නවතම HUAWEI Watch GT2 සඳහා ඉහළ වාර්තාගත ඉල්ලුමක්

latona-c6

තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ප්‍රමුඛයන් වන HUAWEI විසින් නවතම Watch GT2 ගෝලීය වෙළඳපොළට හඳුන්වා දීම  මෑතකදී සිදු කෙරිණි.  විශාල බැටරි ආයු කාලයක්, intelligent processing, ආකර්ෂණීය සහ පහසු  නිමාවක් සමගින් එන Watch GT2 සඳහා ලොව පුරා වෙසෙන පාරිභෝගිකයන්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර හිමි වෙමින් පවතින අතර වෙළඳපොළට  නිකුත් කර දින 45ක් වැනි කෙටි කාලසීමාවක් තුළ ලොව පුරා මිලියනයකට අධික Watch GT2 ඒකක ප්‍රමාණයක් නැව් ගත කර ඇත.

සුපිරි තාක්ෂණයෙන් සහ ඇදහිය නොහැකි විශේෂාංග රැසක් සමඟින් එන Watch GT2 නුදුරේදීම ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙත හඳුන්වා දීමට නියමිතව තිබේ.  මෙහි අසම සම විශේෂාංග අතරින්  බ්ලූටූත් ඇමතුම් පහසුකම සුවිශේෂී වනුයේ පරිශීලකයා ක්‍රීඩා හෝ වෙනත් ඕනෑම කටයුත්තක නිරතව සිටින අවස්ථාවකදී ඇමතුම් ඉතා පහසුවෙන් ලබා ගැනීමේ සහ ලැබෙන ඇමතුම් වලට ඉතා පැහැදිළිව පිළිතුරු සැපයීමේ හැකියාව හේතුවෙනි. මෙමගින් කාර්ය බහුල ජිවිතයක් ගත කරන සියලු දෙනා හට සිය මිතුර මිතුරියන් සමඟ ඉතා පහසුවෙන් සම්බන්ධ වීමට අවශ්‍ය ඉඩ කඩ සැලසේ.

බ්ලූටූත් 5.1 තාක්ෂණය, built-in GPS සහ GLONASS satellite positioning systems සහිතව පැමිණෙන Watch GT2 හි ගීත 500 ක් පමණ රඳවා තබා ගැනීමේ හැකියාව ඇත. ත්‍රිමාණ වක්‍ර (3D curved), bezel-less මුහුණත උපාංගයේ ආකර්ෂණීය පෙනුම වැඩි කර ඇති අතර මැණික් සැකසුම් තාක්‍ෂණයෙන් කැටයම් කරන ලද උසස් තත්ත්වයේ වීදුරු ජලය හා දූවිලි වලට ප්‍රතිරෝධී බව සහතික කරයි. Kirin A1 පරිපථය මඟින් බලගැන්වූ Watch GT2, intelligent power-saving තාක්ෂණයෙන්  යුක්ත වන අතර දිගු කල් පවතින බැටරි කාලයකින්ද සමන්විත වේ.

ඉදිරියේදී වෙළඳපොළට හඳුන්වා දෙන  Watch GT2 පිළිබඳ සිය අදහස් දක්වමින් Huawei සමාගමේ මෙරට ප්‍රධානී පීටර් ලියූ මහතා මෙසේ පවසා සිටියේය.”ගෝලීය වශයෙන් Watch GT2 සඳහා ලැබෙමින් පවතින ඉහළ  පාරිභෝගික ඉල්ලුම පිළිබඳ අප ඉමහත් සතුටට පත් වනවා. ඉහළ කාර්යක්ෂමතාවයකින්, අලංකාර නිමාවකින් සහ  අධි තාක්ෂණික පහසුකම් රැසකින් සමන්විත මෙම අත් ඔරලෝසුව ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙනුවෙන් තිලිණ කිරීමට අප නොඉවසිල්ලෙන් යුතුව බලා සිටිනවා”.

ගෙවුණු වසර පුරාවට උසස් තාක්ෂණයෙන් සහ අසමසම විශේෂාංග රැසකින් යුත් නිෂ්පාදන රැසක් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙත තිලිණ කරන ලද Huawei සමාගම නුදුරේදීම Watch GT2, FreeBuds 3 සහ Huawei Band 4/4E ඇතුළු පෙරළිකාර නිෂ්පාදන රැසක් දේශීය වෙළඳපොළට හඳුන්වා දීමට සූදානම්ව සිටී.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව