2025 වසරේ දෙසැම්බර් මාසයේ දී සමස්ත ඇඟලුම් අපනයන ආදායම 5.4%ක් බවට පත් වෙමින් 2025 වසරේ සමස්ත ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 5ක් බවට පත්වෙයි

JAAF Logo

ශ්‍රී ලංකාවේ ඇඟලුම් සහ නිමි ඇඳුම් අපනයනය 2025 වසරේ දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 447.1ක් බවට පත් වෙමින් පෙර වසරේ අදාල කාලසීමාව සමග සැසඳීමේදී අපනයන ආදායම 5.43%කින් වර්ධනය වූ අතර මෙම අගය පෙර වසරේදී ඩොලර් මිලියන 424.18ක් විය.

ඇඟලුම් අපනයනය කරනු ලබන ප්‍රධාන වෙළෙඳපොල වන ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානියට සිදු කල අපනයනයන්ගේ වර්ධනය පිලිවෙලින් පසුගිය වසර සමග සැසඳීමේදී ඩොලර් මිලියන 178.29ක් ( වර්ධනය 6.49%), ඩොලර් මිලියන 141ක්( වර්ධනය 6.76%), සහ ඩොලර් මිලියන 55.12ක් ( වර්ධනය 12.95%) ලෙස දැක්වීය. අනෙකුත් වෙළෙඳපොල ආශ්‍රිතව යම් පසුබෑමක් දක්නට ලැබෙන අතර එම අගය දැක්වුනේ ඩොලර් මිලියන 72.80 ක් ( අඩුවීම 4.06%) ලෙසටය. සමස්තයක් ලෙස 2024 වසරේ දෙසැම්බර් මාසය සමග සැසඳීමේදී 2025 දෙසැම්බර් මාසයේදී ඇඟලුම් අපනයනයන් හි වර්ධනය ඩොලර් මිලියන 23.03ක් විය.




2025 වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාල පරිච්ඡේදය තුල මෙරට අපනයන ප්‍රමාණය 5.42%කින් වර්ධනය වෙමින් ඩොලර් මිලියන 5,019.20ක් බවට පත් වූයේ මෙය ඊට පෙර වසරේ මෙම කාලසීමාව තුල ලැබූ ඩොලර් මිලියන 4,761ක් සමග සැසඳීමේදීය. මේ අනුව වාර්ෂික පදනම යටතේ ගනනය කරන විය ඩොලර් මිලියන 258.18කින් මෙරට අපනයන ආදායම වර්ධනය වී ඇත. ඇඟලුම් සහ රෙදිපිලි අපනයන ගත් විට ඒම අගය ඩොලර් මිලියන 526.33ක් වූ අතර මෙම අගය සමග සමස්ත අපනයන ආදායම ඩොලර් මිලියන 5,505ක් බවට පත් ව තිබේ.

වෙළෙඳපොල තත්වයන්ට අනුව යුරෝපා සංගමය වෙත සිදු කල සමස්ත අපනයනයන් පසුගය වසරේ දැක්වුනේ ඩොලර් මිලියන 1,401.50 සිට ඩොලර් මිලියන 1,576.39 දක්වා වැඩි වූ අතර මෙහි වර්ධනය 12.48%කි. ඇමරිකා ඒක්සත් ජනපදය සමග සිදු කරන අපනයන වටිනාකම ඩොලර් මිලියන 1906.33 සිට 1947.37 දක්වා 2.15කින් වර්ධනය වී ඇත. මේ අතර ඒක්සත් රාජධානිය සඳහා සිදු කල අපනයනයන්ගේ වටිනාකම ඩොලර් මිලියන 674. 70 සිට ඩොලර් මිලියන 769.66 දක්වා 0.74%කින් වර්ධනය වී ඇත. අනෙකුත් වෙළෙඳපොල සඳහා සිදු කල අපනයන වටිනාකම ගෙන බැලීමේදී මෙම අගය ඩොලර් මිලියන 778.70 සිට ඩොලර් මිලියන 679.66ක් දක්වා 4.80%කින් වර්ධනය විය.

දෙසැම්බර් මාසය අවසනදි මෙරට ඇඟලුම් අපනයන ආදායමෙන් 71%ක් ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපා සංගමයෙන් හිම ව ඇත. වාර්ෂික පදනම යටතේ මෙම වෙළෙඳපොල කොටසේ සැලකිය යුතු වර්ධනයක් ද ඇති බව පෙනී යයි.

මේ පිලිබඳව අදහස් දක්වමින් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පැවසුවේ “ 2025 වසර අවසන් වන විට ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 5 පසු කිරීම තුල සාම්ප්‍රදායික වෙළෙඳපො තුල මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ ශක්තිය මැනවින් පිලිබිඹු කෙරෙන අතර අමරිකා එක්සත් ජනපදය සහ ඒක්සත් රාජධානියේ වෙළෙඳපොල තත්වය ද වඩාත් සුවිශේෂි වෙනවා. නමුත් සාම්ප්‍රදායික නොවන අපනයන වෙළෙඳපොල තුල ඇති තිබෙන පසුබෑම අප වහා තේරුම් ගෙන ඒ සඳහා අවශ්‍ය පිලියම් යෙදීම වැදගත් වන්නේ විවිධාංගීකරණය වූ වෙළෙඳපොලක් පැවතීම කර්මාන්තයේ තිරසර පැවැත්ම සඳහා අතිශය වැදගත් වන බව පෙනීයන බැවින් මේ සඳහා ඉදිරි ප්‍රමුඛතාවන් ලබා දීමට කටයුතු කරන බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයෙහි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසීය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − 17 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව