HNB පාදුක්ක පාරිභෝගික ඒකකය අතිනවීන පහසුකම් සහිතව නව නිවහනකට

Image 02

 




 

 

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පාදුක්ක ප‍්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින ව්‍යාපාරික ප‍්‍රජාවට වඩාත් ප‍්‍රශස්ත බැංකු සේවා සැපයීම අරමුණු කරමින් සිය පාදුක්ක පාරිභෝගික ඒකකය අංක 51, හොරණ පාර, පාදුක්ක යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි නව නිවහනකට පසුගියදා ගෙන යන ලදී.

මෙම පාරිභෝගික ඒකකය විවෘත කිරීමේ උත්සවයට HNB පාරිභෝගික හා SME බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සන්ජේ විජේමාන්න, HNB ජාල කළමනාකරණ ප‍්‍රධානී සහ ව්‍යාපාර ප‍්‍රවර්ධන සුපුන් ඩයස්, HNB කලාපීය ව්‍යාපාර ප‍්‍රධානී-නිරිත, මහින්ද සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ බැංකු නිළධාරීන් සහභාගී විය.

වසර ගණනාවක් තිස්සේ මෙම ප‍්‍රදේශයේ නැගී එන ව්‍යාපාර සහ පාරිභෝගිකයින් සමඟ බැංකුව පවත්වාගෙන යන සුවිශේෂී සබඳතා පිළිබඳව අදහස් දක්වන HNB පාරිභෝගික හා SME බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සන්ජේ විජේමාන්න මහතා ”ව්‍යාපාරික කටයුතු සාර්ථකව සිදු කිරීමට පාදුක්ක ප‍්‍රදේශයේ ඇති සුවිශේෂී පිහිටීම අප දුටුවා. එමඟින් මෙම ප‍්‍රදේශය වඩාත් ඉල්ලූමක් ඇති ස්ථානයක් බවට පත්ව තිබෙනවා. මෙම ප‍්‍රදේශයේ සිටින පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කටයුතුවල නිරත අපගේ ගනුදෙනුකාර පදනම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙන බව මෙහිදී සතුටින් සඳහන් කිරීමට කැමතියි. පාදුක්ක ප‍්‍රදේශයේ ජනතාවගේ සිහින සැබෑ කර ගැනීම සඳහා ඔවුන් සමඟ අපට හවුල් වීමට ලැබීම සැබවින්ම භාග්‍යයක් ලෙස සලකනවා. මෙම නව නිවහන අනාගතයේදී අපගේ ගනුදෙනුකාරභවතුන්ට වඩාත් පහසු කාර්යක්ෂම හා මනා විධිමත් කරන ලද බැංකු සේවා සැපයීමේ අපගේ අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරන කදිම සාක්ෂියක් ලෙස පෙන්වා දිය හැකියි.” යනුවෙන් පැවසුවේය.

වඩාත් ඉඩ පහසුකම් සපිරි බැංකුවේ මෙම නව පරිශ‍්‍රය බැංකු කාර්ය මණ්ඩලය සමඟ ගනුදෙනුකාරභවතුන්ගේ සබඳතාව දැඩි ලෙස වැඩි කර ගනිමින් ඉක්මන් ගනුදෙනු කටයුතු කිරීම් සමඟින් ඔවුන්ගේ අත්දැකීම් සරල කිරීම සඳහා ප‍්‍රතිනිර්මාණය කර ඇත. පාදුක්ක සහ ඒ අවට ප‍්‍රදේශවල ගනුදෙනුකරුවන්ට බැංකු සේවා සඳහා නව ආදර්ශයක් ලබා දීම වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙම නවීන පාරිභෝගික ඒකකය සතියේ සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා ව්‍යාපාරික කටයුතු සඳහා විවෘතව පවතී.

පාදුක්ක නව පාරිභෝගික ඒකකය HNB හි අද්විතීය විචක්ෂණභාවය සහ උපාය මාර්ගික වශයෙන් පරිතනය වීම මෙන්ම ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින HNB වෙළෙඳ නාමය පිළිබඳ පැහැදිලි සාක්ෂියකි. මාස ගණනාවක් පුරා ගනුදෙනුකරුවන්ගේ අදහස් යෝජනා ප‍්‍රවේශමෙන් සැලකිල්ලට ගනිමින් සකස් කර ඇති මෙම පාරිභෝගික ඒකකයේ මෙහෙයුම් ආකෘතිය පුළුල් කිරීම සඳහා බැංකුව එඩිතර පියවර රැසක් ගෙන ඇත.

හොඳින් පුහුණු වූ, කැප වූ කාර්ය මණ්ඩලයේ සහාය සමඟින් ප‍්‍රතිනිර්මාණය කරන ලද නව මෙහෙයුම් ආකෘතිය හරහා ක‍්‍රියාත්මක වන ක‍්‍රියාවලීන්ට සහාය වන පරිදි මෙම ඒකකයේ පෙනුම සහ පරිසරය වෙනස් වී ඇත. නව සංකල්පය මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ පාරිභෝගිකයින්ට HNB පිරිනමන සෑම සේවාවක්ම භුක්ති විදීමට වැඩි අවස්ථාවක් ලබා දීමටයි. විවේකාගාර, වාඩි වී සිටිය සිටින ස්ථාන මෙන්ම self-help කුටි සහ නවීන තාක්ෂණයෙන් යුත් ඩිජිටල් තිරවලින් ද මෙම නව පාරිභෝගික ඒකකය සමන්විත වේ.

HNB Payfast, HNB MOMO, HNB Solo, HNB AppiGo වැනි ඩිජිටල් වේදිකා සහ විවිධාකාර ඩිජිටල් පහසුකම් සහිත ගෙවීම් වේදිකා හරහා HNB ප‍්‍රදේශය තුළ සිය බැංකු සේවාවන් ශක්තිමත් කරමින් දියුණු වෙමින් පවතින ව්‍යාපාරික ප‍්‍රජාවට පහසු හා ඩිජිටල් ලෙස වැඩිදියුණු කළ බැංකු සේවා සපයයි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + seventeen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව