කොමර්ෂල් බැංකුව 2024 ජාතික ගුණාත්මක මෘදුකාංග විශිෂ්ටතා (NBQSA) සම්මාන උළෙලේ දී රන් සම්මානයක් දිනා ගැනීමට සමත් වී ඇත.
ගනුදෙනුකරුවන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ආයතනික සේවාදායකයින් සඳහා සේවා සපයන බැංකුවේ ප්‍රමුඛතම ඩිජිටල් නාලිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ මෙම රන් සම්මානය දිනා ගනු ලැබුවේ ඉහළ තරඟකාරීත්වයක් සහිත ‘බැංකු, රක්ෂණ සහ මූල්‍ය අංශයේ පාරිභෝගික’ කාණ්ඩය යටතේ ය.
මෙම ජයග්‍රහණයට සමගාමීව කෘතිම බුද්ධිය මඟින් දැනුම් සහකරුවෙක් ලෙස ක්‍රියාත්මක වන, බැංකුවේ 3000කට අධික ශාඛා කාර්ය මණ්ඩලයට ඉන්ට්‍රානෙට් ජාලය වෙතින් අවශ්‍ය තොරතුරුවල ක්ෂණික ප්‍රවේශයක් ලබාදෙන ‘Jimi GPT’ වෙනුවෙන් එම කාණ්ඩයේම කුසලතා සම්මානයක් හිමි කර ගැනීමට බැංකුව සමත් විය.
‘කොම්බෑන්ක් ඩිජිටල්’ විසින් දිනා ගත් මෙම සම්මානය පිළිබඳ අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන තොරතුරු නිළධාරී සුමුදු ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. “ජාතික ICT සම්මානය දිනා ගැනීම කොම්බෑන්ක් ඩිජිටල් මඟින් ගණුදෙනුකරුවන්ට සුවිශේෂී අත්දැකීමක් ලබා දීමේ සාර්ථකත්වයට ප්‍රබල සාක්ෂියකි. අපගේ මෙම යෙදවුම මඟින් ගණුදෙනුකරුවන්ට අසමසම පහසුවක් සහ ආරක්ෂාවක් සපයන අතර ගණුදෙනුකරුවන්ගේ මුදල් පහසුවෙන් කළමණාකරණය කිරීමේ හැකියාව බල ගන්වයි. මෙම හඳුනාගැනීම කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් බැංකුකරණය සඳහා නව්‍යකරණයන් සහ නව ප්රමිතීන් සැකසීමටත් අපගේ ගණුදෙනුකරුවන්ට හැකි සෑම අවස්ථාවකම හොඳම මෙවලම් සහ සේවාවන් වෙත ප්‍රවේශ කිරීමටත් අපව දිරිමත් කරයි. අපගේ ගමනේ සැබෑ සන්ධිස්ථානයක් වන මිලියන 1.5 වන පරිශීලකයින්ව වේදිකාව වෙත සාදරයෙන් පිළිගැනීමට ලඟා වන අවස්ථාවේ මෙය තවත් උද්යෝගකාරී වනවා.”
ශ්‍රී ලංකාව තුළ වැඩිපුරම භාවිතා වන ඩිජිටල් බැංකුකරණ වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ මසකට මිලියන 5කට අධික ගණුදෙනු සිදු කරයි. කොම්බෑන්ක් ඩිජිටල් ප්‍රතිචාරාත්මක වෙබ් යෙදවුමක් සහ දේශීය ජංගම යෙදවුම් තුනක් (iOS, Android සහ Huawei) මඟින් පිරිනැමෙන අතර ඩෙස්ක්ටොප් පරිගණක, ලැප්ටොප් පරිගණක, ටැබ් පරිගණක සහ ස්මාර්ට් ජංගම දුරකථන වැනි සියලුම උපාංග හරහා බැංකු අවශ්‍යතා, ධන ආයෝජන, ගෙවීම් සහ ජීවන රටා වැනි අංගයන්ට ප්‍රවේශ වීමේ පහසුකම පිරිනමා ඇත.
මේ අතර ‘Jimi GPT’ වෙත පිරිනමන ලද කුසලතා සම්මානය ‘Gen Z’ බැංකු සේවකයින් සඳහා වැඩ පරිසරය නිර්මාණය කරන අතරම මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කරමින් උපුටා ගත් තොරතුරුවල නිරවද්‍යතාවය සහ බාගත කිරීමේ කාලය වේගවත් කරයි. එමෙන් ම ශාඛා කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය තොරතුරු වෙත ප්‍රවේශ වීමේ කාලය ‘Jimi GPT’ විසින් තත්පර 30 දක්වා අඩුකර ඇත.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.