සිය වේගවත් තාක්ෂණික නවෝත්පාදනය උදෙසා HNB, LankaPay Technovation සම්මාන උළෙලේදී සම්මාන හතරක් දිනා ගනී

Image 02

 



 

 

 

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා පැවති 2022 LankaPay Technnovation සම්මාන උළෙලේ දී සම්මාන හතරක් දිනා ගනිමින් සිය විශිෂ්ටත්වය නැවතත් පෙන්නුම් කළේය.

මූල්‍ය ඇතුළත් කිරීම් සඳහා වන වසරේ කීර්තිමත් බැංකුව සහ පාරිභෝගික පහසුව සඳහා වූ වසරේ විශිෂ්ටතම බැංකුව යන සම්මානවලින් HNB මෙහිදී පිදුම් ලැබීය. ප‍්‍රමුඛයන් සහ නව්‍ය ඩිජිටල් ගෙවීම් විසඳුම් ප‍්‍රවර්ධකයන් ඇගයීම සඳහා LankaClear විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී පැවැත්වුණු අතර ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එම සම්මාන උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. තවද තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්, ජයන්ත ද සිල්වා, විනිසුරු මඩුල්ලේ සභාපති, ඕෂද සේනානායක සහ LankaClear සභාපති ආචාර්ය කෙනත් ද සිල්වා යන මහත්වරුන් සහ මෙරට මුල්‍ය ආයතනවල නියෝජිතයින් ද මෙම උළෙල සඳහා එක්ව සිටියේය.

මෙම ජයග‍්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ ”ශ‍්‍රී ලංකාව ඩිජිටල් වශයෙන් සවිබල ගැන්වීම වෙනුවෙන් ඇගයීමට ලක් වූ සියලූම ජයග‍්‍රාහකයින්ට සහ නාම යෝජනා වූ ආයතනවලට අප පළමුව සුබ පතන්නවා. මෙවැනි කීර්තිමත් සම්මාන උළෙලකදී නව්‍ය ඩිජිටල් ගෙවීම් විසඳුම් සඳහා සහාය දැක්වීමට අපගේ මුලපිරීම් තිබීම ගැන ද අප සතුටු වෙනවා.”

”වසංගත කාලයේ සිටම මුදල් රහිත සහ භෞතික සම්බන්ධතා රහිත ගෙවීම් ක‍්‍රමවේදයකට ප‍්‍රවේශ වීමට පාරිභෝගිකයින් ඩිජිටල් ලෙස සවිබල ගැන්වීම සඳහා අපි වෙහෙස නොබලා කටයුතු කළා. රට පුරා ගෙවීම් විසඳුම් ඩිජිටල්කරණය කිරීමට සහාය දුන් කැපී පෙනෙන ආයතනයක් වන LankaPay, ශ්‍රී ලංකාව තවදුරටත් ඩිජිටල් වශයෙන් සවිබලගැන්වීමේ HNB හි මෙහෙවර ඇගයීමට ලක් කර තිබෙනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

පාරිභෝගික පහසුව සඳහා වන වසරේ විශිෂ්ටතම බැංකුව සහ මූල්‍ය ඇතුළත් කිරීම් සඳහා වන කාණ්ඩයේ වසරේ බැංකුව සඳහා වන රන් සම්මාන දිනා ගැනීමට අමතරව ‘විශිෂ්ටතම ඩිජිටල් ගෙවීම් උපායමාර්ගය සඳහා වසරේ මුල්‍ය ආයතනය’ සඳහා වන රිදී සම්මානය ද, මෙම වසරේ ‘අන්තර් බැංකු ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටත්වය (බැංකු ආයතන) – සමස්ත සම්මානය’ සඳහා ලෝකඩ සම්මානය ද දිනා ගැනීමට HNB සමත් වීම මෙහිදී විශේෂයෙන් කැපී පෙනිණි.

මෙරට ගෙවීම් තාක්ෂණ නවෝත්පාදනවල පුරෝගාමීන් ඇගයීමට ලක් කිරීමේ අරමුණින් 2017 වසරේ දී LankaPay Technnovation සම්මාන උළෙල ආරම්භ කරන ලදී.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − six =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව