8GB RAM සහිත Nova 5T සමඟ විශ්මිත අත්දැකීමක්

Nova 5T

ජංගම දුරකථන තාක්ෂණයේ නවොත්පාදකයා මෙන්ම අවම මිළකට පාරිභෝගිකයා වෙතට උසස්තම ආකාරයේ ජංගම දුරකථන අත්දැකීමක් ලබා දීමෙහිලා පුරෝගාමී ආයතනයක් වන Huawei විසින් සිය flagship මාදිලියෙහි විශේෂාංග ඇතුළත් Nova 5T ස්මාර්ට් ජංගම දුරකථනය පසුගියදා එළි දැක්විය.

Nova 5T, එහි ඇති සුවිශේෂී විශේෂාංග හේතුවෙන් අද වන විට ගෝලීය වශයෙන් විශාල ආකර්ශනයක් හිමි කර ගෙන ඇති අතර, එහි ඇති 8GB මතක ධාරිතාවය බොහෝ දෙනුකුගේ සුවිශේෂී අවධානයකට ලක් වේ. මෙහිදී විශේෂම කරුණ නම්  8GB RAM සහිත ප්‍රථම light flagship වර්ගයේ ස්මාර්ට් දුරකථනය Nova 5T වීමයි.

Mobile gaming සඳහා ප්‍රිය කරන බොහෝ දෙනා අතර 5T ඉතා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි භාවිතා කර ඇති වැඩි දියුණු කල GPU Turbo 3.0 තාක්ෂණය හේතුවෙන්ය. මෙමඟින්කිසිදු ප්‍රමාදයකින් තොරව, වීඩියෝ ක්‍රීඩාවල නිරත වීමටද Nova 5T භාවිත කරන්නන්ට ඉඩ හිමි වේ.

Nova 5T තුළ භාවිත කර ඇති EMUI 9.1 තුළින් සියයට 59ක වේගයකින් යෙදුම් (Applications) launch කිරීමේ හැකියාවසහ සියයට 57කට තව දුරටත් සුසිනිදු UI මෙහෙයුම් හැකියාව පාරිභෝගිකයාට හිමි වේ. Nova 5T හි  8GB RAM සහ  128GB ROM සමගින් පාරිභෝගිකයාට කිසිඳු අවහිරතාවයකින් තොරව App භාවිත කිරීම සිදු කල හැකි අතර Nova 5T සඳහා භාහිර  මෙමරි කාර්ඩ් භාවිත කිරීමේ හැකියාව සහ Cloud Memory  හේතුවෙන් භාවිත කරන්නාට තවත් විශාල ප්‍රමාණයේ ගොනු සහ යෙදවුම් භාවිත කිරීමේ හැකියාව හිමි වේ.

Crush Blue, Black සහ Midsummer Purple යන වර්ණ තුනකින් පාරිභෝගිකයා වෙතට එන Huawei Nova 5T, වඩාත් අලංකාර පෙනුමකින්දයුක්ත වේ.  රුපියල් 69,999.00 හඳුන්වා දීමේ මිලකට එන Huawei Nova 5T, දැන් සියලුම Huawei Experience සෙන්ටර්ස්, දිවයින පුරා සිංගර් ප්‍රදර්ශනාගාර වලින්, Daraz.lk, WOW.lk, Dialog.lk හා Singer.lk වෙතින්ද මිලදී ගත හැකි වෙයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව