සෙලාන් බැංකුව Colombo Motor Show 2023 ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කරයි

IMG-20231117-WA0044 (LBN)

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා අඛණ්ඩව 6 වන වරටත් Colombo Motor Show ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කළේ ය. දිවයිනේ විශාලතම රථවාහන සහ රථවාහන උපාංග ප්‍රදර්ශනය ලෙස සැලකෙන මෙය පසුගිය නොවැම්බර් 17 දින සිට 19 දින දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

 



 

මෙරට රථවාහන කර්මාන්තය වෙත මූල්‍ය සේවාවන් පිරිනමමින් එම කර්මාන්තය මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීම සඳහා දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන් සෙලාන් බැංකුව මෙම ප්‍රදර්ශනයට දායක විය. මෙහිදී ආකර්ෂණීය පොලී අනුපාත සහිත ලීසිං පහසුකම් ඇතුළුව සෙලාන් බැංකුව පිරිනමන විවිධාකාර වූ සේවාවන් පිළිබඳව සවිස්තරව තොරතුරු දැනගැනීමට නරඹන්නන්ට අවස්ථාව ලැබිණි.

Colombo Motor Show 2023 ප්‍රදර්ශයනට වෙළඳ කුටි 200 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වූ අතර, මෝටර් රථ, අමතර කොටස්, ලිහිසි තෙල්, ටයර් සහ බැටරි ඇතුළුව රථවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ නිෂ්පාදන හා සේවාවන් රාශියක් මෙහිදී ප්‍රදර්ශනය කරන ලදි. මෙහිදී රථවාහන ගැනුම්කරුවන්ට, ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු වූ සෙලාන් බැංකුව වෙතින්, ආකර්ෂණීය පොලී අනුපාත සහ වසර 7 ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක් සහිතව, තම ආදායමට ගැළපෙන ලීසිං පහසුකම් ලබාගැනීමට අවස්ථාව උදා විය.

සෙලාන් බැංකුවේ මේ වනවිට තම ලීසිං සේවාවන් යටතේ Speed Drive නමින් සුවිශේෂී සේවාවක්ද හඳුන්වා දී ඇත. මේ යටතේ ගනුදෙනුකරුවන්ට කාරක ප්‍රාග්ධන අවශ්‍යතා ඇතුළුව විවිධාකාර මූල්‍ය අවශ්‍යතා සපුරාගැනීම සඳහා තමන් සතු රථවාහන වෙනුවෙන් ලීසිං පහසුකම් ලබාගත හැකි වේ.

නොමිලේ ණය විශ්ලේෂණ පහසුකම් සහ උපදේශන සේවා ඇතුළුව පරිපූර්ණ සේවාවක් පිරිනැමීම හේතුවෙන් සෙලාන් බැංකුවේ ලීසිං සේවාවන් මේ වනවිට ගනුදෙනුකරුවන් අතර විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබේ. මෙහිදී වාහනයේ වටිනාකම තක්සේරු කිරීමේ පටන් ලීසිං පහසුකම ලබාදීම දක්වා සෑම පියවරකදීම ගනුදෙනුකරුවන්ට පූර්ණ හා පැහැදිලි මගපෙන්වීමක් ලබාදීමට සෙලාන් බැංකුව කටයුතු කරයි.

මීට අමතරව, මෙම ප්‍රදර්ශනයට එක් වූ රථවාහන සමාගම් සමග හවුල්කාරීත්වයන් ඇතිකරගෙන, විශේෂ පොලී අනුපාත සහ අනෙකුත් ප්‍රතිලාභ සහිත සාමූහික ලීසිං පැකේජ හඳුන්වා දීමටද සෙලාන් බැංකුව මේ වනවිට පියවර ගෙන තිබේ.

තම සිහින වාහනය මිලදී ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම කෙනෙකුට, සෙලාන් බැංකුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 011-200 88 88 අමතා, සෙලාන් බැංකුව පිරිනමන සුවිශේෂී ලීසිං පහසුකම් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැකි වේ.

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව