සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයට පාරිභෝගික බැංකු සේවා සැපයීම සඳහා නිල බැංකු සහකරුවා ලෙස HNB එක් වෙයි

Image 01 (2) (1)

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ (APLA) සාමාජිකයින්ට ප‍්‍රතිලාභ රැසක් සහ පාරිභෝගික බැංකු සේවා සැපයීම සඳහා නිල බැංකු සහකරුවා ලෙස ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයෙන් බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB) පසුගියදා එම සංගමය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

දෙපාර්ශ්වය සඳහාම අද්විතීය අවස්ථාවක් වන මෙම සහයෝගීතාවය මගින් APLA හි සාමාජිකයින්ට නිවාස හා පුද්ගලික ණය, ලීසිං පහසුකම්, ණයපත් සහ මෙරට මුදල් ඒකක සහ විදේශ මුදල් ගිණුම් ඇතුළු සියලූම HNB හි පාරිභෝගික බැංකු සේවා සඳහා ආකර්ෂණීය ප‍්‍රතිලාභ සහ විශේෂ පොලී අනුපාත හිමි වනු ඇත.

HNB විධායක අධ්‍යක්ෂ/ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී, දිල්ශාන් රොද්‍රිගෝ, HNB හි පාරිභෝගික සහ සුළු හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීල සන්ජේ විජේමාන්න, HNB ජ්‍යෙෂ්ඨ කළමනාකාර (පුද්ගල මූල්‍ය සේවා), කාංචන කරුණාගම, APLA සභාපති ආචාර්ය අමිත් පුස්සැල්ල, APLA ලේකම් කමල් ප‍්‍රියංකර සහ APLA නියෝජ්‍ය භාණ්ඩාගාරික චන්දික ජීවනාත් යන මහත්වරු දෙපාර්ශ්වය අතර වන මෙම අවබෝධතා ගිවිසුමට HNB ප‍්‍රධාන කාර්යාලයේදී මෑතකදී අත්සන් තැබීය.

HNB SOLO සහ HNB MOMO වැනි ඩිජිටල් බැංකු සේවා රැසක් ලබා දීමට අමතරව බැංකුව විසින් APLA සියලූම සාමාජිකයින් සඳහා ඉදිරියේදී විශේෂිත ණයපතක් නිකුත් කිරීමට ද කටයුතු යොදා ඇත. දිවයින පුරා විසිර සිටින තුන්දහස් තුන්සීයක  සංඛ්‍යාවකින් යුතු APLA සාමාජිකයින්ට ළඟම ඇති HNB ශාඛාව වෙතින් මේ පිළිබඳව වැඩි විස්තර දැන ගත හැකිය.

 




 

පාරිභෝගික මධ්‍යස්ථාන 252ක් දීපව්‍යාප්තව පවත්වාගෙන යන HNB ඩිජිටල් බැංකුකරණයේ නව ආදර්ශයක් ඉදිරියට ගෙන යාමේ ප‍්‍රයත්නය උදෙසා දෙස් විදෙස් පිළිගැනීමක් ලබා ඇති ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත් තාක්ෂණික නවෝත්පාදන බැංකුවකි. මෑතකදී බැංකුව අඛණ්ඩව සම්මාන රැසකින් පිදුම් ලැබූ අතර ඒ අතරින් ඒෂියන් බෑන්කර් සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් 11වන වරටත් සම්මානයට පාත‍්‍ර වීම සහ ‘ද බෑන්කර්’ සඟරාව මගින් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ද නම් කිරීම ද කැපී පෙනේ. දේශීය වශයෙන්, බිස්නස් ටුඬේ Top 30 ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයේ සිටින HNB 2019 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී සම්මාන හතකට හිමිකම් කියන ලදී. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමක් ලබා ගත් ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන HNB මෑතකදී, Fitch ratings මගින් HNB හි ජාතික දිගු කාලීන වර්ගීකරණය සංශෝධනයට ලක් කළ අතර එහිදී Fitch ratings හි ස්ථාන දෙකක් ඉහළට පැමිණෙමින් ‘AA+(lka)’ ණය ශ්‍රේණිය හිමි කර ගැනීමට HNB සමත් විය.

 

 

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව