සෙලාන් බැංකුව කාන්තා ව්‍යවසායිකාවන් වෙනුවෙන් අන්තර්ජාල වැඩමුළුවක් සංවිධානය කරයි

Webp.net-resizeimage

 



 

 

 

ගෝලීය වසංගත තත්ත්වය හමුවේ උදා වී ඇති නව ව්‍යාපාර අවස්ථා මෙන්ම ව්‍යාපාරකරණය තුළ මතුවන ප්‍රායෝගික ගැටලු පිළිබඳ කාන්තා ව්‍යවසායිකාවන් දැනුවත් කිරීමේ අරමුණින් 2022 මාර්තු 6 වැනිදා පස්වරු 4 සිට 5.30 දක්වා විශේෂ අන්තර්ජාල වැඩමුළුවක්  සංවිධානය කිරීමට, සුහද හදක් ඇති දේශීය බැංකුව වන, සෙලාන් බැංකුව පියවර ගෙන තිබේ. ලංකා වාණිජ මණ්ඩලය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කේන්ද්‍රය හා එක්ව ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධානය කරනු ලබන මෙම වෙබ් සම්මන්ත්‍රණයේදී කාන්තා ව්‍යවසායිකාවන්ට වැදගත්වන මාතෘකා ගණනාවක් යටතේ පුළුල් වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත ය.

ව්‍යවසායකත්වය තුළින් කාන්තාවන් සවිබල ගැන්වීම යනුවෙන් නම්කර ඇති මෙම අන්තර්ජාල වැඩමුළුවට, සෙලීන් ආයතනයේ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී සෙලීනා පීරිස්, ගෝල්ඩන් ස්ටාර් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා නාමලී වික්‍රම, කිඹුලා කිතුල් ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී චංචලා ගුණවර්ධන,  හඳුන් විලාස් ඇන්ඩ් රෙස්ටොරන්ට්ස්හි විධායක අධ්‍යක්ෂිකා නයෝමි හඳුන්නෙත්ති සහ සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී ශාඛා ණය, ප්‍රබෝධා රාජපක්ෂ යන මහත්මීහු සම්පත් දායිකාවෝ ලෙස එක්වෙති.

දේශීය ව්‍යවසායකයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නිබඳ කැපවන සෙලාන් බැංකුව, කාන්තා ව්‍යවසායිකයින් සවිබල ගැන්වීම තුළින් සමස්ත ආර්ථික සංවර්ධනයක් අත්කරගත හැකි බවට විශ්වාසය තබන දේශීය බැංකුවකි. එමෙන්ම ඔවුන්ගේ සාර්ථකත්වයේ ගමනට මඟපෙන්වමින් ඔවුන්ට අත්වැලක් සැපයීමට ද සෙලාන් බැංකුව ඉදිරිපත්ව සිටියි. ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මෙබඳු හරවත් සහ ප්‍රයෝජනවත් වෙබ් සම්මන්ත්‍රණයක් සංවිධාන කිරීමට තීරණය කර ඇත්තේ ද එබැවිනි.

කොවිඩ් කාලසීමාවෙන් පසු උදාවී ඇති නව ව්‍යවසාය අවස්ථා පිළිබඳ කාන්තාවන්ට පුළුල් අවබෝධයක් පිරිනමන අතරතුර, ව්‍යවසාය කටයුතු කළමනාකරණය කරගැනීම පිළිබඳ ද ඔවුන්ට වැදගත්වන ප්‍රායෝගික තොරතුරු රැසක් මෙම වෙබ් සම්මන්ත්‍රණයේදී සාකච්ඡා කෙරෙනු ඇත.

මෙම අන්තර්ජාල වැඩමුළුවට ලියාපදිංචි වීම සඳහා ඔබේ නම සහ දුරකතන අංකය businessbanking@seylan.lk වෙත යොමු කරන්න. නැතහොත්, පහත QR කේතය ස්කෑන් කරන්න. වැඩි විස්තර සඳහා 011 200 88 88 අමතන්න.

සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, සීඝ්‍රයෙන් වර්ධනය වන, නවීන තාක්ෂණයෙන් යුතු නවෝත්පාදන සේවා මෙන්ම බැංකුකරණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට කැපවී සිටී. සීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුණු පාරිභෝගික සේවා සැපයුම් ස්ථාන 540 කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියයි. ෆිච් ශ්‍රේණිගත කිරීම් සෙලාන් බැංකුවේ දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම ‘A’(lka) ලෙස සංශෝධනය කරමින් එම බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත, මුල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත. සෙලාන් බැංකුවේ මුල්‍ය ස්ථාවරත්වය මෙන්ම සැමවිටම විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා එම බැංකුව දක්වන කැපවීමද මෙවැනි ඇගයීම්වලින් තවදුරටත් තහවුරු වේ.

 ලංකා වාණිජ මණ්ඩලය පිළිබඳව  

 1939 වසරේදී ආරම්භ වූ ලංකා වාණිජ මණ්ඩලය ශ්‍රී ලංකාවේ පැරණිතම වාණිජ මණ්ඩලයයි. එය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවගේ යහපත උදෙසා පිහිටුවන ලද ස්වාධීන, දේශපාලනික නොවන, සේවා සංවිධානයකි. සාම්ප්‍රදායික භාණ්ඩ අතළොස්සකින් ආරම්භ වී, නව ලොව පාරිභෝගික අවශ්‍යතා, අපනයන විවිධාංගීකරණයන්, වඩාත් සමීප ජාත්‍යන්තර සම්බන්ධතා, නවීන තාක්ෂණයන් සහ ඩිජිටල් ආර්ථිකයේ වර්ධනය වැනි සාධක ඔස්සේ බෙහෙවින් පුළුල් වූ ශ්‍රී ලාංකික ව්‍යාපාර ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එම මණ්ඩලය පසුගිය වසර 182 තුළ ඉමහත් කැපවීමකින් යුතුව කටයුතු කර තිබේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven − five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව