හෝම්ලෑන්ඩ්ස් Pentara Residencies තුම්මුල්ල ව්‍යාපෘතිය සඳහා නාගරික  සංවර්ධන අධිකාරියේ අනුමැතිය හිමි වේ

Image 01 (50) (LBN)

හෝම්ලෑන්ඩ්ස් හි සුවිශේෂී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන තුම්මුල්ලේ පිහිටි Pentara Residencies හි ඉදිකිරීම් කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) පූර්ණ අවසරය හිමි වී ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) අනුමැතිය සහ පාරිසරික උපදේශක කමිටුවේ (ECC) පාරිසරික අනුමැතිය ඇතුළු සියලුම නීතිමය හා පාරිසරික අනුමැතියන් ලබා ගැනීමෙන් පසු, මෙම ව්‍යාපෘතිය සඳහා පූර්ණ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව කොළඹ නගරයේ වඩාත් කැපී පෙනෙන අති සුඛෝපභෝගී මහල් 40කින් යුත් ද්විත්ව කුළුණු නිවාස සංකීර්ණයේ ඉදිකිරීමේ කටයුතු සැලසුම් කළ පරිදි සිදුවීමට නියමිතය.
 



 
Pentara තුම්මුල්ල ව්‍යාපෘතිය අඛණ්ඩව ජනප්‍රියවෙමින්, ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී ජීවන රටාවට නව මානයක් එක් කරයි. එබැවින් සමාගමේ සියලුම ව්‍යාපෘති පූර්ණ විනිවිදභාවයකින් සහ නීතිරීතිවලට අනුකූලව සිදු කරන බවට මහජනතාවට සහතික වීමට හෝම්ලෑන්ඩ්ස් සමාගම කැපවී සිටියි.

හෝම්ලෑන්ඩ්ස් සමූහයේ සභාපති, නලින් හේරත් මහතා මෙසේ පැවසීය. “Pentara Residencies ව්‍යාපෘතියේ වැඩකටයුතු සැලසුම් කළ පරිදිම සිදුවන බැවින්, නියමිත කාලසීමාවට මෙම ව්‍යාපෘතිය නිම කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අවශ්‍ය අනුමැතියන්  ලබා ගැනීමේ සිට ඉදිකිරීම් දක්වා ව්‍යාපෘතියේ සෑම අංශයක්ම ඉහළම ප්‍රමිතීන්ට අනුකූල වන බව සහතික කරමින් ගුණාත්මකභාවය රැකගැනීම සඳහා සමාගම අඛණ්ඩව කැපවී සිටිනවා.”

ශ්‍රී ලංකාවේ අංක එකේ සහ වඩාත් විශ්වසනීය දේපළ වෙළඳාම් සමූහ ව්‍යාපාරය වන හෝම්ලෑන්ඩ්ස්, විශ්වාසය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය යන වටිනාකම් මත ගොඩනැගුණු, වසර 20කට වැඩි අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන, කර්මාන්තයේ පෙරමුණ ගෙන සිටින සමාගමකි.

හෝම්ලෑන්ඩ්ස් සමාගම, විවිධ තේමාවන් සහිත දැවැන්ත නිවාස සංකීර්ණ ව්‍යාපෘතීන්වල නිවාස ඒකක 3,200කට වැඩි ප්‍රමාණයක් මේ වන විට සම්පූර්ණ කර භාර දී ඇති අතර තවත් දැවැන්ත නිවාස සංකීර්ණ ව්‍යාපෘතීන් හයක ඒකක 1,800කට වඩා වැඩි ප්‍රමාණයක් ඉදිකරමින් සිටී. මෙය ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී ජීවන අවකාශයන්හි අනාගතය හැඩගැස්වීමට සමාගමේ අඛණ්ඩ කැපවීම පිළිඹිබු කරයි.

හෝම්ලෑන්ඩ්ස් හි වාර්ෂිකව ඒකක 600 – 750ක් භාර දීමේ මෙහෙයුම් ධාරිතාවය සහ මසකට ඒකක 75 – 100ක් අලෙවි කිරීමේ හැකියාව, නිවාස ගැනුම්කරුවන් හෝම්ලෑන්ඩ්ස් කෙරෙහි තබා ඇති නොසැලෙන විශ්වාසය මනාව විදහා දක්වයි.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව