සෙලාන් බැංකුවේ ගනුදෙනුකරුවන් පිරිසකට ‘Wedding Show 2024’ හිදී ‘Mega Rewards’ ප්‍රතිලාභ

Seylan Mega Rewards (LBN)

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු ‘Wedding Show 2024’ ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවේ විවාහ මංගලෝත්සව සම්බන්ධ දැවැන්තම ප්‍රදර්ශනය ලෙස සැලකෙන මෙම ප්‍රදර්ශනයේදී සෙලාන් බැංකුවේ ගනුදෙනුකරුවන් පිරිසකට Mega Rewards ප්‍රතිලාභ පිරිනැමීමක්ද සිදුවිය. Seylan Mega Rewards යනු ගිණුමේ ශේෂය අනුව ගිණුම් හිමියන්ට ඔවුන්ගේ ජීවිතවල සුවිශේෂී සන්ධිස්ථානවලදී නිසැකවම ප්‍රතිලාභ පිරිනමන එකම ප්‍රතිලාභ වැඩසටහනයි.

Wedding Show 2024 ප්‍රදර්ශනය අවස්ථාවේදී සෙලාන් ගිණුම් හිමියන් කිහිප දෙනෙකුට මෙලෙස Mega Rewards හිමි වූ අතර, මෙය Seylan Mega Rewards ප්‍රතිලාභ ක්‍රමය පිළිබඳව වැඩි පිරිසක් දැනුවත් කිරීමට ලැබුණු අනගි අවස්ථාවක්ද විය.
 



 

Wedding Show 2024 ප්‍රදර්ශනය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වුණු අතර එයට 15,000 කට අධික පිරිසක් සහභාගී වූහ. විවාහ මංගලෝත්සව සඳහා අවශ්‍ය වන සේවා සපයන්නන් රාශියක් එකම වහළක් යටදී දැකබලා ගැනීමට නරඹන්නන්ට මෙහිදී අවස්ථාව උදා විය.

මෙහිදී නුගේගොඩ සෙලාන් බැංකු ශාඛාවේ ගිණුමක් හිමි මල්කාන්ති ජයවීර මහත්මියට ඇයගේ 60 වැනි උපන්දිනය වෙනුවෙන් Mega Rewards ත්‍යාගයක් හිමි වූ අතර, ඇයට සැත්කමක් සඳහා වැයවුණු වියදම් ප්‍රතිපූරණය කිරීමද සිදුකෙරිණි. එම ශාඛාවේම සමීර ප්‍රියනාත් මහතාට, ඔහුගේ දියණිය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත් වීම වෙනුවෙන් Mega Rewards ප්‍රතිලාභ හිමි විය. මිලේනියම් ශාඛාවේ ගිණුමක් හිමි සී. එෆ්. ගුණතිලක මහතා වෙත හෝටල් පැකේජයක් හිමි වූ අතර, කැළණිය ශාඛාවේ ගිණුමක් හිමි ශ්‍රියාලතා ලෙල්වල මහත්මියට ඇයගේ 60 වන උපන්දිනය වෙනුවෙන් ප්‍රතිලාභ පිරිනමන ලදි. තමන්ට Mega Rewards ප්‍රතිලාභ හිමි වීම සම්බන්ධයෙන් සතුට පළ කළ මෙම ත්‍යාගලාභීහු සෙලාන් බැංකුව වෙතින් ලැබෙන සේවාව බෙහෙවින් අගය කළහ.

සෙලාන් බැංකුවේ Mega Rewards ප්‍රතිලාභ වැඩසටහන යටතේ සෙලාන් ගිණුම් හිමියන්ගේ ජීවිතවල විශේෂ සන්ධිස්ථානවලදී, ඔවුන්ගේ ගිණුම්වල ශේෂය අනුව අනිවාර්ය මුදල් ත්‍යාග පිරිනැමෙන අතර, ඒ සඳහා දිනුම් ඇදීමක් සිදු නොකෙරේ. විවාහය, විවාහ සංවත්සර, දරු උපත්, උපන් දින, විභාග ජයග්‍රහණ, සැත්කම් සහ විශ්‍රාම ගැනීම වැනි විශේෂ අවස්ථාවලදී සුදුසුකම් සම්පූර්ණ කර ඇති සෙලාන් ගිණුම් හිමියන් සඳහා මෙලෙස Mega Rewards ප්‍රතිලාභ හිමි වේ.

“සෙලාන් බැංකුවේ මෙහෙවර හොඳින්ම නිරූපණය වන්නේ එහි පාරිභෝගික සේවාව තුළිනුයි. අපගේ ඇතැම් ගනුදෙනුකරුවන් ඉතා දීර්ඝ කාලයක පටන් අප කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. ඔවුන්ගේ පාරිභෝගික ළැදියාව අප බෙහෙවින් අගය කරන දෙයක්. ඔවුන්ට කෘතගුණ සැලකීමක් වශයෙන් ඔවුන්ගේ ජීවිතවල සුවිශේෂී සන්ධිස්ථානවලදී ප්‍රතිලාභ පිරිනැමීම සඳහා අප Mega Rewards වැඩසටහන හඳුන්වා දුන්නා.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න මහතා පැවසී ය.

සෙලාන් බැංකුවේ Mega Rewards වැඩසටහන සහ එහි අනෙකුත් සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු 011-200 88 88 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ලබාගත හැකි වේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව