ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සානුකම්පිත බව මුල්කරගත් රක්ෂණ සම්ප්‍රදායක් තුළින් මෙරට වඩාත්ම ආදරය දිනූ සාමාන්‍ය රක්ෂණ සන්නාමයක් ලෙස ඇගයීමට ලක්වෙයි

Sandeep-011




 

 

ෆෙයාෆස්ට් යනු සානුකම්පිත බව (empathy) මූලික කරගත් සම්ප්‍රදායක් ඔස්සේ මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකළ සුවිශේෂී රක්ෂණ සමාගමකි. එමෙන්ම නිරන්තරයෙන් විශිෂ්ටතම සේවාවක් ලබාදීමටත්, එම සේවාව කාලීන අවශ්‍යතාවන් අනුව වැඩිදියුණු කිරීමටත් කටයුතු කිරීම නිසා, Brand Finance මගින් සිදුකරන ලද සමීක්ෂණයකින් අනතුරුව LMD මගින් ප්‍රකාශයට පත්කරන ලද Brands Annual 2022  හිදී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ කාණ්ඩයේ වඩාත්ම ආදරය දිනූ සන්නාම අතරට එක්වීමට ෆෙයාෆස්ට් සමත් වී තිබේ.  මීට අමතරව මෑතකදී ශ්‍රී ලංකාවේ වඩාත්ම නවෝත්පාදනයට නැඹුරු සන්නාමයක් ලෙස ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ ඇගයීමට ලක්වීමටද ෆෙයාෆස්ට් සමත් වූ අතර, Facebook review score ලෙස ලකුණු 4.1 ක මට්ටමක් (2022 මැයි මාසය වන විට) වාර්තා කරගැනීමට සමත් වූ එකම සාමාන්‍ය රක්ෂණ සමාගම වන්නේද ෆෙයාෆස්ට්ය. සානුකම්පිත බව, අව්‍යාජත්වය, විනිවිදභාවය සහ වගකීම් සහගත බව යන ගුණාංග ඔස්සේ ජාත්‍යන්තර තලයේ සේවාවක් ලබාදීම සඳහා සමාගම සතු හැකියාවට මෙම ජයග්‍රහණයන් මනා සාක්ෂියකි.

තම සන්නාම ප්‍රතිඥාව දිගින් දිගටම ඉටුකිරීම, ෆෙයාෆස්ට් මෙරට වඩාත්ම ආදරය දිනූ සන්නාමයක් බවට පත්වීමට තවත් ප්‍රධානතම හේතුවක් වී ඇත. විශේෂඥ මට්ටමේ රැකවරණයක් පිරිනැමීම, සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ තලයේ සේවාවක් ලබාදීම, අර්ථවත් නවෝත්පාදන සිදුකිරීම සහ නිසි මිලට සිතේ සැහැල්ලුව පිරිනැමීම යන පදනම් මත මෙම සන්නාම ප්‍රතිඥාව ගොඩනැංවී ඇත. මෙම සෑම පදනමක්ම, සානුකම්පිත බව මූලික කරගත් ජාත්‍යන්තර මට්ටමේ පාරිභෝගික කේන්ද්‍රීය සේවාවක් සැලසීමට ෆෙයාෆස්ට් සමාගමට මහෝපකාරී වී තිබේ.

“වඩාත්ම ආදරය දිනූ සන්නාමයක් ලෙස ඇගයීමට ලක්වීම, ඕනෑම සමාගමක් ලබන විශිෂ්ට ජයග්‍රහණයක්. සියලු අභියෝග හමුවේ අඛණ්ඩව ජනතාවටත්, ව්‍යාපාර වලටත්, ප්‍රජාවන්ටත් යහපත සැලසීම තුළින් මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට හැකිවීම, එම ජයග්‍රහණයේ අගය තවත් වැඩි කරන සාධකයක් ලෙස හැඳින්වීමට පුළුවන්. විශිෂ්ටත්වය කරා යන ගමනේදී අප සමග අත්වැල් බැඳගත් සියලුම ශ්‍රී ලාංකිකයන්ට මා ස්තූතිවන්ත වනවා. අඛණ්ඩව ඉදිරියට යමින් රටේ දියුණුවට දායක වන්නට අප දිරිගැන්වෙන්නේ මෙවැනි ජයග්‍රහණයන් තුළිනුයි.” ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සන්දීප් ගෝපාල් මහතා පැවසීය.

රක්ෂණ ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරන අතරම, වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු ලෙස කටයුතු කිරීම සමාගමේ මෙන්ම එහි ගෝලීය වටිනාකම් වල අනිවාර්ය අංගයකි. සක්‍රීය ලෙස ප්‍රජාව හා සම්බන්ධ වෙමින් බිම් මට්ටමින් නොයෙකුත් ප්‍රජා සත්කාරයන් සිදුකිරීම, සුභවාදී හා ප්‍රායෝගික දැක්මක් මුල්කරගත් ‘FairfirstWay’ සංකල්පයේ පදනමයි. හුදෙක් කෙටිකාලීන ඉලක්ක සහ ඉක්මන් ප්‍රතිඵල වලට සීමා නොවී දූරදර්ශී ලෙස කටයුතු කිරීමට හැකිවන පරිදි ෆෙයාෆස්ට් ආකල්ප සකස් වී ඇත්තේ මේ පදනම හේතුවෙනි.

“මේ ජයග්‍රහණය හිමිවීම අපට මහත් සතුටක්. මෙය අපගේ සන්නාම ප්‍රතිඥාව ඉටුකිරීමට අප නිරතුරුව ගන්නා උත්සාහයේ තවත් ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකියි. මෙම ප්‍රතිඥාව, සුවිශේෂී හා සානුකම්පිත බව මූලික කරගත් රක්ෂණ විසඳුම් හඳුන්වා දීම සඳහා අප සතු හැකියාව යළි යළිත් තහවුරු කරනවා. එමෙන්ම ඉදිරිගාමී ලෙස, ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන අවශ්‍යතා හඳුනා ගනිමින්, සෑම විටම අවස්ථාවට ගැළපෙන වෙනස්කම් සිදුකිරීමට සූදානමින් සිටීම, මෙම ජයග්‍රහණය අප වෙත හිමිවීමට තවත් හේතුවක් ලෙස පෙන්වා දීමට පුළුවන්.” ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී සසිත් බඹරදෙණිය මහතා පැවසීය.

ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් යනු ජාත්‍යන්තර ෆෙයාෆැක්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමකි. ලොව ප්‍රමුඛ පෙළේ රක්ෂණ, ප්‍රතිරක්ෂණ හා ආයෝජන කළමනාකරණ සමාගමක් වන එහි ප්‍රධාන කාර්යාලය කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පිහිටා ඇත. වර්තමානය වන විට දිවයින පුරා ව්‍යාප්ත වී ඇති ෆෙයාෆස්ට් සමාගම, පරිපූර්ණ ශාඛා ජාලයක්, සේවා සහකරුවන් සහ වෙළඳපොළේ ප්‍රමුඛතම රක්ෂණ තැරැව්කරුවන් සමග එක්වී මෙරට ජනතාවට රක්ෂණ සේවාවන් සමුදායක් තිළිණ කරමින් සිටී.




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව