සෙලාන් බැංකුව 2024 සබරගමුව පළාත් ‘වසරේ හොදම ව්‍යවසායකයා’ සම්මාන උළෙලේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කරයි

471366388_9684131094948191_6436673307917388298_n (LBN)

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා නිමාවූ 2024 සබරගමුව පළාත් ‘වසරේ හොදම ව්‍යවසායකයා’ සම්මාන උළෙලේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කළේය.

සබරගමුව පළාතේ ව්‍යවසායකයන්ට පළාත් මට්ටමින් හිමි වන ඉහළම ගෞරවයක් ලෙස මෙම සම්මාන උළෙල සැළකේ. වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ අරමුණ වන්නේ, සබරගමුව පළාතේ ආර්ථික සංවර්ධනය උදෙසා එම පළාතේ ව්‍යවසායකයන් ලබාදෙන දායකත්වය ඇගයීමට ලක්කිරීම ය. ඉහළ පිළිගැනීමක් සහිත සම්මාන උළෙලක් වන මෙහි ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තෝරාගනු ලබන්නේ, රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරන ප්‍රවීණයන් පිරිසකගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසිනි. ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මෙන්ම විශාල සහ අතිවිශාල පරිමාණ සමාගම්ද මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වේ.
 



 

මෙම සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ව්‍යවසායිකාව, වසරේ ආබාධ සහිත ව්‍යවසායකයා/ව්‍යවසායිකාව සහ වසරේ විශිෂ්ටතම තරුණ ව්‍යවසායකයා/ව්‍යසායිකාව යන කාණ්ඩ යටතේ විශේෂ සම්මාන පිරිනැමිණි. තවද නිෂ්පාදන, සේවා, වෙළඳාම් හා කෘෂිකාර්මික යන අංශ මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ, තේ නිෂ්පාදන, සංචාරක සහ නව්‍ය ව්‍යාපාරික යනාදී අංශ යටතේ මෙහිදී විශේෂ සම්මාන කිහිපයක්ද පිරිනමනු ලැබීය.

සබරගමුව පළාතේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සවිබල ගැන්වීමේ මෙහෙවරෙහිම ඉදිරි පියවරක් වශයෙන් මෙම සම්මාන උළෙලට අනුග්‍රාහකත්වය ලබාදීමට සෙලාන් බැංකුව තීරණය කර තිබිණි. මෙම මෙහෙවර යටතේ සෙලාන් බැංකුව විසින් එම ව්‍යාපාරවල දියුණුවට අතිශයින් වැදගත් වන බැංකු සේවාවන් රාශියක් පිරිනමනු ලබයි. මෙම සම්මාන උළෙල, සබරගමුව පළාතේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට අත්වැලක් වන අතරම, එම ව්‍යාපාරවලට අවශ්‍ය මූල්‍ය විසඳුම්, විශේෂඥ උපදෙස් සහ වෙනත් සහයෝගයන් ලබාදෙමින්, ගෝලීය වෙළඳපොළේ තරගකාරීත්වයට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලබාදීම සඳහා සෙලාන් බැංකුව දරන උත්සාහය තවදුරටත් පුළුල් කිරීම සඳහා ලැබෙන අනගි අවස්ථාවක් ලෙසද හැඳින්විය හැකි වේ.

මෙම සම්මාන උළෙල සබරගමුව පළාතේ ප්‍රධානතම ව්‍යවසායකත්ව සංවිධානය වන සබරගමුව වාණිජ මණ්ඩලය සහ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් සංවිධානය කරනු ලැබීය. සබරගමුව පළාතේ ප්‍රධානතම ව්‍යාපාරික ඉසව්වක් වන මෙම සම්මාන උළෙල, කලාපයේ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ලැබෙන සුවිශේෂී අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි වේ. මෙම සම්මාන උළෙල මගින් රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල 29 ක් ආවරණය වූ අතර, දිස්ත්‍රික් මට්ටමේ වෙළඳ සංගම් සහ වාණිජ මණ්ඩල රැසකින් මේ සඳහා නාමයෝජනා ඉදිරිපත් කර තිබිණි.

ජනතාව සවිබල ගන්වමින් රටේ සෞභාග්‍යමත් ආර්ථික ක්‍රියාවලියක් නිර්මාණය කිරීම සඳහා කැප වී සිටින සෙලාන් බැංකුව,  2024 සබරගමුව පළාත් ‘වසරේ හොදම ව්‍යවසායකයා’ සම්මාන උළෙල සාර්ථක කරගැනීම සඳහා තම උපරිම දායකත්වය ලබාදෙනු ලැබීය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව