එයාර්ටෙල් සිය නවතම 4G ජාලය සම්පූර්ණයෙන්ම නොමිලේ අත්විඳීමට පරිශීලකයින්ට ආරාධනා කරයි

Webp.net-resizeimage

 



 

 

 

එයාර්ටෙල් ලංකා සිය නවතම වැඩිදියුණු කරන ලද වේගවත් සහ වඩාත් ප‍්‍රබල 4G ආවරණ ජාලය සමඟින් මෙම වසර අවසාන උත්සවශ‍්‍රීය තව තවත් උද්දීපනය කර ඇත. මේ වන විට එයාර්ටෙල් සමඟ සම්බන්ධ වී නොමැති පරිශීලකයින්ට එහි කිසිදු ගාස්තුවකින් තොරව මෙම පළමු 4G ජාල අත්දැකීම ලබා ගැනීමට ඔවුන් ආරාධනා කර සිටී.

”මෙම අලූත් අවුරුද්දේ අපට අවශ්‍ය වූයේ අපගේ අපේක්ෂිත 4G ජාලය සමඟින් සෑම කෙනෙකු වෙනුවෙන්ම පුළුල් අවස්ථා වෙත දොරගුලූ විවර කිරීමටයි. මේ අලූත් අවුරුද්දේ දී බාධා වලින් තොර ජාල අත්දැකීමක් ඔබ වෙත සමීප වීම සෑම දෙනාටම ආශිර්වාදයක්! එයාර්ටෙල් හි නව 4G ජාල පහසුකම අත්විඳීම සඳහා අපි ඔබ සැමට ආරාධනා කරන අතර ඔබ සැමට පී‍්‍රතිමත් නත්තලක් සහ සුබ නව වසරක් ප‍්‍රාර්ථනා කරනවා!” යනුවෙන් එයාර්ටෙල් ලංකා ප‍්‍රධාන විධායක නිළධාරී/කළමනාකාර අධ්‍යක්ෂ අශීෂ් චන්ද්‍රා මහතා පැවසුවේය.

මෙම පිරිනැමීම සුදුසුකම් ලත් පරිශීලකයින්ට, එනම් මීට ඉහතදී ද එයාර්ටෙල් සම්බන්ධතාවයක් පැවති පිරිසට – එයාර්ටෙල් හි 4G ජාලය සහ අගය මත පදනම් වූ Freedom Packs පිළිබඳ පළමු අත්දැකීම තිළිණ කරයි. ඔවුන්ට ඔවුන්ගේ පැරණි එයාර්ටෙල් සිම් පත ජංගම දුරකතනයකට යොදා ‘123’ dial කර දින හතක් දක්වා නොමිලේ ඇමතුම් සහ 4G ඬේටා ඇතුළුව ආකර්ෂණීය වට්ටම් සහිත දීමනා ලබා ගත හැකිය.

සාම්ප‍්‍රදායික රීලෝඞ් හා සසඳන විට හතරගුණයක් දක්වා වේගවත් අන්තර්ජාල අත්දැකීමක් සමඟින් ඉහළ පරිශීලක අත්දැකීමක්, සියයට 50කට වඩා හොඳ ගෘහස්ථ ආවරණයක් සහ 80%ක් දක්වා විශාල ඉතිරියක් සහතික කරමින් එයාර්ටෙල් ලංකා සිය නව්‍යකරණය කළ 4G ජාලයේ සහ Freedom Packs වල සහතික කළ ක‍්‍රියාකාරීත්වයක් ඔබ වෙත සමීප කරයි. සුපිරි ස්මාර්ට් ජංගම දුරකතන අත්දැකීමක් පාරිභෝගිකයා වෙත ලබා දීමට එයාර්ටෙල්හි වැඩිදියුණු කළ 4G ජාලය පුළුල් ආවරණයක් සහ ධාරිතාවකින් යුතුව කදිම සුසංයෝජනයක් ලබා දෙයි.

පසුගිය වසර පුරාවට එයාර්ටෙල් ලංකා සිය 4G ජාලය නව්‍යකරණය කිරීමට සහ ශක්තිමත් කිරීමට මුළු රටම ආවරණය වන පරිදි සිය ප‍්‍රයත්නයන් වේගවත් කර පාරිභෝගිකයින්ගේ අපේක්ෂාවන් සපුරාලීමට සහ ඉතා පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි ජංගම අන්තර්ජාල අත්දැකීමක් පිරිනැමීමට කටයුතු කරන ලදී. මේ වන විට එයාර්ටෙල් හි 4G ජාලය සහ වටිනාකම කේන්ද්‍ර කරගත් Freedom Packs සෑම තරාතිරමකම පරිශීලකයින්ගේ විශ්වාසය දිනා ඇත. සෑම ශ‍්‍රී ලාංකිකයෙකුටම හොඳම ජාල අත්දැකීමක් සඳහා දැරිය හැකි ප‍්‍රවේශයක් ලැබිය යුතු බව සමාගම විශ්වාස කරන අතර එයාර්ටෙල් ලංකා එහි දිනෙන් දින වර්ධනය වන පරිශීලක පදනමෙහි අභිලාශයන් වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව