සොෆ්ට්ලොජික් ලයිෆ් 2024 SLIM Digis සම්මාන උළෙලේදී ඉහළම සම්මානය සමඟ වැඩිම සම්මාන හිමිකරගත් සන්නාමය බවට පත් වෙයි

Image 03 (LBN)

ශ්‍රී ලාංකිකයින්ගේ හදගැස්ම හඳුනාගත් නව්‍ය රක්ෂණ සමාගම ලෙස සිය විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පී එල් සී පසුගියදා සමත් විය. ඒ 2024 SLIM Digis 2.4 හි ඉහළම සම්මානය වන ‘’The Grand Prix” සම්මානය සමඟ සම්මාන 09ක් තමන් සතු කර ගනිමිනි. මෙය සමාගමක් හිමිකරගත් ඉහළම සම්මාන ප්‍රමාණය වීමද විශේෂත්වයකි.

 



 
ශ්‍රී ලංකාවේ හොඳම ඩිජිටල්කරණ ප්‍රයත්නය, නවෝත්පාදනයන් හා හැකියාවන් ඇගයීම වෙනුවෙන් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය මඟින් SLIM Digis සංවිධානය කරනු ලබයි. එහිදී ජාත්‍යන්තර ඩිජිටල් කර්මාන්තය කලාපීය වශයෙන් සිදු කරන බලපෑම හඳුනා ගැනීමටද ඔවුන් කටයුතු කරනු ලබයි.

සොෆ්ට්ලොජික් ලයිෆ් ‘Legends’ ප්‍රවර්ධන වැඩසටහනෙහි නිර්මාණශීලී හා නව්‍යකරණ බලපෑම වෙනුවෙන් SLIM Digis සම්මාන උළෙලේ ඉහළම සම්මානය වන  ‘’The Grand Prix” සම්මානය දිනා ගත් පළමු ජීවිත රක්ෂණ සමාගම බවට පත් වීම මෙහි විශේෂයෙන් කැපී පෙනිණි. එම සම්මානය දිනාගත් සොෆ්ට්ලොජික් ලයිෆ් ‘Dengeez’, ‘Legends’ සහ Sri Lanka’s Inspiring Crowd sourced Christmas Tree of Hope’ යන ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් රන් සම්මාන 4ක්, රිදී සම්මාන 3ක් සහ ලෝකඩ සම්මානයක්ද තමන් සතු කර ගන්නා ලදී.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කෘත්‍රිම බුද්ධි තාක්ෂණය (AI) භාවිත කරමින් ‘ලෙජන්ඩ්න්ස්’ රූපවාහිනී වෙළෙඳ දැන්වීම දියත් කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් කටයුතු කරනු ලැබුවේ සුප්‍රසිද්ධ සංගීත විශිෂ්ටයින් සිව් දෙනෙකු නැවත ප්‍රතිනිර්මාණය කරමිනි. deepfake තාක්ෂණය තුළින් එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් මල්ලවආරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන හා සුනිල් පෙරේරා වන විශිෂ්ට කලාකරුවන්ට පණ දුන් සොෆ්ට්ලොජික් ලයිෆ් නිර්මාණකරණය තුළ නිර්භීත පියවරක් තැබීමට සමත් වූ බව නොරහසකි. වෙළෙඳ දැන්වීම තුළ  ‘පියවරුන්’ ලෙස පෙන්වා දුන් එම කලාකරුවන් හරහා අනපේක්ෂිත අවස්ථාවන්හිදී ආරක්ෂාවෙහි වැදගත්ම හා මානසික යහ පැවැත්ම වෙනුවෙන් ජීවිත රක්ෂණයේ වැදගත්ම අවධාරණය කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් කටයුතු කරනු ලැබීය. ජීවිතයේ දුෂ්කර කාලයන්හිදී තමන් තනි නොකරන බව නරඹන්නන්ට අවබෝධ කර දෙන සොෆ්ට්ලොජික් ලයිෆ් සහයෝගය හා ආරක්ෂාව තහවුරු කරන බවට පණිවිඩයක් ලබා දීමට කටයුතු කරයි. ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන මූල්‍ය දුෂ්කරතා පෙන්වා දෙමින්  ජනප්‍රිය වූ ‘ලෙඩ ලෙඩ’ ගීතය ගායනා කරන අප අතරින් වෙන්ව ගිය විශිෂ්ට කලාකරුවන් සිව් දෙනෙකුගෙන් නිර්මාණය වූ එම ‘ලෙජන්ඩ්ස්’ නිර්මාණ ප්‍රයත්නය SLIM Digis හි Grand Prix සම්මානයෙන් පිදුම් ලැබුවේ සොෆ්ට්ලොජික් නාමය විශිෂ්ටත්වයට පත් කරමිනි. ඊට අමතරව ‘Best Use of AI Technologies’ සහ ‘Cross Media Integration’ යන රන් සම්මානයන් මෙන්ම ‘Best Digital Marketing Campaign in Insurance’ සඳහා වන රිදී සම්මානයද සොෆ්ට්ලොජික් ලයිෆ් මේ වෙනුවෙන් හිමි කරගන්නා ලදී.

එසේම සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් ඉදිරිපත් ‘Dengeez’ ප්‍රවර්ධන වැඩසටහන මෙම සම්මාන උළෙලේදී විශේෂ පිළිගැනීමකට ලක් විය. ඩෙංගු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් වූ එම වැඩසටහන ජනතාවගේ විශේෂ අවධානය මෙන්ම සාකච්ඡාවට ලක් විය. මානසික වශයෙන් පෙළඹවීමක් ඇති කිරීම සඳහා ඩෙංගු වැළැක්වීම නොව එය ව්‍යාප්ත කිරීම දිරි ගන්වන වැඩසටහනක් වූ ඒ හරහා ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වැඩියෙන් නිර්මාණය කිරීමට ජනතාව උනන්දු කරනු දැකිය හැකි විය. ඩෙංගුවලට එරෙහිව කටයුතු කිරීම සඳහා ප්‍රතිවිරුද්ධ අදහසක් ඉදිරිපත් කරමින් ජනතාව තුළ ඩෙංගු වලට එරෙහිවීමේ අවශ්‍යතාව පිළිබඳ හරවත් කතා බහක් ඇති කිරීමට මෙම නිර්මාණය තුළින් සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමට හැකිවිය. එහි විශිෂ්ටත්වය නිසාම සමාජ සත්කාරක වැඩසටහන්, අරමුණ මත පදනම් වූ ඩිජිටල් අලෙවිකරණය සඳහා වන රන් සම්මානයද, හොඳම ඩිජිටල් නිර්මාණාත්මක අන්තර්ගතය සඳහා වන රිදී සම්මානය හා රක්ෂණ ක්ෂේත්‍රයේ හොඳම ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාරය සඳහා වන ලෝකඩ සම්මානය හිමි කර ගැනීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත් විය.

තවද පළමු වරට එළවලු පැලවලින් නිර්මාණය වූ නත්තල් ගස සොෆ්ට්ලොජික් ලයිෆ්හි Sri Lanka’s Inspiring Christmas Tree of Hope වැඩසටහන සඳහා සම්මාන දිනා ගැනීමට Cross Media Integration සමත් විය. ගෙවතු වගාව සඳහා බීජ බෙදා දීමෙන් ආරම්භ වූ මෙම සුවිශේෂී වැඩසටහන අවසන් වූයේ ගාලු මුවදොර වටරවුමේ සුවිසල් නත්තල් ගසකින් සරසමිනි. විශේෂයෙන් ශක්තිය හා එකමුතුකම ප්‍රදර්ශනය කළ මෙම ප්‍රවර්ධන වැඩසටහන ශ්‍රී ලාංකිකයින් අතර නව ජීවයක් ඇති කිරීමට සමත් වූයේ මාධ්‍ය මඟින් විශේෂ අවධානයකටද ලක් වෙමිනි.

තම සමාගම හිමිකර ගත් මෙම ජයග්‍රහණයන් පිළිබඳව අදහස් පළකල සොෆ්ට්ලොජික් ලයිෆ්හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඩ් මහතා “අපගේ පාරිභෝගික ප්‍රජාව සමඟ ශක්තිමත් සබඳතාවන් ඇති කරගැනීම හා සැබෑ අභියෝගවලට මුහුණ දීම සඳහා උපාය මාර්ගික නවෝත්පාදන සිදු කිරීම සඳහා අප සිදු කරන කැපවීම SLIM Digis හිදී මනාව පිළිබිඹු වුණා. දේශීය වෙළෙඳ ප්‍රචාරණය තුළ කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමේ පුරෝගාමීන් වන අපි අරමුණු මත පදනම් වූ ව්‍යාපාර දක්වා මෙරට ඩිජිටල් සන්නිවේදනය තුළ සුවිසල් වෙනසක් ඇති කිරීමට සමත්ව තිබෙනවා. මෙම විශිෂ්ටත්වය අපගේ සන්නිවේදනය තුළින් පමණක් නොව සෑම අංශයක් තුළින්ම ප්‍රදර්ශනය වනවා. දශක ගණනාවක් කර්මාන්තයේ දැවැන්තයින් වූ සමාගම්වලට අභියෝග කරමින් වසර 5ක් තුළ ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ජීවිත රක්ෂකයා බවට පත් වූ සොෆ්ට්ලොජික් ලයිෆ් ශ්‍රී ලංකාවේ ලාබාලතම රක්ෂණ සන්නාමය ලෙසද විශිෂටත්වයට පත් සිටිනවා. 2024 SLIM Digis හිදී ගෞරවයට පාත්‍රවීම තුළින් සීමා මායිම් අභිබවා යමින් ශ්‍රී ලාංකිකයින් වෙත රක්ෂණයේ අවශ්‍යතාව මතු කිරීම සඳහා අපගේ කැපවීමද මනාව පිළිබිඹු වනවා” යනුවෙන් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි අලෙවි ප්‍රධානී චමින්ද්‍රි පිළිමතලව්වේ මහත්මිය සඳහන් කර සිටියේ “2024 SLIM Digis හිදී අප අත්පත් කරගත් මෙම විශිෂ්ට ජයග්‍රහණය අපගේ නිර්මාණාත්මක සහයෝගීතාවයේ හා උපාය මාර්ගික නවෝත්පාදනයේ හැකියාවන් පිළිබඳ කදිම සාක්ෂියක් බවයි. මෙම සුවිශේෂී ව්‍යාපාරයන් වෙනුවෙන් අප වෙත සහයෝගය ලබා දුන් MullenLowe, Digibrush, Shift Integrated, New Media Solutions සහ Third Shift Media වෙත මේ මොහොතේ අපගේ කෘතඥතාව පළ කර සිටිනවා. අප සියලු දෙනා එක්ව ශ්‍රී ලාංකිකයින්ගේ ආකර්ෂණය දිනා ගන්නා වඩාත් බලපෑම් සහගත අන්තර්ගතයන් නිර්මාණය කිරීමටත් ඒ හරහා ශ්‍රී ලංකාවේ රක්ෂණ හා ඩිජිටල් හැකියාවන්ගේ සීමාවන් පුළුල් කිරීමටත් කටයුතු කර තිබෙනවා. ඒ සඳහා වන අපගේ කැපවීම තවදුරටත් ඉහළ නැංවීමට මෙන්ම නිර්මාණශීලීත්වය සමඟ අර්ථවත් ලෙස වත්මන් ක්‍රියාකාරකම්හි නිරත වීමට මෙන්ම අපගේ පාරිභෝගිකයින් වෙත සුවිසල් වටිනාකමක් ලබා දීමට මෙය හේතුවක් වනවා” යනුවෙනි.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් සත්කාරකත්වය සපයන SLIM Digis සම්මාන උළෙල මඟින් ශ්‍රී ලංකාවේ හොඳම ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන් ඇගයීමට ලක් කරනු ලබයි. මාධ්‍ය හා ඩිජිටල් ආයතන විසින් ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන සම්මානවලින් සැදුම්ලත් ඉහළ ඉල්ලුමක් සහිත සම්මාන උළෙලක් ලෙසද මෙය සඳහන් කළ හැකිය. ප්‍රමුඛ පෙළේ බහුජාතික හා දේශීය නියෝජිතායතන හා සන්නාමයන් 280කට වැඩි ප්‍රමාණයක් සම්මානයට බඳුන් කර ඇති මෙම සම්මාන උළෙල ජාත්‍යන්තර හා සමකාලීන ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන් සමඟ තම අලෙවිකරණ උපාය මාර්ගයක් සම්බන්ධ කිරීමට අපේක්ෂා කරන සන්නාමයන්ටද කදිම අවස්ථාවක් නිර්මාණය කරනු ලබයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව