සෙලාන් බැංකුවෙන් කාඩ්පත් හිමියන්ට රක්ෂණ වාරික සඳහා පහසු ගෙවීමේ ක්‍රම

Eugene De Alwis Seneviratne

 



 

 

 

2022 ජූනි, කොළඹ: සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, තම ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පහසු ගෙවීමේ ක්‍රමයට රක්ෂණ වාරික ගෙවීම සඳහා අවස්ථාව උදාකර දී තිබේ. රටේ ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගම් කිහිපයක් සමග අත්වැල් බැඳගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇත. ජීවිත රක්ෂණ හා සාමාන්‍ය රක්ෂණ හිමි සෙලාන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට වඩාත් හොඳින් තම ආදායම් හා වියදම් කළමනාකරණය කරගැනීමට අවස්ථාව ලබාදීම මෙහි අරමුණ වී තිබේ.

2022 අගෝස්තු 31 දින දක්වා, සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් මගින් රක්ෂණ වාරික ගෙවීමේදී සෙලාන් කාඩ්පත් හිමියන්ට මෙම සුවිශේෂී පහසුකම හිමිවන අතර, රු. 10,000 ත් රු. 1,000,000 ත් අතර වාරික ගෙවීම් සඳහා එය වලංගු වේ. මාස 3 සහ මාස 6 යන කාලසීමාවන් සඳහා මෙම පහසුකම ලබාගත හැකි අතර, රාජකාරි දින 7 ක් ඇතුළත ගනුදෙනුකරුවන්ට තම ගනුදෙනුව පහසු ගෙවීමේ ක්‍රමයක් බවට පරිවර්තනය කරගත හැක. සෙලින්කෝ ඉන්ෂුවරන්ස්, AIA ඉන්ෂුවරන්ස්, යූනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, LOLC සහ ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් වැනි ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගම් වල රක්ෂණ සඳහා මෙම පහසු ගෙවීමේ ක්‍රමය හිමි වේ.

රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව, තම ආදායම් හා වියදම් නිසි පරිදි කළමනාකරණය කරගැනීම කාටත් අතිශයින් වැදගත් ය. මේ නිසා ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය මෙන්ම, පහසු ගෙවීමේ ක්‍රම සඳහා පවතින ඉල්ලුමද ඉහළ ගොස් තිබේ. මෙම තත්ත්වය හමුවේ, හැකි සෑම අවස්ථාවකදී තම ගනුදෙනුකරුවන්ට සහන සැලසීමට සෙලාන් බැංකුව උත්සාහ කරයි. රක්ෂණ වාරික සඳහා පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දීමද මෙම උත්සාහයේ එක් පියවරකි. එමෙන්ම විධිමත් මූල්‍ය කළමනාකරණයේ වැදගත්කම සහ අරපිරිමැස්මෙන් යුතුව වියදම් කිරීමේ වැදගත්කම තම ගනුදෙනුකරුවන්ට පෙන්වා දීමටද සෙලාන් බැංකුව සෑම විටම උත්සාහ කරයි. එදිනෙදා ගනුදෙනු නැණවත්ව සිදුකිරීමට අවශ්‍ය මූල්‍ය සාක්ෂරතාව තිබීම අද දවසේ අත්‍යවශ්‍ය කරුණක් වන අතර, එම දැනුම ජනතාවට ලබාදීම මේ මොහොතේ අතිශයින් වැදගත් ය. මේ ආකාරයට විවිධාකාර වූ ගෙවීම් ක්‍රම අතරින් තමන්ට ගැළපෙන ක්‍රමය තෝරා ගැනීමට අවස්ථාව සලසා දීම තුළින් සෙලාන් බැංකුව තම ගනුදෙනුකරුවන්ට වඩාත් හොඳින් තම මූල්‍ය කටයුතු කළමනාකරණය කරගැනීමට අවස්ථාව සලසා දෙයි.

“සුහද හදක් ඇති දේශීය බැංකුව වශයෙන් අප මේ මොහොතේ ගනුදෙනුකරුවන් මුහුණ දෙන දුෂ්කරතාවන් හොඳින් හඳුනනවා. ඔවුන්ගේ  අවශ්‍යතාවන් අනුව ඔවුන්ට සහන සැලසීමට අප සෑම විටම උත්සාහ කරන්නේ ඒ නිසයි. මේ මොහොතේ රක්ෂණ වාරික එකවර ගෙවීම ඇතැම් අයට දුෂ්කර බව අප දන්නවා. ඒ නිසා අප හඳුන්වා දෙන පහසු ගෙවීමේ ක්‍රම ඔවුන්ට විශාල සහනයක් වේවි. පසුගිය මාස කිහිපය තුළ ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාවන් කෙතරම් දුරකට වෙනස් වී තිබේද යන්න අපට වැටහෙනවා. අපට අවශ්‍ය වන්නේ සෙලාන් කාඩ්පත් ඔවුන්ට සහනයක් වනු දැකීමයි.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (පාරිභෝගික කාඩ්පත්) යුජීන් සෙනෙවිරත්න මහතා පැවසී ය.

තම කාඩ්පත් හිමියන්ට වසර පුරාම නොයෙකුත් දීමනා පිරිනැමීමට සෙලාන් බැංකුව කටයුතු කරයි. එදිනෙදා සිදුකරන මිලදී ගැනීම් සඳහා ජනතාවට සහන ලබා දිය හැකි නම්, එය මේ මොහොතේ අතිශයින් වැදගත් බව සෙලාන් බැංකුවේ විශ්වාසය වේ. මේ නිසාම, අවම සේවා ගාස්තුවක් යටතේ, තම මිලදී ගැනීම් පහසු ගෙවීමේ ක්‍රම බවට පරිවර්තනය කරගැනීමට සෙලාන් බැංකුව තම කාඩ්පත් හිමියන්ට අවස්ථාව සලසා දී ඇත. මේ නිසා සෙලාන් කාඩ්පත මේ දුෂ්කර කාලසීමාවේදී ගනුදෙනුකරුවන්ට අත්‍යවශ්‍යම සහන හිමිවන මගක් බවට පත්වනු නිසැක ය.

සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාගැනීමට කැමති හෝ, පහසු ගෙවීමේ ක්‍රම පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට කැමති ඕනෑම කෙනෙකුට එම තොරතුරු 011-2008888 ක්ෂණික ඇමතුම් අංකය හෝ www.seylan.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකි වේ.

සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, ශීඝ්‍රයෙන් වර්ධනය වන, නවීන තාක්ෂණයෙන් යුතු නවෝත්පාදන සේවා මෙන්ම බැංකුකරණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට කැපවී සිටී. ශීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුණු පාරිභෝගික සේවා සැපයුම් ස්ථාන 540 කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියයි. ෆිච් ශ්‍රේණිගත කිරීම් සෙලාන් බැංකුවේ දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම ‘A’(lka) ලෙස සංශෝධනය කරමින් එම බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත, මුල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත. සෙලාන් බැංකුවේ මුල්‍ය ස්ථාවරත්වය මෙන්ම සැමවිටම විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා එම බැංකුව දක්වන කැපවීමද මෙවැනි ඇගයීම්වලින් තවදුරටත් තහවුරු වේ.

 



 

 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 9 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව