සෙලාන් බැංකුව නවතම Loyalty වැඩසටහනක් හඳුන්වා දෙයි

Seylan_Bank_logo

 



 

 

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් නවතම Loyalty වැඩසටහනක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙම වැඩසටහන යටතේ සෙලාන් බැංකුවේ Visa Signature, World Mastercard සහ Visa Platinum කාඩ්පත් හිමියන්ට, එම කාඩ්පත් භාවිතයෙන් ගනුදෙනු සිදුකරන ආකාරය අනුව ලකුණු හිමි වන අතර, ඒ ඔස්සේ අලෙවිසැල් රැසකදී ඔවුන්ට විවිධ ප්‍රතිලාභ හිමි වේ.

“මෙය අපගේ කාඩ්පත්හිමියන් බොහෝ දෙනෙකු අපේක්ෂාවෙන් සිටි ආකාරයේ  Loyalty වැඩසටහනක්. අපගේ කාඩ්පත් මගින් ලැබෙන අනෙකුත් ප්‍රතිලාභවලට අමතරව Loyalty වැඩසටහනක්ද දියත් කිරීමට හැකි වීම සම්බන්ධයෙන් අප බෙහෙවින් සතුටු වනවා. අපගේ කාඩ්පත්හිමියන් ඉමහත් උනන්දුවකින් යුතුව මෙහි ප්‍රතිලාභ අත්විඳිනු ඇති බවට සැකයක් නැහැ.” සෙලාන් බැංකුවේ කාඩ්පත් ප්‍රධානී රුචිත් ලියනගේ මහතා පැවසී ය.

මෙම වැඩසටහන යටතේ සෙලාන් Visa Signature සහ World Mastercard කාඩ්පත් හිමියන්ට, ඔවුන් වැය කරන සෑම රු. 100/- කටම ලකුණු 1 බැගින් හිමි වන අතර, Visa Platinum කාඩ්පත් හිමියන්ට සෑම රු. 300/- කටම ලකුණු 1 බැගින් හිමි වේ. වැය කරන මුදලට සාපේක්ෂව එක්රැස් වන ලකුණු ප්‍රමාණය වැඩි වනු ඇත.

මෙම Loyalty වැඩසටහන තුළින් හිමි වන ප්‍රතිලාභ සැලසුම් කර ඇත්තේ සෙලාන් බැංකු කාඩ්පත් හිමියන්ගේ ජීවන රටාවන් සැලකිල්ලට ගනිමිනි. හෝටල්, ආපනශාලා, සංචාරක සේවා සමාගම්, ඇඟලුම් හා විලාසිතා අලෙවිසැල් සහ පාරිභෝගික භාණ්ඩ අලෙවිසැල් ඇතුළු ව්‍යාපාර රැසක් මේ සඳහා සෙලාන් බැංකුව සමග අත්වැල් බැඳගෙන සිටී.

www.seylancardsrewards.com වෙත පිවිසීමෙන් හෝ 011 200 88 88 අංකය ඇමතීමෙන් සෙලාන් බැංකුවේ කාඩ්පත් හිමියන්ට මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැකි වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව