සෙලාන් බැංකුව ‘විමන්’ නිවාස ව්‍යාපෘතිය සමග එක් වී සුවිශේෂී නිවාස ණය පහසුකම් හඳුන්වා දෙයි

The Seylan Bank & VIMAN teams at the signing of the partnership (LBN)

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ‘විමන්’ නිවාස ව්‍යාපෘතිය සමග එක් වී සුවිශේෂී නිවාස ණය ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මේ යටතේ එම නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදීගන්නා පුද්ගලයන්ට ආකර්ෂණීය පොලී අනුපාත යටතේ නිවාස ණය පහසුකම් හිමි වනු ඇත. නූතන ජීවන රටාවන්ට ගැළපෙන නවීනතම පහසුකම්වලින් සමන්විත සුඛෝපභෝගී නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට මෙම කදිම අවස්ථාවක් වනු නිසැකය.

විමන් නිවාස ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලබන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම දේපළ සංවර්ධන සමාගමක් වන John Keells Properties සමාගම විසිනි. මෙය විමන් නිවාස ව්‍යාපෘතිය සහ සෙලාන් බැංකුව යන දෙපාර්ශ්වයටම බෙහෙවින් වැදගත් වන හවුල්කාරීත්වයක් ලෙස හැඳින්විය හැක.
 



 

නිසි සුදුසුකම් සපුරාලන ගනුදෙනුකරුවන්ට දින 7 ක් වැනි කෙටි කාලයක් ඇතුළත මෙම නිවාස ණය පහසුකම ලබාගැනීමට හැකි වන අතර, ණය මුදල ආපසු ගෙවීම සඳහා වසර 25 ක් දක්වා කාලය හිමි වේ. ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ තක්සේරුවෙන් අනතුරුව, පොලී අනුපාතය 9.5% සිට ඉහළට, අදාළ නිවසේ විකුණුම් වටිනාකමින් 75% ක් දක්වා ණය පහසුකම් ලබාගැනීමට හැකි වනු ඇත.

නිවාස ණය පහසුකම් ලබාගැනීමේ ක්‍රියාවලිය සරල කරමින් එම ක්‍රියාවලිය පුරාවටම ගනුදෙනුකරුවන්ට අවශ්‍ය මගපෙන්වීම හා සහයෝගය ලබාදීම සඳහා සෙලාන් බැංකුවේ නිවාස ණය විශේෂඥයෝ සූදානමින් සිටිති. පොලී අනුපාත ඇතුළුව සියලු වැදගත් කාරණා සම්බන්ධයෙන් කිසිදු ගාස්තුවකින් තොරව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට මෙන්ම, ණය අයදුම් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වීමෙන් පසුව ඒ සම්බන්ධ තොරතුරු ඔවුන් වෙත නොපමාව ලබාදීමටද මෙම විශේෂඥයන් කටයුතු කරනු ඇත. මෙම ණය පහසුකම දිවයින පුරා පිහිටි සෙලාන් බැංකු ශාඛා වෙතින් ලබාගත හැකි වේ.

“විමන් නිවාස ව්‍යාපෘතිය සමග එක් වී අපගේ සේවාවන් තවත් පුළුල් කරමින්, නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගනුදෙනුකරුවන්ට හොඳම නිවාස ණය පහසුකම් පිරිනැමීමට හැකි වීමට අපට මහත් සතුටක්. නිවසක් මිලදී ගැනීමේදී අපගේ ගනුදෙනුකරුවන්ට හොඳම තෝරාගැනීමක් සිදුකිරීමට අවස්ථාව තිබිය යුතු බව අප විශ්වාස කරනවා. විමන් නිවාස ව්‍යාපෘතිය සමග එක්ව කටයුතු කිරීම තුළින් අපට බොහෝ දෙනෙකුගේ නිවාස සිහින සැබෑ කිරීමට හැකි වේවි.” සෙලාන් බැංකුවේ සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න මහතා පැවසීය.

“අප සෑම විටම උත්සාහ කරන්නේ විශ්වාසනීය හවුල්කාරීත්වයන් තුළින් අතිවිශිෂ්ට ජීවන අවකාශයන් නිර්මාණය කිරීමටයි. සෙලාන් බැංකුව සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, ජනතාවට වඩාත් පහසුවෙන් නිවසක් මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා තබන ලද වැදගත් ඉදිරි පියවරක්. සෙලාන් බැංකුවේ නම්‍යශීලී හා තරගකාරී නිවාස ණය විසඳුම් හේතුවෙන් වැඩි පිරිසකට තම සිහින නිවසට උරුමකම් කීමට හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා.” John Keells Properties සමාගමේ විකුණුම් හා අලෙවි ප්‍රධානී සහ John Keells සමූහ ව්‍යාපාරයේ උප සභාපති නදීම් ශම්ස් මහතා පැවසීය.

සෙලාන් බැංකුවේ නිවාස ණය පහසුකම් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා  011 2008888 අමතන්න.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව