සිංගර් ශ්‍රී ලංකා මෙරට පරිගණක අලෙවියේ මුල් තැන හිමිකරගනී

Image (6) (1)

මෙරට පාරිභෝගික භාණ්ඩ වෙළෙඳාමේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, පසුගියදා නිකුත් වූ ඉන්ටර්නැෂනල් ඩේටා කෝපරේෂන් (IDC) වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ අංක එකේ පරිගණක අලෙවිකරු ලෙස නම්කර තිබේ.

ශීතකරණ, රූපවාහිනී හා මහන මැෂින් ඇතුළු නිෂ්පාදන රැසක් සහිත සිංගර් ශ්‍රී ලංකා සමාගමේ වෙළෙඳපොළ ප්‍රමුඛත්වය මේ හරහා යළි තහවුරු වේ.

පාරිභෝගික විද්‍යුත් උපකරණ ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් අවබෝධයක් හා විශ්වාසනීය විශිෂ්ටත්වය පිළිබඳ ශක්තිමත් පසුබිමක් ද රැගත් සිංගර් ශ්‍රී ලංකා සමාගම, 2000 දශකය මුල එනම්, නව සහස්‍රකයේ උදාවත් සමඟ මෙරට පාරිභෝගිකයන්ගේ පරිගණක අවශ්‍යතා සපුරාලීමට ඉදිරිපත් විය.

වර්තමානය වන විට සිංගර් ශ්‍රී ලංකා සමාගම Dell, Asus හා Huawei ආදී ලොව ඉහළ පෙළේ පරිගණක අලෙවිය අතින් මෙරට පෙරමුණට පැමිණ තිබේ.

මෙම සාර්ථකත්වය පිළිබඳ අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ අංක එකේ පරිගණක අලෙවිකරු බවට පත්වීම, ඩිජිටල් නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ ඉදිරියට පැමිණීම සඳහා සමාගම භාවිත කළ ක්‍රමෝපායේ ඵලදායීතාවට කදිම සහතිකයක් ලෙස හැඳින්විය හැකියි. 2019 වසරේදී අපගේ වෙළෙඳපොළ පංගුව 29%ක්. නමුත් කොවිඩ් වසංගතයත් සමඟ ජන ජීවිතය හා ජීවන විලාසය වෙනස් වීම නිසා ලැප්ටොප් සහ පරිගණක අංශය තවදුරටත් වර්ධනය වේවි. විශේෂයෙන් ම කාර්යාලයෙන් බැහැර සිට සේවය කිරීම, නිවසේ සිට අධ්‍යාපන කටයුතුවල නිරතවීම සහ ඩිජිටල් නිෂ්පාදන හා ගනුදෙනු කිරීම වැඩිවීමත් සමඟ පරිගණක සඳහා ඇති ඉල්ලුමත් වැඩිවෙලා. අප සතුව පුළුල් පරාසයක පරිගණක හා ලැප්ටොප් නිෂ්පාදන පවතින නිසා මේ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමේ හැකියාව අප සතුයි. ඒ වගේ ම අපගේ පාරිභෝගිකයන් වෙනුවෙන් වටිනා සහ උසස් තත්ත්වයේ නිෂ්පාදන ලබාදීම ගැන අප සතුටු වන අතරේ, ඉදිරියටත් අපගේ වෙළෙඳපොළ ප්‍රමුඛත්වය වර්ධනය කරගැනීමට අපේක්ෂා කරනවා”

 




 

සිංගර් ශ්‍රී ලංකා සමාගම සතු ශක්තිමත් බෙදාහැරීම් ජාලය නිසා විකුණුම් ඉහළ නැංවීමේ හැකියාව පවතින අතර, වඩාත් පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් අත්දැකීමක් සමීප කරවීමට ද සමාගම සමත් වේ. මේ අනුව  දිවයින පුරා පිහිටි සිංගර් ප්ලස් හා සිංගර් මෙගා ප්‍රදර්ශනාගාර සංඛ්‍යාව 430ක් වන අතර බලයලත් නියෝජිතයින් සංඛ්‍යාව 350කි.

සිංගර් අලෙවි අංශයේ සාර්ථකත්වයට තවත් හේතුවක් වී ඇත්තේ DELL පරිගණක බෙදාහැරීමේ සාර්ථකත්වයයි. මේ වන විට සිංගර් අලෙවි ආදායමේ වැඩිම පංගුවට හිමිකම් කියනුයේ ද DELL පරිගණක බෙදාහැරීම් අංශයයි. මේ හේතුව නිසා වාණිජ හා පාරිභෝගික යන අංශ දෙකෙහිම DELL බෙදාහැරීම් නියෝජිතත්වය ද සිංගර් සතු වේ.

“විශිෂ්ට පාරිභෝගික අත්දැකීමක් පිරිනැමීමෙහිලා අපගේ හවුල්කරුවන්ගෙන් ලැබෙන දායකත්වය අතිශය වැදගත්. වර්තමානයේ පවතින දුෂ්කර කාලයේදී සාර්ථකත්වය වෙනුවෙන් සමාගම් බොහෝ වෙහෙසී කටයුතු කරනවා. නමුත් අභියෝග ජයගනිමින් සාර්ථකත්වයට පත්වීම සඳහා සිංගර් සතු හැකියාව ඉතාම ඉහළයි. එනිසා ම මෙම වෙළෙඳපොළ ප්‍රමුඛතාව ඉදිරියටත් පවත්වාගෙන යාමට සිංගර් ආයතනයට හැකිවන බව විශ්වාසයි” යනුවෙන් DELL Technologies සමාගමේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රධානී ක්‍රිෂාන් ප්‍රනාන්දු මහතා පැවසීය.

මීට අමතරව ඉදිරිපෙළ පාරිභෝගික සේවාවේ ඉහළ ගුණාත්මක බව, ආකර්ෂණීය කුලී සින්නක්කර පහසුකම් හා විශිෂ්ට අලෙවියෙන් පසු සේවාව යනාදිය ද සිංගර්හි වර්ධනයට හේතු සාධක වී තිබේ. එමෙන්ම සිංගර් පිරිනමන කුලී සින්නක්කර යෝජනා ක්‍රමය ද පාරිභෝගිකයන්ට තොරතුරු තාක්ෂණය හා වඩාත් සමීප වීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වී තිබේ.

මීට අමතරව ප්‍රධාන පෙළේ බැංකු හා එක්ව පාරිභෝගිකයන්ට ක්‍රෙඩිට් කාඩ් සඳහා විශේෂ වට්ටම් සහ පහසුගෙවීම් ක්‍රම හඳුන්වා දීම නිසා ද සිංගර් හි පරිගණක අලෙවිය ඉහළ ගොස් තිබේ.

තව ද සිංගර් ශ්‍රී ලංකා සමාගම සතු දියුණු ඉ-වාණිජ හා සමාජ මාධ්‍ය අවකාශය හරහා ද පාරිභෝගිකයන්ට සිංගර් නිෂ්පාදන පිළිබඳ දැනුවත් වීමටත්, ඒවා මිලදී ගැනිමටත් අවස්ථාව උදාවී තිබේ. www.singer.lk වන සිංගර් ඉ-වාණිජ අවකාශය මේ වනවිට පරිගණක මිලදීගැනීමේ ප්‍රධාන තේරීම බවට පත්ව තිබීම ද කැපීපෙනේ.

උසස් ම ප්‍රමිතියේ ජාත්‍යන්තර සන්නාම පාරිභෝගිකයන්ට පිරිනැමීම සම්බන්ධයෙන් සිංගර් ශ්‍රී ලංකා සමාගම විශාල කීර්තියක් උසුළයි. 430කට අධික ප්‍රදර්ශනාගාර සහ 600කට අධික බෙදාහැරීම් නියෝජිතයන් පිරිසකගෙන් සැදුම්ලත් මෙරට විශාලතම බෙදාහැරීමේ ජාලයට මෙන්ම අසමසම අලෙවියෙන් පසු සේවා ජාලයකට ද සිංගර් ශ්‍රී ලංකා සමාගම හිමිකම් කියයි. මිලදීගැනීම් සිදු කිරීමේදී පාරිභෝගිකයන් හට උපරිම නම්‍යශීලිතාවක් උරුමකර දීම සඳහා සිංගර් ශ්‍රී ලංකා සමාගම පාරිභෝගිකයන් සඳහා පොළී රහිත ගෙවීම් ක්‍රම, විශේෂ වට්ටම්, භාණ්ඩ හුවමාරු වට්ටම්, නොමිලේ දීමනා සහ ක්‍රෙඩිට් කාඩ්පත් දීමනා ආදී පහසුකම් රැසක් පිරිනමයි. මෙවැනි පාරිභෝගික කේන්ද්‍රී පියවර නිසා ම සිංගර් ශ්‍රී ලංකා සමාගම සම්මාන රැසකින් පිදුම් ලබා ඇති අතර, අඛණ්ඩව වසර දොළහක් මෙරට ජනතා සම්මානය හිමිකර ගැනීමට ද සිංගර් නාමය සමත්ව සිටී.

 

 



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව