සෙලාන් බැංකුව අඛණ්ඩව 3 වැනි වරටත් ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය සමග අත්වැල් බැඳගනී

Image - Seylan Bank partners with the National Industry Expo 2025 (LBN)

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 3 වැනි වරටත් ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය (National Industry Expo 2025) සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය 2025 ජුනි 19 සිට 22 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වේ.

දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීම සහ එය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම ප්‍රදර්ශනයේ මූලික අරමුණයි. මෙහිදී වෙළඳපොළ ඒකාබද්ධකරණය (Market Integration), තාක්ෂණික දියුණුව සහ විවිධ පාර්ශව අතර සහයෝගීත්වය වර්ධනය කිරීම මෙන්ම කර්මාන්තවල දියුණුව වෙනුවෙන් සෙලාන් බැංකුව ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු වනු ඇත.




මෙම වසරේ ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ තේමාව වන්නේ ‘මෙතෙක් භාවිතා නොකළ වෙළඳපොළ අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කිරීම’ යන්නයි. මෙම තේමාවට සමගාමීව මෙම ප්‍රදර්ශනය හරහා විශේෂයෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ ව්‍යාපාර වෙනුවෙන්ම සැලසුම් කළ මූල්‍යමය විසඳුම් පිරිනැමීමට සැලසුම් කර තිබේ. එමෙන්ම රටේ ආර්ථික දියුණුවට වැදගත් වන අදහස් හා විසඳුම් හුවමාරු කරගැනීමටද මෙහිදී අවස්ථාව හිමි වනු ඇත. මෙම අරමුණු සාක්ෂාත් කරගැනීමට අත්වැලක් වෙමින් සහ විශ්වාසනීය මූල්‍ය සේවා සපයන්නෙකු ලෙස කටයුතු කරමින්, කර්මාන්තකරුවන්ට, අපනයනකරුවන්ට සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අනන්‍ය වූ අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රතිමූල්‍යකරණ පහසුකම් ඇතුළු විශේෂිත බැංකු සේවා විසඳුම් පිරිනැමීමට සෙලාන් බැංකුව සූදානමින් සිටී.

ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය යනු ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය වේගවත් කිරීමට සහ රටේ ආර්ථිකය සමෘද්ධිය උදෙසා දායක වීමට අපේක්ෂා කරන සියලුම පාර්ශ්වකරුවන් එකම වේදිකාවකට රැගෙන එන සුවිශේෂී ඉසව්වකි. එම අරමුණු වෙනුවෙන්ම සැලසුම් කරන ලද සුවිශේෂී මූල්‍ය සේවාවන් රැසක් ඔස්සේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ වර්ධනයට උර දෙමින් එහි අනාගතය සවිබල ගැන්වීම සෙලාන් බැංකුවේ අරමුණ වී තිබේ.

මෙම ප්‍රදර්ශනයේ කුටි අතරට සෙලාන් බැංකුවේ කුටියක්ද ඇතුළත් වනු ඇති අතර, එහි පැමිණ සෙලාන් බැංකුවේ මූල්‍ය සේවාවන් පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්නා ලෙසත්, අනාගත සහයෝගීතාවන් සඳහා ඇති අවස්ථා පිළිබඳව සාකච්ඡා කරන ලෙසත් සෙලාන් බැංකුව නරඹන්නන්ට ආරාධනා කර සිටී.

 

Home  Facebook.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව