සැම්සුන් 8K රූපවාහිනී තාක්ෂණයේ පුරෝගාමීත්වය සමඟින් අඛණ්ඩව ඉදිරියට

8K_Interview_main1-844x563

 


 

 

ගෝලීය රූපවාහිනී තාක්ෂණයේ ප‍්‍රමුඛයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් රූපවාහිනී කර්මාන්තයේ නව මානයන් ගවේෂණය කිරීමට අඛණ්ඩව කැපවී සිටී. නවෝත්පාදනය උදෙසා කීර්තිමත් ඉතිහාසයක් සහ උසස් ගුණාත්මකභාවයෙන් යුතු රූපරාමු ලබා දීමට අඛණ්ඩව ගවේෂණය කරමින් සැම්සුන් විසින් රූපවාහිනී තාක්ෂණය අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් ඇත. අද වන විට සැම්සුන් යනු එදිනෙදා ජීවිතයේ භාවිත වන ගෘහ නාමයක් වන අතර, රූපරාමුවල ගුණාත්මකභාවය සඳහා නව ප‍්‍රමිතීන් සකස් කරමින් Ultra High Definition (UHD) රූපවාහිනී තිර හඳුන්වා දීමට හා ප‍්‍රචලිත කිරීමට කැප වී සිටී.

නවෝත්පාදන ඉතිහාසය

1977 දී, සැම්සුන් විසින් කොරියාවේ ප‍්‍රථම වර්ණ රූපවාහිනිය වන Color Economy TV හඳුන්වා දෙමින් වර්ණ රූපවාහිනී යුගය එරට ආරම්භ කරන ලදී. මෙම සුවිශේෂී ජයග‍්‍රහණය රූපවාහිනී තාක්ෂණයේ ප‍්‍රමුඛයා ලෙස සැම්සුන් හි අනාගතය සඳහා අඩිතාලම දැමුවේය. 2009 වසරේදී සැම්සුන් ඉතා උසස් තත්වයේ රූපරාමු ලබා දීම සඳහා light-emitting diodes (LEDs) භාවිත කරමින් සිය විප්ලවීය LED රූපවාහිනිය හඳුන්වා දුන් විට එය රූපවාහිනී තාක්ෂණයේ නව මානයන් ගවේෂණය කිරීමේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.

2017 දී, සැම්සුන් විසින් ගුණාත්මකභාවයෙන් ඉහළ රූපරාමු සහ 100% වර්ණ පරිමාවක් ලබා දෙමින් cadmium-free quantum dot තාක්ෂණය සහිත පළමු QLED TV හඳුන්වා දුන් අතර රූපවාහිනී තාක්ෂණයේ ප‍්‍රමුඛයා ලෙස සිය ස්ථානය ශක්තිමත් කිරීමට එයට හැකි විය. 2018 දී, සැම්සුන් සිය quantum dot තාක්ෂණය සමඟ 8K තාක්ෂණය ඒකාබද්ධ කරමින් QLED 8K මාදිලිය එළිදැක්වීය. එය 8K තාක්ෂණයේ ආරම්භය සනිටුහන් කළ අතර එහි Direct Full Array සහ 8K AI Upscaling තාක්ෂණය ඇතුළත් විය.

2020 දී සැම්සුන් විසින් රූපවාහිනිය වටා ඇති රාමුව (bezels) සම්පූර්ණයෙන්ම ඉවත් කරමින් ලොව ප‍්‍රථම රාමුව රහිත (bezel-less) රූපවාහිනිය එළිදක්වන ලදී. ඉන් වසරකට පසුව එනම් 2021 දී, ඔවුන් රූපවාහිනී කර්මාන්තයේ නායකත්වය තවත් ශක්තිමත් කරමින් Quantum Mini LED තිරය සහිත Neo QLED තාක්ෂණය හඳුන්වා දෙන ලදී. නවෝත්පාදනය සඳහා සැම්සුන් හි ඇති දැඩි කැපවීම තුළින් වෙනස්වන පාරිභෝගික ඉල්ලීම් සපුරාලන අතිනවීන නිෂ්පාදන පිරිනැමීමට සමාගමේ ඇති කැපවීම මනාව පිළිබිඹු කරයි.

ගුණාත්මකභාවයෙන් ඉහළ රූපරාමු ලබා දීම

රූපවාහිනී කර්මාන්තයේ සැම්සුන් හි සාර්ථකත්වයට පදනම වී ඇත්තේ ඉතා උසස් ගුණාත්මකභාවයෙන් යුත් රූපරාමු ලබා දීමට ඔවුන්ගේ ඇති නොසැලෙන උත්සාහයයි. H/W Lab හි වෙතින් Youngseok Han පවසන්නේ, ‘‘ගුණාත්මකභාවයෙන් ඉහළ රූපරාමු” යන්නෙන් අදහස් කරන්නේ නරඹන්නන්ට ඔවුන් තිරයේ ඇති රූප පළමුවරට දකිනවාක් මෙන් එය සැබෑ අත්දැකීමක් ලෙස හැඟීම බවයි. ගුණාත්මකභාවයෙන් ඉහළ රූපරාමු ලබා ගැනීම සඳහා සුපැහැදිලි දර්ශන (high resolution), දීප්තිය, විචිත‍්‍රවත් වර්ණ සහ අති නවීන තාක්ෂණයන් භාවිත කිරීම ඇතුළු වැනි සාධක කිහිපයක් ඇතුලත් වේ.

රූපරාමුවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේදී තාක්ෂණය සමබරව පවත්වා ගැනීමේ වැදගත්කම Han අවධාරණය කරයි. වඩාත්ම වැදගත් සාධක ලෙස ඔහු පෙන්වා දෙන්නේ රූපරාමුවල හෝ ශබ්දයේ ඇති අනවශ්‍ය වෙනස්කම් හෝ වෙනස් කිරීම් අවම කිරීම, නිවැරදි වර්ණ නැවත නිෂ්පාදනය, විචිත‍්‍රවත්, පැහැදිලි රූපරාමු සඳහා තියුණු වෙනසක් ඇති කිරීම සහ තිරය මත ඇති වස්තූන් බාධාවකින් තොරව චලනය වීම සහතික කිරීම සඳහා විවිධ තාක්ෂණයන් එකට ක‍්‍රියා කරන ආකාරයයි.

ගුණාත්මකභාවයෙන් යුතු විශිෂ්ට රූපරාමු ලබා දීමට සැම්සුන් හි කැපවීම 2023 ඔවුන්ගේ Neo QLED TV තුළින් පැහැදිලි වේ. Real Depth Enhancer තාක්ෂණය තිරයේ ඇති රූපරාමුවලට ගැඹුරු අවබෝධයක් ලබා දෙමින් පසුබිම්වලින් වස්තුන් වෙන් කිරීමට AI භාවිත කරයි. Neo Quantum Matrix Pro තාක්ෂණය quantum mini LEDs නිවැරදිව පාලනය කරමින් රූපවාහිනී නැරඹීමේ අත්දැකීම නව මානයකට ඔසවා තබයි.

නවීන යුගයේ 8K තාක්ෂණය

විවිධ වේදිකා හරහා දිනපතා දහස් ගණනක් නව නිවේදනයන් ප‍්‍රකාශයට පත් කිරීමත් සමඟින් වර්තමාන ඩිජිටල් ලෝකයේ අන්තර්ගත නිර්මාණය සහ භාවිතයේ ඉහළ යාමක් දක්නට ලැබේ. 8K තාක්ෂණයේ නැගී සිටීම ඕනෑම කෙනෙකුට ඉතාමත් සුපැහැදිලි දර්ශන (ultra-high resolution) සහිත අන්තර්ගතය නිර්මාණය කිරීමට සහ රසවිඳීමට හැකියාව ලබා දී ඇත. Picture Quality Solution Lab හි ප‍්‍රධානී Sangmin Lee, විසින් සමාජ මාධ්‍යවල 8K අන්තර්ගතයන් සහ 8K හි ඩිජිටල් කලා කෘති නිර්මාණය කිරීම වැඩි වෙමින් පවතින බව පෙන්වා දෙන ලදී.

2023 Neo QLED TV හි “YouTube Videos in 8K” විශේෂාංගයක් ඇතුළත් කර ඇති බවත් පරිශීලකයින්ට 8K අන්තර්ගතයන් සහ NFT රූප වැනි ඩිජිටල් කලා කෘති පහසුවෙන් ගවේෂණය කිරීමටත් හැකි වන බව ලී වැඩිදුරටත් පැවසීය. සැම්සුන් 8K අන්තර්ගත ecosystem ඉදිරියට ගෙන යාම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර 8K ප‍්‍රමිතීන් සැකසීම සහ 8K අන්තර්ගතය පුළුල් කිරීම ඉලක්ක කරගත් ලාභ නොලබන ගෝලීය සංවිධානයක් වන 8K Association හට නායකත්වය දෙයි.

රූපරාමුවල ගුණාත්මකභාවය පිළිබඳ අනාගතය

සැම්සුන් විසින් 8K යුගයේ රූපරාමුවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට කැපවී සිටින අතර ඔවුන්ගේ රූපවාහිනී පිළිබඳ විශේෂඥයින් පාරිභෝගිකයින්ට හොඳම රූපවාහිනී නැරඹුම් අත්දැකීම ලබා දීමට අවධානය යොමු කරයි.

Youngseok Han නරඹන්නන් හට ඇදහිය නොහැකි තරම් ගුණාත්මකභාවයෙන් ඉහළ සැබෑ රූපරාමු ලබා දීම සඳහා කැපවීමෙන් ක‍්‍රියා කරයි. Hyunchul Song පුළුල් පේ‍්‍රක්ෂක පිරිසකට උසස් තත්ත්වයේ අත්දැකීම් ලබා දීම සඳහා නිෂ්පාදන ප‍්‍රශස්ත කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. Sangmin Lee අරමුණ වන්නේ අන්තර්ගතය නැරඹීමෙන් ඔබ්බට ගිය සුවිශේෂී නැරඹුම් අත්දැකීම් ලබා දෙමින් යථාර්ථයට වඩාත් සැබෑ යැයි හැෙඟන ගුණාත්මකභාවයෙන් ඉහළ රූපරාමු නරඹන්නන්ට ලබා දීමයි.

අවසාන වශයෙන්, සැම්සුන් හි නව්‍ය තාක්ෂණයන් රූපවාහිනී කර්මාන්තය පරිවර්තනීය වෙනසකට ලක් කර ඇති අතර රූපරාමුවල ගුණාත්මකභාවය සඳහා නව මිණුම් සලකුණු ස්ථාපිත කර ඇත. නවෝත්පාදනය සඳහා මෙන්ම නරඹන්නන්ට සුවිශේෂී අත්දැකීම් නිර්මාණය කිරීම සඳහා වන සමාගමේ නොසැලෙන කැපවීම කර්මාන්තය ඉදිරියට ගෙන යයි.

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව