2022 මුල් මාස හතර තුළ මිලියනපතියන් හතරදෙනෙක් බිහි කිරීමට කොමර්ෂල් බැංකුවෙන් පේ‍්‍රෂණ ප‍්‍රවර්ධන වැඩසටහනක්

commercial-1

තවත් පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන් 40කට මුදල් ත්‍යාග

මාස හතරක් තුළ ක්ෂණික මිලියනපතියන් හතරදෙනෙකු බිහිකරමින් තවත් පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන් හතලිහකට රුපියල් මිලියනයක් වටිනා මුදල් ත්‍යාග පිරිනමන ‘Win a Million’ පේ‍්‍රෂණ ප‍්‍රවර්ධන වැඩසටහන සමඟ 2022 වර්ෂ ආරම්භය සනිටුවහන් කරන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. සෑම මසකම බැංකුව විසින් එක සුපිරි ජයග‍්‍රාහකයෙකු හට රුපියල් මිලියනයක් ලබා දෙන අතර තවත් වාසනාවන්ත ජයග‍්‍රාහකයන් 10 දෙනෙකුට සැනසිලි ත්‍යාග ලෙස රුපියල් 25,000 බැගින් පිරිනැමේ.

බැංකුවේ පේ‍්‍රෂණ සේවාව ‘ComBank Remit Plus’ හරහා මුදල් ලබන්නන් ස්වයංක‍්‍රීයව මෙම දිනුම් ඇදීමට ඇතුළත් වේ. ප‍්‍රවර්ධන කාලසීමාව තුළ කොමර්ෂල් බැංකු ගිණුමකට සෘජුවම පේ‍්‍රෂණ ලබන සෑම ගනුදෙනුකරුවෙක්ම සහ තමන්ට සමීප කොමර්ෂල් බැංකු ශාඛාවකින් පේ‍්‍රෂණ කළ මුදල් ලබා ගන්නා සෑම පාරිභෝගිකයෙක්ම මෙම දිනුම් ඇදීමට ඇතුළත් වීමට සුදුසුකම් ලබති.

මෙම මුදල් ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාවට අමතරව, බැංකුව හරහා එවන සියලූ විදෙස් සේවක පේ‍්‍රෂණ සඳහා, 2022 ජනවාරි 31 වැනිදා දක්වා පරිවර්තනය කරන සෑම එක්සත් ජනපද ඩොලරයක් සඳහාම පවතින විනිමය අනුපාතයට වඩා රුපියල් 10/-ක අමතර මුදලක් ලබා දෙන බව බැංකුව පවසයි.

ජයග‍්‍රාහකයන්ගේ විස්තර බැංකුවේ සමාජ මාධ්‍ය වේදිකාවල මෙන්ම බැංකුවේ Remit Plus ඇප් එක හරහා ද ප‍්‍රකාශයට පත් කරන බව බැංකුව පවසයි.

පේ‍්‍රෂණ ක්ෂේත‍්‍රයේ ශ‍්‍රී ලංකාවේ ඉතාමත් සක‍්‍රීය බැංකුවක් වන කොමර්ෂල් බැංකුව සතු දිවයින පුරා විහිදුණු ශාඛා 268 කින් යුතු ජාලය ප‍්‍රධානතම ශක්තියක් වන අතර එම ශාඛාවන් කීපයක් රජයේ, බැංකු සහ වෙළෙඳ නිවාඩු දිනවල ගනුදෙනු සඳහා විවෘතව ඇත. එසේම, කොමර්ෂල් බැංකුවේ 931 ක් වන ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය ශ‍්‍රී ලංකාවේ තනි පුද්ගලික වාණිජ බැංකුවක් සතු මුදල් නිකුත් කිරීමේ විශාලතම ජාලය වේ. කොමර්ෂල් බැංකුවට පේ‍්‍රෂණ එවන ගනුදෙනුකරුවන්ට නිවාඩු දින බැංකු මධ්‍යස්ථාන සහ සුපිරි වෙළඳසැල් බැංකු කවුළු, පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන් සඳහාම වෙන්වූ පාරිභෝගික සහාය ඇමතුම් මධ්‍යස්ථානයක් සහ පේ‍්‍රෂණ පැමිණ ගෙවීමට සූදානම් බව දන්වන කෙටි පණිවුඩයක් ඇතුළු සේවාවන් ලබාගැනීමේ අවස්ථාවද හිමිවේ.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුවයිග ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − seventeen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව