හච්, TikTok සහ අනෙකුත් සමාජ මාධ්‍ය සඳහා සිය නවතම අන්තර්ජාල සැලැස්ම හඳුන්වා දෙයි

HUTCH introduces the Ultimte Social Media Plan including TikTok

 



 

 

 

ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, TikTok ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරන්නන් වෙනුවෙන් සිය නවතම අන්තර්ජාල සැලැස්ම වන, ‘Non-Stop Super Combo’ පසුගියදා හඳුන්වා දෙන ලදී.

මෙම නවතම සැලැස්ම මඟින් ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ෆෝන් භාවිතා කරන්නන්ට ලොව වේගයෙන්ම වර්ධනය වන සමාජ මාධ්‍ය වන ‘TikTok’ වෙත අසීමිත ප්‍රවේශයක් ලබා දෙයි. ගෝලීය වශයෙන් මිලියන 700 කට අධික පිරිසක් TikTok භාවිත කරන අතර, ශ්‍රී ලංකාව තුළ, සියලුම සමාජ මට්ටම් ආවරණය කරමින් මිලියනයකට අධික පරිශීලකයින් පිරිසක් TikTok වෙත ආකර්ෂණය වී ඇත. මෙහි ශීඝ්‍ර වර්ධනයට හේතුව, පරිශීලකයින්ගේ ‘කෙටි වීඩියෝ’ මිනිත්තු තුනකට සීමා වීම සහ එම වීඩියෝ සඳහා උනන්දුවක් දක්වන පරිශීලකයින්ට කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් එම අන්තර්ගතය නැවත ලබා ගැනීමට ඇති හැකියාවයි.

මෙම සැලැස්ම TikTok සඳහා සුවිශේෂී වන අතර, Instagram, Facebook, FB Messenger, Whatsapp, Telegram, Viber, Imo සහ YouTube වැනි ලොව සුපතල අනෙකුත් සමාජ යෙදුම් සඳහාද අසීමිත ප්‍රවේශයක් ලබා දෙයි.

මසකට රු.439ක් වැනි ඉතා පහසු මිලකට දැන් ‘Non-Stop Super Combo’ සැලැස්ම ලබාගත හැකි වීම නිසා, ස්මාර්ට් ෆෝන් භාවිතා කරන්නන් ඔවුන් ප්‍රිය කරන සමාජ මාධ්‍ය කිහිපයක් එකවර භාවිත කිරීමේදී දැරීමට සිදුවන පිරිවැය පිළිබඳව මින් ඉදිරියට කනස්සල්ලට පත්නොවනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් හච්හි සහකාර සාමාන්‍යාධිකාරී (ඩේටා,ඩිජිටල් සහ වී.ඒ.එස් ) යාර්තව් මාතියපරනම් මහතා සඳහන් කළේ ” අනාගතය ගැන සිතන ජංගම සන්නිවේදන සේවා සපයන්නෙකු ලෙස, අනෙකුත් සමාජ ජාල යෙදුම් සමඟ ඒකාබද්ධව TikTok හඳුන්වාදීමත් නිසා, ඉහළ වටිනාකමක් සිය සේවාවන් තුළින් අඛණ්ඩව පිරිනමන බවයි. තවද වර්තමානයේ මෙම යෙදුම් වෙත ප්‍රවේශ වීමට data සැලසුම් රාශියක් භාවිතා කරන ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය භාවිත කරන්නන්හට  Non-Stop Super Combo මිලදී ගැනීමෙන් අඛණ්ඩ සමාජ ජාල අත්දැකීමක් භුක්ති විඳිය හැකිය.”

හච් හි මෙම සැලසුම මඟින් 4G සහ 3G ජාල දෙකෙහිම බාධාවකින් තොර ස්මාර්ට් ෆෝන් අත්දැකීමක් ලබාදෙන අතර පෙරගෙවුම් හෝ පසුගෙවුම් යන පාරිභෝගිකයින් ද්විත්වය සඳහාම *131# ඇමතීම,  සැලසුම් වටිනාකම රීලෝඩ් කිරීම සහ  HUTCH app යන ක්‍රම භාවිතයෙන් මෙම සැලැස්ම සක්‍රීය කරගත හැක.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව