ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම මේ වනවිට ශ්‍රී ලංකාවේ කිරි ව්‍යවසායික කාන්තාවන්ගේ ජීවිත සහ ජීවනෝපාය මාර්ගයන් නගාසිටුවීම සඳහා පුරෝගාමී වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන මගින් රටේ කිරි ව්‍යවසායික කාන්තාවන්ගේ දැනුම වැඩිදියුණු කිරීම සහ ඔවුන් සවිබල ගැන්වීම සම්බන්ධයෙන් මූලික වශයෙන් අවධානය යොමුකෙරෙනු ඇත. ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය තුළ කාන්තාවන් ඉටුකරන භූමිකාවට නව අර්ථකථනයක් දෙමින්, ඔවුන් ආර්ථික හා සමාජයීය වශයෙන් සවිබල ගැන්වීමටත්, කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමටත් මෙමගින් හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කාන්තාවන් මෙරට කිරි කර්මාන්තය තුළ සුවිශාල කාර්යභාරයක් ඉටුකරන බව ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම හඳුනාගෙන ඇත. ඔවුන් ලබාදෙන දායකත්වය, ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රධානතම ජීවනෝපාය මූලාශ්‍රයක් බවට පත් වී තිබේ. එහෙත් මෙම කර්මාන්තය තුළදී කාන්තාවන්ට කාල කළමණාකරණය සම්බන්ධ ගැටලු, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සම්බන්ධ ගතානුගතික ආකල්ප සහ අනන්‍යතා ගැටලු වැනි ගැටලු රැසකට මුහුණදීමට සිදු වී ඇත. මෙම ගැටලු අවම කිරීම දමමින් කිරි ව්‍යවසායිකාවන්ගේ ජීවිත වඩාත් යහපත් කිරීම සඳහා ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම පෙරමුණ ගෙන සිටී.
මෙරට සුළු පරිමාණ කිරි ව්‍යවසායකයන් නගාසිටුවීම සඳහා ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම දීර්ඝ කාලයක පටන් කැප වී කටයුතු කරමින් සිටී. ඉතා ඉහළ මට්ටමේ දැනුමක් හා පුහුණුවක් සහිත කිරි ව්‍යවසායක ප්‍රජාවක් නිර්මාණය කිරීම මෙහි ප්‍රධානතම ඉලක්කයකි. මෙමගින් තිරසාර ක්‍රමවේදයන් භාවිතා කරමින් ඉහළ කිරි අස්වැන්නක් ලැබීමට සමත් වන කිරි ව්‍යවසායක ප්‍රජාවක් නිර්මාණය කිරීමට හැකියාව ලැබේ. එමෙන්ම වයඹ විශ්ව විද්‍යාලය සමග එක් වී, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ‘Fonterra Dairy Hub’ නමින් පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමටද ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම පියවර ගත්තේ ය. මෙහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කිරි කර්මාන්තය සම්බන්ධයෙන් අතිශය විධිමත් හා කාර්යක්ෂම පුහුණුවක් ලබාගැනීමට අවස්ථාව හිමි වේ. මෙවැනි වැඩසටහන්, රටේ කුඩා පරිමාණ කිරි ව්‍යවසායක ප්‍රජාවගේ යහපත සම්බන්ධයෙන් ෆෙන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම දක්වන උනන්දුවට හා කැපවීමට මනා සාක්ෂියකි.