සෙලාන් බැංකුව වෙතින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් අපනයනය පිළිබඳ වෙබ් සම්මන්ත්‍රණයක්

Seylan

 



 

 

 

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් නොමිලේ වෙබ් සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ලංකා වාණිජ මණ්ඩලය හා එහි සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරද මෙම සම්මන්ත්‍රණය  සමග එක් වීමට නියමිතය.  අපනයනයට අදාළ step-by-step functionality (පියවරෙන් පියවර ක්‍රියාකාරිත්වය) පිළිබඳ මෙම සම්මන්ත්‍රණයේදී සාකච්ඡා කිරීමට නියමිතය. 2022 ජනවාරි මස 23 වන දින ප.ව 4.00 සිට ප.ව 5.30 දක්වා මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙනු ඇත. Zoom, LinkedIn, සහ YouTube ඔස්සේ මෙන්ම සෙලාන් බැංකුවේ නිල සමාජ මාධ්‍ය පිටු ඔස්සේද මෙය සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.

Step-by-step functionality (පියවරෙන් පියවර ක්‍රියාකාරිත්වයෙහි) හි අරමුණ, එහි පද්ධතිය සහ එය ක්‍රියාත්මකවන ආකාරය පිළිබඳ දැනුවත් කිරීම මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණක් වේ. එමෙන්ම අපනයන මෙහෙයුම්වලට අදාළ තොරතුරු එකිනෙක යාකරමින් තොරතුරු ප්‍රකාශයට පත්කරනා ආකාරය කෙරෙහි ද අවධානය යොමුකිරීමට නියමිතය. තවද, මෙම සම්මන්ත්‍රණයේදී අපනයන සඳහා යොමුවීමට උනන්දුවක් දක්වන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් හා තරුණ ව්‍යවසායකයින් මුහුණදෙන ගැටලු මෙන්ම අපනයන ක්‍රියාපටිපාටියේ ඇති පොදු  ගැටලු සහ ඒවාට විසඳුම් සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා වෙළෙඳ අමාත්‍යංශයේ වාණිජ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ – වාණිජ, භාග්‍යා  අබේකෝන්, ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයේ (ITC)  ජාතික උපදේශක (GIZ අරමුදල් ව්‍යාපෘතියට අනුබද්ධිත) මොහොමඩ් ෆියාස් සහ සෙලාන් බැංකුවේ  සහකාර සාමාන්‍යාධිකාරී – ජාත්‍යන්තර, දිලාන් විජේගූණවර්ධන  යන මහත්ම මහත්මීන් මෙම සම්මන්ත්‍රණය සඳහා සම්පත් දායකයන් ලෙස එක්වීමට නියමිත ය.

මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට අත්වැලක් වීමට සෙලාන් බැංකුව සෑම විටම කටයුතුකර ඇත. රටේ ආර්ථිකයෙන් අඩකට වැඩි ප්‍රමාණයකට දායකවන එම ව්‍යාපාර, රැකියා අවස්ථා මිලියන ගණනක් උදාකර දී තිබේ. මෙම ව්‍යාපාර රටේ සංවර්ධනයට අතිශයින් වැදගත් බවත්, එම ව්‍යාපාරවලට විදේශ වෙළෙඳපොළ වෙත පිවිසීමට ද අවස්ථාව උදාකර දිය යුතු බවත් සෙලාන් බැංකුව විශ්වාස කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව