SLT-MOBITEL වෙතින් 2021 ‘ජාත්‍යන්තර පාරිභෝගික සේවා සතිය’ වෙනුවෙන් විශේෂ දීමනා පෙළක්

Picture

 




 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ‘Power of Service’ යන තේමාව යටතේ 2021 ‘ජාත්‍යන්තර පාරිභෝගික සේවා සතිය’ සමරමින් පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ දීමනා පෙළක් හඳුන්වා දීමට කටයුතු කරන ලදී.

ලොව පුරා සමරනු ලබන පාරිභෝගික සේවා සතියෙහි අරමුණ වන්නේ දිනපතා පාරිභෝගික ජනතාව වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකරන්නා වූ පාරිභෝගික සේවාවෙහි අගය සැමරීම ය. එමෙන්ම මෙහිදී පාරිභෝගිකයන් වෙත කෘතඥතාව පිරිනැමීමත්, පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් කැපවන්නා වූ පාරිභෝගික සේවා කාර්ය මණ්ඩල වල කාර්යභාරය ඇගයීමත්, පාරිභෝගික සේවාව සම්බන්ධ අත්දැකීම් අනෙකුත් පාර්ශ්වකරුවන් සමග හුවමාරු කරගැනීමත් සිදුකෙකෙරේ.

‘The Power of Service’ යන තේමාව, මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් SLT-MOBITEL සතු ශක්තිය හා ප්‍රමුඛත්වය නිරූපණය කරයි. ජාතික මට්ටමින් ආදරය හා විශ්වාසය දිනූ සන්නාමයක් වශයෙන් SLT-MOBITEL ඉතාමත් විධිමත් හා වෘත්තීය මට්ටමේ පාරිභෝගික සේවාවක් පිරිනමන අතර, තමන් සමග ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් මෙන්ම, තම සේවාවන් පිළිබඳව ප්‍රතිචාර ලබාදෙමින් එම සේවාවන් වැඩිදියුණු කිරීමට දායකත්වය ලබාදීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන් අගය කිරීමටද නිරන්තරයෙන් පියවර ගනී.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 + three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව