හොංකොං හි දී AIA APAC බැංකු රක්ෂණ සමුළුවක් !

PR Image-min (LBN)

හෙට දවසේ බැංකු රක්ෂණ සහයෝගීතාවන් ශක්තිමත් කරමින්

හොංකොං හි දී නොබෝදා අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද AIA APAC බැංකු රක්ෂණ සමුළුව ඔස්සේ කලාපය පුරාවට විසිර සිටින ක්ෂේත්‍රයේ නායකත්ව කණ්ඩායම් වෙතින්,  මූල්‍යමය සහයෝගීතාවයන්ගේ ඉදිරි අනාගත අවස්ථාවන් පිළිබඳව විමසා බලන ලදී. මේ සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වෙමින් ඔවුන්ගේ වටිනා අදහස් දක්වා සිටි සම්භාවනීය අමුත්තන් අතර චතුරි මුනවීර (ප්‍රධාන විධායක නිලධාරිනී – AIA ශ්‍රී ලංකා) සහ සේනක රාජපක්ෂ (අධ්‍යක්ෂ සහයෝගිතා බෙදාහැරීම්) තිමල් පෙරේරා (ප්‍රධාන විධායක නිලධාරී – DFCC බැංකුව) සහ සංජය පෙරේරා (ජේෂ්ඨ සහකාර සභාපති – NDB බැංකුව) යන මහත්ම මහත්මීන් විය.

 



 

අනාගත බැංකු රක්ෂණයේ පුරෝගාමීත්වය” යන මැයෙන් පවත්වන ලද මෙම සමුළුව ඔස්සේ බැංකු රක්ෂණය ඉහළ තලයක් වෙත ගෙනයෑම සඳහා වූ කතිකාවතක් ගොඩනැගීම අරමුණු විය. නව්‍ය, ලාබදායී මෙන්ම ඩිජිටල්කරණ තාක්ෂණයෙන් උසස් බැංකු රක්ෂණ මොඩල දියුණු කිරීමට බලාපොරොත්තු වන,  බැංකු සඳහා විශ්වාසනීය හවුල්කරුවකු වීම වැනි, AIA පිලිබඳ සුවිශේෂිත ශක්‍යතාවයන් මෙම සමුළුව පුරාවට ඉස්මතු කර දක්වන ලදී.  මේ හා සම්බන්ධයෙන් පවත්වන ලද පළමු භෞතික රැස්වීම වූ මෙම අවස්ථාවට බැංකු ප්‍රධාන විධායක නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයින් ඇතුළු ඉහළ පෙළේ සාමාජිකයින් 100 දෙනෙකුට අධික පිරිසක් සහභාගී වූහ.   මෙම සමුළුවේ පැවති විවිධ සැසිවාර,  බැංකු රක්ෂණ සහයෝගිතාවය සහිත සමාගම් සඳහා  එක ලෙස යහපත් ප්‍රතිලාභ සැලසෙන ක්‍රමෝපායයන් නිර්මාණය කිරීම, ප්‍රමුඛ පෙලේ නවෝත්පාදනයන් තුලින් වාසි ලබා ගැනීම, නවතම තාක්ෂණය සහ විවිධ යෝජනා හදුන්වා දී ක්‍රියාත්මක කිරීම, යන කරුණු සඳහා ඉහළ කැපවීමක් මෙන්ම උනන්දුවක් ඇති කිරීමට සමත් විය.  ක්ෂේත්‍රය තුල පුරෝගාමීන් එක්ව, පරිණාමනය වෙමින් පවතින මෙම ව්‍යාපාර වෙළෙඳපොල සඳහා මාර්ගෝපදේශ දක්වා සිටින අතර, AIA APAC බැංකු රක්ෂණ සමුළුව බැංකු රක්ෂණ සහයෝගීතාවයන් හි ඉදිරි අනාගතය හැඩගැස්වීම සඳහා ඉතා හොඳ අවස්ථාවක් ද විය.

මෙම සමුළුව ඇමතු ප්‍රධාන කථිකයින්ගෙන් එක් අයෙකු වූයේ DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී වන තිමල් පෙරේරා මහතායි.  ඔහු එහි දී පැවති සාකච්ඡා මඩුල්ලේ සාමාජිකයෙක් වූ අතර බැංකු රක්ෂණය පිලිබඳ බෙදාහැරීම් මොඩල සහ මෙම බෙදාහැරීම් ක්‍රියාවලිය සඳහා විවිධ නව්‍ය වූ අදහස් දක්වා සිටියේය.   එහි දී තවදුරටත් පාරිභෝගික අවශ්‍යතා වෙනස් වීම සහ විකාශනය වන බැංකු ක්ෂේත්‍රයේ අභියෝග ජය ගැනීම වැනි තීරණාත්මක මාතෘකා පිලිබඳ විවිධ අදහස් රැසක් ද  හුවමාරු විය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − fourteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව