2019 SLIM Brand Excellence සම්මාන උළෙලේදී ‘Online Brand of the Year’ (වසරේ හොඳම ඔන්ලයින් සම්මානය) සඳහා රන් සම්මානය දිනාගැනීමට mCash සමත්වෙයි.

Image-1

මොබිටෙල්හි ජංගම මූල්‍ය ප්‍රවේශය වන mCash ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේතම බලපරාක්‍රමය තවත් පතුරුවාලමින් මෑතකදී පැවැත්වූ 2019 දී පැවැත්වූ SLIM Brand Excellence සම්මාන උළෙලේදීිOnline Brand of the හැ්ර’ කාණ්ඩය යටතේ රන් සම්මාන දිනාගැනීමට සමත්විය.

පාරිභෝගිකයන්ට සුපිරි සුවපහසුවක් සැපයීම සඳහා අප්‍රතිහත ධෛර්යයෙන් කැපවෙන අලෙවිකරුවන්ගේ ජයග්‍රහණ සහ ඔවුන් වෙළඳපළ වෙනුවෙන් හඳුන්වාදෙන නව්‍ය ඉදිරිපත් කිරීම්වල සාර්ථකත්වය සැමරීම වෙනුවෙන් සන්නාමයන් ලබාගත් ජයග්‍රහණ ඇගයීමට SLIM Brand Excellence සම්මාන උළෙල සංවිධානය කරයි. සාමාන්‍ය මුදල් හුවමාරුව නව්‍ය මඟකට පරිවර්තනය කරමින් සිය පාරිභෝගිකයන්ට මූල්‍ය හුවමාරු ක්ෂේත්‍රයේදී ඉහළ සුවපහසුවක් ලබාදීම සඳහා ඔන්ලයින් ඩිජිටල් මූල්‍ය සේවා සපයන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින්නෙකු ලෙස mCash හැඳින්විය හැක. mCash ඩිජිටල් මූල්‍ය අවකාශය හරහා ලැබෙන්නාවූ පහසුව සහ විශ්වසනීයත්වයේ ප්‍රතිඵලයක් ලෙස එය ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියම ජංගම මූල්‍ය සේවා අවකාශය බවට පත්වී ඇත. පසුගිය මාසයේ දී සිය හයවැනි සංවත්සරය සමරන mCashල නව්‍යකරණය සහ සුවපහසුව තම පාරිභෝගිකයන්ට අත්කරදීම වෙනුවෙන් පසුගිය වසර පුරාම විවිධ සම්මානයන්ට පාත්‍රවිය. ශ්‍රී ලංකාවේ නව්‍ය ගෙවීම් තාක්ෂණ හඳුන්වාදීම් සඳහා වාර්ෂිකව පවත්වන සම්මාන උළෙලක් වන LankaPay Technnovation 2019 සම්මාන උළෙලේදී ‘Most Popular Electronic Payment Product’ රිදී සම්මානය ද හා මෑතකදී පැවති Slim Brand Excellence සම්මාන උළෙලේදී ‘Online Brand of the year’ ලෙස සිය විශිෂ්ටත්වය පෙන්නුම් කළේය.

ශ්‍රී ලංකාවේ විශාලතම ඩිජිටල් මූල්‍ය අලෙවි සේවා ජාලය හිමි mCash ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මූල්‍ය හුවමාරු ක්‍රමවේදය පරිවර්තනීය වෙනසක් සිදුකිරීම වෙනුවෙන් තම හැකියාවන් පුළුල් කිරීම උදෙසා උපායමාර්ගික අවබෝධතාවන් විවිධ පාර්ශව සමඟ ඇතිකරගනිමින් සිටී. මූල්‍ය සේවා අවකාශයේ ඩිජිටල් තාක්ෂණය පදනම් වූ නිෂ්පාදන හා සේවාවන්ගේ භාවිතාව වේගයෙන් වර්ධනය වන මොහොතක  ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට mCash විසින් LOLC මූල්‍ය ආයතනය සමඟ ඒකාබද්ධ වී ඩිජිටල් ණය ලබාගැනීමේ සේවාවක් mCash හරහා තම පාරිභෝගිකයන්ට හඳුන්වා දුන්නේය. පාරිභෝගිකයන්ට තම දුරකථනය හරහා ඉතාම පහසුවෙන් ණය ඉල්ලුම්කිරීමේ හැකියාව ලබාදෙන වෙළඳපළේ ඇති ප්‍රථම සහ එකම නව්‍ය ඩිජිටල් මූල්‍ය සේවා නිෂ්පාදනයක් ලෙස එය හැඳින්විය හැක. mCash ඩිජිටල් ණය සේවාව දැනටමත් ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රය තුළ අවධානය දිනාගෙන ඇති අතර මෑතකදී The International Business Magazine මඟින් 2018 ‘Best Digital Finance Partnership Sri Lanka’ සහ ‘Most Innovative Digital Financing Product Sri Lanka’ ලෙස mCash ඩිජිටල් ණය සේවාව සම්මාන ලබා ගැනීමට සමත්විය.

විවිධ කාර්යයන්ල සහයෝගීතා සහ නව්‍ය හඳුන්වාදීම් සිදුවූ කාර්ය බහුල වසරක් ලෙස පසුගිය වසර හඳුන්වා දියහැකි අතර එහිදී mCash විසින් රටේ සුප්‍රසිද්ධ මූල්‍ය සහ රක්ෂණ ආයතන සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කරමින් තම සේවාවන් පුළුල් කිරීමට කටයුතු කළේය. එ අතර Merchant Bank of Sri Lanka, HNB Finance සහ Sri Lanka Insurance Corporation (SLIC) සඳහා ගෙවීම් සහ මුදල් එකතුකරගැනීම සඳහා ඩිජිටල් අවකාශයේ නව්‍ය අවස්ථාවන් ලබාදීම සදහා සහයෝගීතාව යන්ට එළඹුණු අතර ශ්‍රී ලංකාවේ විප්ලවීය ජංගම මූල්‍ය ප්‍රවේශය ලෙස mCash ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ පුළුල් අවස්ථාවන් උදාකරදීම උදෙසා VISA සහ MASTER කාඞ් සඳහා උපායමාර්ගික සහයෝගීතා ගිවිසුම් අත්සන් කිරීමට යෙදිණි.

මෙම සහයෝගීතාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස නව සේවා සහ නිපැයුම් අත්විඳීම මෙන්ම ඒවායින් විශාල වාසි ලබාගැනීමට mCash පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙන අතර එයට සමගාමීව බහුවිධිතල සුවපහසු හා ආරක්ෂණ ජංගම මූල්‍ය සේවා ප්‍රවේශයක් ලෙස mCash විසින් සිය සේවා පුළුල් කරණයේ වරප්‍රසාද තම පාරිභෝගිකයන්ට ලබාගැනීමේ අවස්ථාව උදා කර දී තිබේ. mCash Business to Business (B2B) විසඳුම් මඟින් වෙළඳපළ සේවාවන් උඩුයටිකුරු කරමින් බැංකු, රක්ෂණ, මූල්‍ය සහ ගමනාගමන ආදී ක්ෂේත්‍රවල ගෙවීම් බලගන්වන ඩිජිටල් අවකාශයක් ලෙස ක්‍රියාත්මක වේ.

ජංගම දුරකථනය හරහා විශාල පරාසයක පැතිරුණු මූල්‍ය සේවාවන් රැසක් සිදුකරගැනීමට අවකාශ සලසන ප්‍රවේශයක් ලෙස mCash ක්‍රියාකරයි. එමගින් මුදල් තැන්පත් කිරීම, මුදල් ගැනීම, මුදල් යැවීම සහ ලබාගැනීම, එදිනෙදා බිල්පත් සහ ආයතනික බිල් ගෙවීම, සාප්පු ගෙවීම්, ඔන්ලයින් ගෙවීම්, පුණ්‍යාධාර සඳහා ප්‍රදානයන්, ඩිජිටල් ස්ථාවර නියෝග සහ B2B වෙළඳ විසඳුම් ආදී සේවාවන් ලබාදීම සිදුවේ. මෙම පහසුකම් සියල්ල ලබාගැනීම සඳහා ඔබේ ජංගම දුරකථනයෙන් #111# අමතා mCash සේවාව සදහා ඉතාම පහසුවෙන් ලියාපදිංචි වී mCash ගිණුමක් භාවිතා කිරීමට හැකියාව ඇතග දිවයින පුරා විසිරුණු කුඩා වෙළඳ සැලේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රදර්ශනාගාර, සාප්පු දක්වා 16,000කට වැඩි mCash අලෙවි නියෝජිතයන් හරහා දල මොබිටෙල් ශාඛා, SLT Teleshops, සිංගර් ප්‍රදර්ශනාගාර, අබාන්ස් ප්‍රදර්ශනාගාර, කීල්ස් සුපර්, ලංකාබෙල්, SDB බැංකුවල අමානා බැංකුව, Pay&Go KIOSK ගෙවීම් යන්ත්‍ර හරහා mCash ගිණුමට මුදල් තැන්පත් කරගැනීම හෝ mCash ඇප් එකට ඔබේ බැංකු ගිණුම් අංකය හරහා හෝ කොමර්ෂල් බැංකු, HNB, PABC සහ කාගීල්ස් බැංකුවවල ජංගම සහ අන්තර්ජාල බැංකුකරණ පහසුකම් හරහා සෘජුවම mCash ගිණුමට මුදල් තැන්පත් කරගැනීමේ හැකියාව පවතින අතර එමෙන්ම  දිවයිනේ ඇති අනෙකුත් ප්‍රධාන බැංකුවල අන්තර්ජාල සහ මොබයිල් බෑන්කින් පහසුකම් භාවිතා කරමින් පාරිභෝගිකයන්ට ඉතා ඉක්මනින් හා පහසුවෙන් තම mCash ගිණුමට මුදල් තැන්පත් කිරීමේ අවස්ථාව උදාකරදී ඇත. mCash රිවෝඞ්ස් හරහා වැලන්ටයින්, අවුරුදු, නත්තල් හා උත්සව සමයන්හිදී පාරිභෝගිකයක්ට ජනප්‍රිය සහ කිසිවෙකුට නොදෙවෙනි දීමනා ලබාදීම ද සිදුවේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව