සෙලින්කෝ ලයිෆ් 2022 වාර්ෂික වාර්තාව SAFA රන් සම්මානය හා TAGS රිදී සම්මානය දිනා ගනියි

Annual Report 2022 - SAFA + TAGS awards (LBN)

සෙලින්කෝ ලයිෆ් හි 2022 වාර්ෂික වාර්තාව විශිෂ්ඨ මූල්‍ය වාර්තාකරණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මෙන් ම දකුණු ආසියානු කලාපයේ ද ඇගයීමට ලක්ව ඇත.

 



 

ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳපල නායකයාගේ ඒකාබද්ධ වාර්තාව නව දිල්ලියේ පැවති දකුණු ආසියානු ගණකාධිකාරිවරුන්ගේ සම්මේලනය (SAFA) පැවැත්වූ සම්මාන උළෙලේ දී ජීවිත රක්ෂණ අංශය සඳහා ‘ඉදිරිපත් කළ හොඳම වාර්ෂික වාර්තාව’ සඳහා රන් සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම උළෙලට ඉන්දියාවේ වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනය විසින් සත්කාරකත්වය සපයන ලදී.

මෙම කැපී පෙනෙන ගෞරව ඇගයීමට ලක් වූ එම වාර්ෂික වාර්තාව ම CA ශ්‍රී ලංකා ‘TAGS’ සම්මාන උළෙලේ දී ජීවිත රක්ෂණ අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. TAGS සම්මානයෙන් පිළිබිඹු වන්නේ විනිවිදභාවය (T), වගවීම (A), යහපාලනය (G) සහ තිරසාරභාවය (S) යන මූලධර්ම හතරයි.

2022 වර්ෂය සඳහා වූ සෙලින්කෝ ලයිෆ් වාර්ෂික වාර්තාව 2023 දී සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ සංගමය (CMA) විසින් පැවැත්වූ සම්මාන උළෙලේ දී ‘හොඳම ඒකාබද්ධ වාර්තා 10’ සඳහා ද නම් කර ඇත.

“ආයතනික වාර්තාකරණයේ ප්‍රමිතීන් හා ආයතනික අනාවරණයේ විෂය පථය සෑම වසරක ම අඛණ්ඩව වර්ධනය වේ. එමනිසා අපගේ වාර්ෂික වාර්තාව තුළින් පාර්ශවකරුවන්හට අපගේ මෙහෙයුම් පිළිබඳ සෑමදෙයක් ම විනිවිදභාවයෙන් සහ පූර්ණ දැක්මකින් යුතුව ඉදිරිපත් කෙරෙන බවට සහතික කිරීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබේ,” යැයි සෙලින්කෝ ලයිෆ් ජ්‍යෙෂ්ඨ විධායක අධ්‍යක්ෂ හා ප්‍රධාන මූල්‍ය නිළධාරී පාලිත ජයවර්ධන මහතා පැවසීය.   “මෙවන් කලාපීය සහ දේශීය සම්මාන දිනා ගැනීම තුළින් සනාථ වන්නේ මෙම අතිශය වැදගත් ක්ෂේත්‍රය තුළ ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ අවශ්‍යතා සපුරාලමින් හොඳම පිළිවෙත් ඇති කිරීම සඳහා අපගේ වූ කැපවීමයි.”

2023 දී අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ සෙලින්කෝ ලයිෆ් සමාගම, අඛණ්ඩව නව වන වසරටත් ශ්‍රී ලංකාවේ ‘හොඳම ජීවිත රක්ෂණ සමාගම’ ලෙස වර්ල්ඩ් ෆයිනෑන්ස්’ විසින් පිදුම් ලැබූ අතර, 2023 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම’ ලෙස 17 වන වසරටත් සම්මානය දිනා ගත්තේය. ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) විසින් ඇමරිකානු සහතික ලත් රාජ්‍ය ගණකාධිකාරී ආයතනය (AICPA) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) සමඟ එක්ව 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස ද නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් සමාගම, 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇති අතර, 2022 වසරේ අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලැබීය.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 35 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත මිලියනයක් ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව