HNB සමන්තුරෙයි පාරිභෝගික ඒකකය අතිනවීන පහසුකම් සහිතව නව නිවහනකට

Webp.net-resizeimage

 



 

 

 

අම්පාර දිස්ත‍්‍රික්කයේ සමන්තුරෙයි ව්‍යාපාරික ප‍්‍රජාව වෙනුවෙන් බැංකු පහසුකම් තවත් ශක්තිමත් කරමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය සමන්තුරෙයි පාරිභෝගික ඒකකය අංක 69, හාජිරා පාර, සමන්තුරෙයි යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි නව නිවහනකට පසුගියදා ගෙන යන ලදී.

සෑම සතියේ දිනකම පෙ.ව. 9 සිට පස්වරු 3 දක්වා ව්‍යාපාරික කටයුතු සඳහා සමන්තුරෙයි නව පාරිභෝගික ඒකකය විවෘතව පවතී. වඩාත් ඉඩ පහසුකම්වලින් සපිරි මෙම නව පරිශ‍්‍රය ඩිජිටල් ගෙවීම් පහසුකම් සහිත විවිධ බැංකු සේවා රැුසකින් ද සමන්විත වේ. HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සන්ෙඡ් විජේමාන්න, සමන්තුරෙයි ප‍්‍රාදේශීය ලේකම් එස්.එල්.එම්. හනීෆා, HNB වාණිජ බැංකු කටයුතු (Wholesale Banking) පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දමිත් පල්ලෙවත්ත, HNB ඉස්ලාමීය බැංකු කටයුතු ප‍්‍රධානී හිෂාම් අලී යන මහත්වරුන් ගේ සහභාගීත්වයෙන් මෙම නව පාරිභෝගික ඒකකය ජනතාව උදෙසා විවෘත කෙරිණි.

”පසුගිය වසර කිහිපය තුළ සිදු වූ කැපී පෙනෙන සංවර්ධනය අපි දුටුවා. එය අම්පාර දිස්ත‍්‍රික්කයේ වඩාත්ම ඉල්ලූමක් ඇති ප‍්‍රදේශයක් බවට පත් කර ඇති සමන්තුරෙයි ජනතාවගේ ව්‍යවසායකත්වය පිළිබඳ සැලකිය යුතු උනන්දුවක් පෙන්නුම් කරනවා. ප‍්‍රදේශයේ පාරිභෝගික, ආයතනික සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හරහා අපගේ පාරිභෝගික පදනම සමඟ අත්වැල් බැඳ ගනිමින් ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට කටයුතු කිරීමට ලැබීම අප සැබවින්ම භාග්‍යයක් කොට සලකනවා.” යනුවෙන් HNB පාරිභෝගික, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සන්ෙඡ් විජේමාන්න මහතා පැවසුවේය.

HNB Payfast, HNB MOMO, HNB Solo, HNB AppiGo වැනි ඩිජිටල් වේදිකා සහ විවිධාකාර ඩිජිටල් පහසුකම් සහිත ගෙවීම් වේදිකා හරහා HNB ප‍්‍රදේශය තුළ සිය බැංකු සේවාවන් ශක්තිමත් කරමින් දියුණු වෙමින් පවතින ව්‍යාපාරික ප‍්‍රජාවට පහසු හා ඩිජිටල් ලෙස වැඩිදියුණු කළ බැංකු සේවා සපයයි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව