සෙලාන් බැංකුව, ඔබ අපේක්ෂා කරන ලෙසින්ම ඔබේ ජීවන රටා වැඩිදියුණු කිරීමට ‘සෙලාන් ඇක්සලරේට්’ හඳුන්වාදෙයි

seylan_accelerate (3)




 

2022 මාර්තු 10, කොළඹ: සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, වෘත්තිකයන්ට සිය ජීවන රටා වැඩිදියුණු කරගැනීමට අත්වැලක් වීම සඳහා ‘සෙලාන් ඇක්සලරේට්’ (‘Seylan Accelerate’) නමින් සුවිශේෂී විසඳුමක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

කොවිඩ්-19 හේතුවෙන් පසුගිය කාලය තුළ බොහෝ දෙනෙකුගේ ජීවන රටාවට එල්ලවූයේ දැඩි බලපෑමකි. එවැනි පසුබිමක් හමුවේ, ජීවන රටා වැඩිදියුණු කරගැනීමට උපකාරීවන මූල්‍යමය විසඳුම් සඳහා වෙළඳපොළේ ඇති ඉල්ලුම ඉහළ යමින් පවතින බව, සෙලාන් බැංකුව විසින් සිදුකරන ලද පර්යේෂණයකදී පෙනී ගියේ ය. සෙලාන් බැංකුව ‘සෙලාන් ඇක්සලරේට්’ හඳුන්වා දීමට කටයුතු කළේ එම ඉල්ලුම සපුරාලීමේ උත්සාහයක් වශයෙනි. රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියා වල නියුතු, ස්ථාවර වැටුප්, දීමනා සහ අතිරේක ආදායම් ලබන වෘත්තිකයන්ට සුවිශේෂී ප්‍රතිලාභ රාශියක් ලැබෙන පරිදි ‘සෙලාන් ඇක්සලරේට්’ සැලසුම් කර තිබේ.

“අපගේ වර්තමාන සහ අනාගත ගනුදෙනුකරුවන් වෙනුවෙන් ‘සෙලාන් ඇක්සලරේට්’ හඳුන්වා දීමට හැකිවීම අපට මහත් සතුටක්. අධ්‍යාපනය, වෘත්තීය ජීවිතය සහ ‘ඩේටා මූලික කරගත්’ ජීවන රටා සමබන්ධයෙන් ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට මෙය සුවිශාල අත්වැලක් වේවි. මූල්‍ය සේවා සම්පාදකයෙකු ලෙස අපට අවශ්‍ය වන්නේ, කිසිදු භේදයකින් තොරව, උත්සාහවන්තයන්ට තම සිහින සැබෑ කරගැනීමට අත්වැලක් වීමයි. ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීමට අප ඉහළම ප්‍රමුඛත්වයක් ලබා දී ඇති අතර, එමගින් ඔවුන්ට තම අරමුණු ඉටුකරගැනීම පහසුවන බව අප දන්නවා. ‘සෙලාන් ඇක්සලරේට්’ සඳහා ප්‍රමුඛ පෙළේ සන්නාම රාශියක් ද හවුල් කරගැනීමට අපට හැකි වුණා. ඒ ඔස්සේ අපගේ ගනුදෙනුකරුවන් මහන්සියෙන් උපයාගත් මුදල් වලට උපරිම වටිනාකමක් හිමිවේවි. ඉදිරියේදී ඔවුන්ගේ ජීවන රටා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා තවත් සන්නාම රාශියක් සමඟ අත්වැල් බැඳගැනීමට අප බලාපොරොත්තු වෙනවා” යනුවෙන් සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (ශාඛා) දිමුත් සිගේරා මහතා පැවසී ය.

‘සෙලාන් ඇක්සලරේට්’ ගිණුම් හිමියන්ට උසස් අධ්‍යාපන ආයතන, ක්‍රීඩා උපකරණ අලෙවිසැල්, ඇඟලුම් හා ජීවන විලාසිතා අලෙවිසැල් සහ ආපනශාලා ආදියේදී සුවිශේෂී වට්ටම්, පහසු ගෙවීමේ ක්‍රම සහ දීමනා හිමිවන ඩෙබිට් කාඩ්පතක් ලැබෙනු ඇත. American National College, Business Management School, Sri Lanka Institute of Marketing, Fashion Bug, Hameedia, Dialog, Singer, Power World, Fitness First වැනි ප්‍රමුඛ පෙළේ සන්නාම මෙම වැඩසටහන සමඟ අත්වැල් බැඳගෙන සිටී.

මීට අමතරව, සෙලාන් බැංකුවේ සහ අනෙකුත් බැංකුවල ATM යන්ත්‍ර වලින් මුදල් ලබාගැනීමේදී අවම වශයෙන් මුදල් ආපසු ගැනීම් වාර දෙකක් සඳහා ගාස්තු අය නොකෙරෙන අතර, Accelerate Plus, Prime සහ Premier කාඩ්පත් භාවිතයෙන් සෙලාන් බැංකුවේ ATM යන්ත්‍ර වලින් මුදල් ලබාගැනීමේදී කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.

Premier, Prime, Plus සහ Entry යන කාණ්ඩ යටතේ ‘සෙලාන් ඇක්සලරේට්’ සාමාජිකත්වය ලබාගත හැකි අතර, උපන්දින, විවාහ මංගලෝත්සව, දස වැනි සහ විසිපස් වැනි සංවත්සර, දරු උපත් සහ තවත් බොහෝ වැදගත් අවස්ථා වලදී විශේෂ දීමනා සහ රු. 200,000/- ක් දක්වා මුදල් ත්‍යාග පිරිනැමීමට ද සෙලාන් බැංකුව කටයුතු යොදා තිබේ.

“සෙලාන් බැංකුව යනු ගනුදෙනුකරුවන්ට මෙවැනි සුවිශේෂී ප්‍රතිලාභ පිරිනැමීම සම්බන්ධයෙන් ඉදිරියෙන්ම සිටින බැංකුවක්. සෑම කෙනෙකුටම තම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා යම් ආකාරයක මඟපෙන්වීමක් අවශ්‍ය බව අප විශ්වාස කරන අතර, රටේ යහපත වෙනුවෙන් ජයග්‍රාහී වෘත්තිකයන් නිර්මාණය කිරීමේ උත්සාහයේ පුරෝගාමියෙකු වීමට අපට අවශ්‍යයි. ‘සෙලාන් ඇක්සලරේට්’ යනු මෙම ඉලක්කය සපුරාලීමේ හැකියාව ඇති විසඳුමක්. සැලකිය යුතු ආදායමක් උපයන, නිතර සමාජ මාධ්‍ය හා අන්තර්ජාලය භාවිතා කරන ගනුදෙනුකරුවන්ට මෙය බෙහෙවින් වැදගත් වේවි. මෙම වෘත්තිකයන්ට තම අනාගතය සම්බන්ධයෙන් බලාපොරොත්තු රාශියක් තිබෙනවා. ඒ බලාපොරොත්තු සැබෑ කරගැනීමට අත්වැලක් වීම අපගේ වගකීමක්.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම් හා අලෙවි) ගාමික ද සිල්වා මහතා පැවසී ය.

‘සෙලාන් ඇක්සලරේට්’ සමඟ එක්වී මූල්‍යමය නිදහස හා සිතේ සැහැල්ලුව සමඟ සුවිශේෂී සේවාවක් සහ වටිනා ප්‍රතිලාභ රාශියක් අත්විඳින මෙන් සෙලාන් බැංකුව මෙරට වෘත්තිකයන්ට ආරාධනා කර සිටී.

‘සෙලාන් ඇක්සලරේට්’ පිළිබඳ වැඩිදුර තොරතුරු සෙලාන් බැංකුවේ ශාඛා වෙතින් හෝ www.seylan.lk   වෙබ් අඩවිය හරහා ලබාගත හැක. එමෙන්ම 011 200 88 88 අංකයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික සේවාව ඇමතීමෙන් ද වැඩිදුර තොරතුරු ලබාගත හැක.

සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, සීඝ්‍රයෙන් වර්ධනයවන, නවීන තාක්ෂණයෙන් යුතු නවෝත්පාදන සේවා මෙන්ම බැංකුකරණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට කැපවී සිටී. සීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුණු පාරිභෝගික සේවා සැපයුම් ස්ථාන 540 කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියයි. ෆිච් ශ්‍රේණිගත කිරීම් සෙලාන් බැංකුවේ දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම ‘A’(lka) ලෙස සංශෝධනය කරමින් එම බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත, මුල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත. සෙලාන් බැංකුවේ මුල්‍ය ස්ථාවරත්වය මෙන්ම සැමවිටම විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා එම බැංකුව දක්වන කැපවීම ද මෙවැනි ඇගයීම්වලින් තවදුරටත් තහවුරු වේ.




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine − 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව