සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩ වෙළඳපොළ නායකත්වයේ 20 වන වසරේ සුපිරි තරු අගයයි

Annual Awards 2024 (LBN)

දශක දෙකක ශ්‍රී ලංකාවේ වෙළඳපොළ නායකත්වය මෑතකදී සම්පූර්ණ කළ සෙලින්කෝ ලයිෆ් සමාගම තවත් දශකයකට රටේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නායකත්වය පවත්වාගෙන යාමට අධිෂ්ඨානය ප්‍රකාශ කර ඇත.

වෝටර්ස් එජ් හි පැවැති සමාගමේ වාර්ෂික සම්මාන ප්‍රධානෝත්සවයේ දී මෙම සම්මුතිය උද්‍යෝගයෙන් සම්මත කරන ලදි. එහිදී 2023 වර්ෂයේ සෙලින්කෝ ලයිෆ් හි වර්ධනය වෙනුවෙන් දැක්වූ දායකත්වයට සමාගමේ ඉහළ ම දස්කම් දැක්වූවන් 523 දෙනෙකුට සම්මාන 580ක් පිරිනමන ලදි. එම සම්මාන අතරට සමාගම විසින් නඩත්තු කරනු ලබන මෝටර් රථ තුනක් සහ විදේශ සංචාර 82ක්  මෙන් ම තවත් ත්‍යාග සහ කුසලාන රැසක් ඇතුළත් විය.

 



 

මෙම සම්මාන උළෙල සහ රාත්‍රී භෝජන සංග්‍රහයේ දී 2023 ‘මිලියන් ඩොලර් රවුන්ඩ් ටේබල්’ (Million Dollar Round Table) සඳහා සුදුසුකම් ලැබූ සෙලින්කෝ ලයිෆ් විකුණුම් බලකායේ වාර්තාගත සමාජිකයන් 302 දෙනෙකු ඇගයීමට සහ සමාගමේ නිර්ණායක සැපිරූ ඉහළ පෙළේ විකුණුම් වත්තිකයන් 405 දෙනෙකු ‘හයි ෆ්ලයර්’ (High Flyers) ලෙස නම් කිරීමට කටයුතු කරන ලදී. මෙම උත්සවයේ විශේෂත්වය වූයේ වසරේ ඉහළ ම ජයග්‍රහණය ලැබූ උතුරු කොළඹ 11 ශාඛාවේ එස්. ගෝවින්දරාජු, මාතර 5 ශාඛාවේ සී. ඒ. ආර්. උපසේන සහ නාත්තණ්ඩිය 4 ශාඛාවේ ඩබ්ලිව්. කේ. එම්. සී. වික්‍රමසිංහ යන මහත්වරුන්ට වාහන පිරිනැමීමයි.

උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූයේ මියුනක් රී – අග්නිදිග සහ දකුණු ආසියාවේ කළමනාකාර අධ්‍යක්ෂ (ජීවන සහ සෞඛ්‍ය) ශ්‍රීනිවාස රාඕ මහතා ය.

සම්මාන උළෙල අමතමින් සෙලින්කෝ ලයිෆ් කළමණාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී තුෂාර රණසිංහ මහතා, සෙලින්කෝ ලයිෆ් හි අඛණ්ඩත්වය සහ වසර 20 ක නොබිඳුණු වෙළඳපොළ නායකත්වයට විනය සහ සමාගමට ම ආවේණික වූ සංස්කෘතිය හේතු වූ බව අවධාරණය කරන ලදි. 2004 සිට 2023 දක්වා කාල පරිච්ඡේදය තුළ විවිධ අභියෝගතා මධ්‍යයේ සමාගම වාර්ෂිකව සිය දළ ලිඛිත වාරික ආදායමේ 12% ක සාමාන්‍ය වර්ධන වේගයක් පවත්වාගෙන ඇති බව ඔහු අනාවරණය කළේය.

මෙම සම්මාන උළෙලෙ හි ඉහළ ම සම්මානලාභීන් වූයේ, හොඳම ප්‍රාදේශීය විකුණුම් කළමනාකරු, කොළඹ කලාපය – ජේ. මීරා මෙනෙවිය, හොඳම සමස්ත ජීවිත රක්ෂණ උපදේශක – ජේ. එම්. ඩී. දීප් රන්ජන් මහතා, හොඳ ම සමස්ත ඒකක ප්‍රධානී ආර්. පී. එදිරිසිංහ මහතා සහ හොඳම සමස්ත ශාඛා ප්‍රධානියා නුගේගොඩ ශාඛාවේ ඒ. එස්. සමරසිංහ මහතා යන අයයි.

2023 දී අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ සෙලින්කෝ ලයිෆ් සමාගම, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 36 න් වසර 20 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව