සෙලාන් බැංකුවේ ‘එතෙර කාසි මෙතෙර වාසි’ දෙවෙනි අදියරේ මහා දිනුම් ඇදීමේ ජයග්‍රාහකයෝ නම්කෙරෙති

777A8504 (LBN) (LBN)

 



 

 

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව ක්‍රියාවට නැංවූ ‘එතෙර කාසි මෙතෙර වාසි’ වැඩසටහනේ දෙවැනි අදියරේ අවසාන මහා දිනුම් ඇදීමේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් නම්කිරීම පසුගියදා සිදුකෙරිණි. රටට අත්‍යවශ්‍ය වී පවතින විදේශ ප්‍රේෂණ වැඩි කරගැනීම සඳහා බැංකු පද්ධතිය හරහා මුදල් එවන්නන් දිරිගැන්වීමේ අරමුණෙන් විදේශයන්හි සිට සෙලාන් බැංකුවේ ප්‍රේෂණ සේවාවන් හරහා මුදල් එවන හෝ එලෙස එවන මුදල් ලබාගන්නා පුද්ගලයන්ට මුදල් ත්‍යාග පිරිනැමීම සඳහා මෙම වැඩසටහන ආරම්භ කරන ලදී.

මෙහි පළමු ත්‍යාගය වූ රු. මිලියනයක මුදල දිනාගන්නා ලද්දේ යාපනයේ චුලිපුරම්හි පදිංචි සෙල්වරානි සූරියකුමාර් මහත්මිය විසිනි. මීට අමතරව ‘මුදල් ලබන්නන්’ කාණ්ඩ යටතේ පිරිනමන ලද රු. 250,000 බැගින් වූ ත්‍යාග දෙක නීර්වේලි හි පදිංචි කදිරවේලු රාජේන්ද්‍රන් මහතා සහ කිලිනොච්චියේ පදිංචි මතීසන් උකේත්තිරන් මහතා වෙත හිමි විය.

සෙලාන් බැංකුව විදේශ රටවල නියෝජිතයන් රැසක් සමග අත්වැල් බැඳගෙන, එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙතෙරට මුදල් එවීම පහසු කරවීම සඳහා විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ. සෞදි අරාබියාවේ සිට විද්‍යුත් ප්‍රේෂණ සේවාවන් සඳහා සෙලාන් බැංකුව තෝරාගැනීමේදී, මුදල් එවන්නන්ට ගනුදෙනු සඳහා ගාස්තුවකින් තොරව අදාළ සේවාවන් ලබාගැනීමේ පහසුව මේ වනවිට සලසා දී ඇති අතර, එලෙස එවනු ලබන මුදල් ඉක්මනින් හා කාර්යක්ෂම ලෙස අදාළ ගිණුම්වලට බැර වේ.

ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ රටවල සිටින ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය යහපැවැත්ම තහවුරු කිරීම සඳහා සෙලාන් බැංකුව කැප වී සිටී. සියලුම දෙනාට වඩාත් පහසුවෙන් ලබාගත හැකි වන ආකාරයට බැංකු සේවාවන් පිරිනැමීම යන දැක්ම පෙරදැරිව, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන සේවාවන් හඳුන්වා දීම සෙලාන් බැංකුවේ අරමුණ වී තිබේ.

සෙලාන් බැංකුව පිරිනමන සේවාවන් පිළිබඳව සහ සෙලාන් බැංකුවේ ගිණුමක් විවෘත කර වඩාත් පහසුවෙන් මුදල් ගෙන්වා ගත හැකි ආකාරය ඇතුළු තොරතුරු දැනගැනීම සඳහා ඔබට ළඟම පිහිටි සෙලාන් බැංකු ශාඛාව වෙත පියනගන්න.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව