත්ත හුවමාරු සහ විශ්ලේෂණ ආශ්‍රිත වඩාත් වැඩි දියුණු කළ සේවා පාරිභෝගිකයින් වෙත හඳුන්වා දීමට තීරණය කර තිබේ.  මෙම සුවිශේෂී හවුල්කාරීත්වය හරහා ව්‍යාපාරයන්ට ගැටලු විසඳීමට සහ දත්ත පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය, දත්ත මත පදනම් වූ ප්‍රවේශයක් අනුගමනය කිරීමට අවස්ථාව ලබාදෙයි.  මේ සඳහා Whiteklay හි ගෝලීය දත්ත හුවමාරු පද්ධතියක් වන IZAC “Data Exchange and Analytics Platform” සහ ලොව විශාලතම ස්වාධීන පොදු-වෙළඳාම විශ්ලේෂණ සහ ව්‍යාපාරික බුද්ධි සමාගම වන Microstrategy (Nasdaq: MSTR) හි මෙවලම් සහ ක්‍රියාවලි භාවිත කිරීමට නියමිතය.

බොහෝ ආයතන අතර පෙනී යන පරිදි වඩාත් උසස් දත්ත කළමණාකරණ පද්ධතියක් තුළින් මෙහෙයුම් කාර්ය සාධනයක් ලබාගත හැකිය. තවද, තීරණ විද්‍යාව කාර්යක්ෂමව භාවිතා කිරීම හරහා ද ආයතනයකට ඉහළ උපාය මාර්ගික වාසි රැසක් හිමි කර ගත හැකිය. මෙම හවුල්කාරීත්වය හරහා ආයතනයන්ට SLT-Mobitel Akaza cloud platform මත පදනම් වූ බුද්ධිමත් දත්ත කළමනාකරණය පද්ධතියක් හා බැඳුනු සේවාවන් හිමිවේ. මෙම විසඳුම මඟින් ව්‍යවසායයන්ට දත්ත රටා දෘශ්‍යමාන කිරීමට හැකි වන අතර, කාලෝචිත තීරණ ගැනීමට හැකි වන පරිදි පුරෝකථන විශ්ලේෂණ යෙදීම මඟින් ඔවුන්ගේ ව්‍යාපාර මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කර ගැනීමේ හැකියාව හිමිවේ.

මෙම හවුල්කාරිත්වය පිළිබඳ අදහස් දක්වමින් SLT හි ප්‍රධාන විධායක නිලධාරී ජනක අබේසිංහ මහතා මෙලෙස පවසයි. “ව්‍යාපාරයන් හි නවෝත්පාදන දිරිමත් කරන මෙන්ම, ඒවාට තිරසාර සංවර්ධනයක් ලබාදෙන ප්‍රමුඛ අංගයක් ලෙස දත්ත හැඳින්විය හැකියි. Whiteklay හි Data Virtualization, විශ්ලේෂණ සහ AI මෙවලම් භාවිතයෙන් SLT උත්සහ කරනුයේ ශ්‍රී ලංකාවේ ව්‍යවසායන්ට වඩාත් සංවර්ධිත තලයකට යෑමට අවස්ථාව හිමි කර දීමයි.

මෙහි දී අදහස් දැක්වූ Whiteklay Pte Ltd  හි ප්‍රධාන විධායක නිලධාරී අමිත් කුමාර් පරිජා මෙලෙස පවසා සිටියි.  “නූතන ලෝකයේ ව්‍යාපාරයන් හට කඩිනමින්ම දත්ත භාවිතයෙන් තොරතුරු ලබාගැනීමට හැකියාවක් තිබිය යුතුයි. උදාහරණ වශයෙන් යම්කිසි දත්ත රටාවක් තුළ ඉහළ යාමක් පෙන්නුම් කරන්නේ නම්, විශ්ලේෂකයින්ට කඩිනමින්ම පද්ධතියක් හරහා මෙම ඉහළ යාමට හේතුව කවරක්දැයි ඉතාමත් පහසුවෙන්  dashboard එකක් හරහා දැක බලා ගැනීමට අවස්ථාව හිමිවිය යුතුයි.  මේ ආකාරයේ පද්ධතියක් සංවර්ධනය සඳහා ව්‍යාපාරයන්ට විශාල මුදල් ප්‍රමාණයක්, තාක්ෂණයන් මෙන්ම උපායමාර්ග භාවිත කිරීමට සිදු වෙනවා. විශේෂයෙන්ම මෙහි පරිපාලන කටයුතු සිදු කිරීම සඳහා දක්ෂ තාක්ෂණික ශ්‍රම කණ්ඩායමක් සිටීම අනිවාර්ය වනවා. මෙවන් අවස්ථාවල කාලය මෙන්ම මුදල් ඉතිරි කරගනිමින් වඩාත් උසස් දත්ත හුවමාරුව හා බැඳුනු සේවාවන් ලබා ගැනීමට පාරිභෝගිකයින් පෙළඹෙන බව කිව යුතුයි.”

සොෆ්ට්ලොජික් IT හි ප්‍රධාන විධායක නිලධාරී රොෂාන් රසූල් මේ පිළිබඳ සිය අදහස් දක්වමින් මෙලෙස පවසයි.  “දේශීය ව්‍යාපාරයන් සිඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින අතර වර්තමානයේ සමාගම් දැඩි තරඟකාරීත්වයකින් පසු වෙනවා. මෙහිදී දත්ත මත පදනම් වූ තීරණ ගැනීමට ඇති හැකියාව ව්‍යාපාරයන් හි ප්‍රධානතම වත්කමක් වන අතර, තරඟකාරීත්වය හමුවේ ක්‍රියාකාරීව සිටීමට මෙය ඉතා ඉවහල් වෙනවා. SLT හරහා AI සේවාවක් ලෙස දියත් කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට සිදු වූ බව කිව යුතුයි. එසේම ප්‍රමුඛ ආයතනයක් වන Micro strategy හා Whiteklay හා එක්ව සොෆ්ට්ලොජික් IT මෙලෙස ඇතිකර ගත් සුවිශේෂී හවුල්කාරීත්වය හරහා දේශීය ව්‍යාපාරයන් හට  AI තුළ නවෝත්පාදන සිදුකිරීමේ අවස්ථාව හිමි වනවා. බහු මූලාශ්‍රවලින් දත්ත ඒකාබද්ධ කිරීම, මධ්‍යගත දත්ත කළමනාකරණය හා දත්ත විද්යාඥයෙක් සහ කර්මාන්ත විශේෂඥයෙක්ගේ අනුදැනුම ඇතුව ක්‍රියාත්මක වන දත්ත විශ්ලේෂණය මේ හරහා පාරිභෝගිකයින්ට හිමිවන ප්‍රධාන සේවා වනවා. AI භාවිත කරන දේශීය ව්‍යාපාරවලට ව්‍යාපාර ආශ්‍රිත ප්‍රතිඵල වැඩි දියුණු කළ හැකි දත්ත පදනම් කරගත් තීරණ ගැනීම සඳහා දත්ත විශ්ලේෂණ භාවිතය තුළින් සුවිශේෂී වාසි හිමිවෙන බව කිව යුතුයි. ඵලදායී අලෙවිකරණය, නව ආදායම් අවස්ථා, පාරිභෝගික පුද්ගලීකරණය සහ වැඩි දියුණු කළ මෙහෙයුම් කාර්යක්ෂමතාව මෙමගින් ලැබෙන ප්‍රතිලාභ වේ. ඵලදායී උපාය මාර්ගයක් සමඟ ඒකාබද්ධව, මෙම ප්‍රතිලාභ මඟින් එහි ප්‍රතිවාදීන්ට වඩා තරඟකාරී වාසි ලබා දිය හැකිය.”

මේ පිළිබඳ වැඩිදුර විස්තර www.softlogicit.lk  වෙතින් ලබාගත හැකිය.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව