ශ‍්‍රී ලංකාවේ විශාලතම ශිෂ්‍යත්ව වැඩසටහන වන HNB ‘’දිරි දරු’’ මඟින් දරුවන් 2,500කට වැඩි සංඛ්‍යාවකට ප‍්‍රතිලාභ

Image 01 (1)

 




 

 

පහ වසර  ශිෂ්‍යත්වය සාර්ථකව ජය ගන්නා සහ HNB ‘සිඟිති ගිණුමක්’ ඇති සිසු සිසුවියන් හට වටිනා මුදල් ත්‍යාග හා ශිෂ්‍යත්ව පිරනැමීමට ශ‍්‍රී ලංකාවේ විශාලතම ශිෂ්‍යත්ව වැඩසටහන වන HNB ‘’දිරි දරු’’ මෙවරත් සැදී පැහැදී සිටී. එහි නවතම අදියර යටතේ මෙවරත් සිසු සිසුවියන් 2500 කට වැඩි සංඛ්‍යවකට මිලියන 20ක් ඉක්ම වූ ත්‍යාග ලබා දීමට නියමිතය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන HNB හි ප‍්‍රධාන ජාතික මට්ටමේ ශිෂ්‍යත්ව වැඩසටහන වන ‘‘දිරි දරු’’ යටතේ ත්‍යාග සහ ශිෂ්‍යත්ව ලැබීමට සුදුසුකම් ලැබීමට නම්, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිඟිති ගිණුම් හිමියන් අවම වශයෙන් රු. 10,000 ක ගිණුම් ශේෂයක් පවත්වාගත යුතුයි. මෙම සුදුසුකම හා ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ලබා ගන්නා  ඕනෑම සිසු සිසුවකුට රු. 5,000 ක මුදල් ත්‍යාගයක් සඳහා අවස්ථාව ලැබෙන අතර, එම ගිණුම සඳහා ස්ථාවර නියෝගයක් තිබෙන්නේ නම් ගිණුමේ අවම වශයෙන් රු. 500 ක් පවතින්නේ නම් අදාල මුදල් ත්‍යාගය රු. 10,000ක් ලෙස දෙගුණ වේ.

”ගිණුමේ අවම ශේෂයක් පවත්වා ගනිමින්, අදාල ශිෂ්‍යත්ව කඩඉම් ලකුණ ඉක්මවා යන සියලූම සිසු සිසුවියන්ට ත්‍යාග පිරිනමන ශ්‍රී ලංකාවේ ඇති එකම වැඩසටහන වන්නේ මෙයයි. දිරි දරු අරමුදල මගින් සෑම වසරකම ශ‍්‍රී ලංකාවේ අනාගත භාරගැනීමට සිටින දරුවන් දහස් ගණනකට ප‍්‍රතිලාභ ලබා දෙනවා. ඒවගේම තම දරුවාගේ අනාගත අධ්‍යාපනික සහ වෙනත් අවශ්‍යතා සඳහා දෙමව්පියන්ට සමුච්චිත අරමුදලක් ආරම්භ කිරීමට ද මෙමගින් අවස්ථාව සලසනවා.” යනුවෙන් HNB ප‍්‍රධාන කළමනාකාර/තැන්පතු ප‍්‍රධානී විරංග ගමගේ මහතා පැවසුවේය.

1991 දී සන්නාමගත ළමා ඉතුරුම් ගිණුමක් හඳුන්වා දුන් ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව වන්නේ HNB ය. සමස්ත ලංකා හා දිස්ත‍්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දක්වන සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීම මෙම වැඩසටහන පළමුව ආරම්භ කළ අතර දැන් එම වැඩසටහන අධ්‍යන පොදු සහතික පත‍්‍ර විභාග හා ලන්ඩන් O/L හා A/L දක්වා පුළුල් කර තිබේ.

අධ්‍යන පොදු සහතික පත‍්‍ර විභාග හා ලන්ඩන් ලන්ඩන් O/L හා A/L විභාගවලට පෙනී සිටින සිසු සිසුවියන් එම විභාගය සමත් වන්නේ නම් මෙම ශිෂ්‍යත්ව යෝජනා ක‍්‍රමය යටතේ රුපියල් 25,000ක මුදල් ත්‍යාගයක් පිරි නැමේ. තවද, HNB අපොස සා/පෙළ සිසුන් 100 දෙනෙකුට හා උ/පෙළ සිසුන් 50 දෙනෙකුට ඔවුන්ගේ ගිණුම් ශේෂය පිළිවෙලින් රුපියල් 25,000ක් හා රුපියල් 35,000ක් පවත්වා ගෙන යන්නේ නම් ඔවුන්ට ද මුදල් ත්‍යාග හිමි වනු ඇත.

HNB දිරි දරු ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ගැනීමට රුපියල් 500 ක් වැනි සුළු මුදලකින් දෙමාපියන්ට තම දරුවා වෙනුවෙන් HNB සිඟිති ළමා/ HNB TEEN ගිණුමක් ගිණුමක් ඇරඹිය හැකිය.

මෙම සිඟිති සහ HNB TEEN ගිණුම් ක‍්‍රම යොදා ගනිමින් HNB තරුණ ශ්‍රී ලාංකිකයින් අතර ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කළා සේම ලබා දෙන ප‍්‍රතිලාභ සමඟ ඔවුන්ගේ එම පුරුද්ද සම්බන්ධ කරමින් නිරන්තරයෙන් ඉතිරි කිරීමට ඔවුන් තුළ උද්යෝගයක් ද ඇති කළේය. මේ තුළින් මෙරට තරුණ්‍යයේ අනාගත සුරක්ෂිතභාවය සඳහා වැදගත් සාධකයක් වන මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවන අතරම ත්‍යාග හිමි කර දෙන සුවිශේෂී ත්‍යාග ක‍්‍රමයක් ද ඇති කිරීම බැංකුවේ අරමුණයි.

අලූත උපන් බිළිඳුන් සඳහා විශේෂයෙන්ම නිර්මාණය කර ඇති ඉතිරි කිරීමේ ගිණුමක් වන ‘‘සිඟිති කිරිකැටියෝ” ගිණුම දරුවාගේ උපතෙන් මාස තුනක් ඇතුළත දෙමාපියන්ට, ආච්චි සීයා, හෝ වෙනත්  ඕනෑම ඥාතියකුට රුපියල් 1000 ක් තැන්පත් කිරීමෙන් දරුවා වෙනුවෙන් විවෘත කිරීමේ හැකියාව ඇත. සාමාන්‍ය ළමා ඉතුරුම් ගිණුමකට වඩා ඉහළ පොළී අනුපාතයක් මෙම ගිණුමට ලබා දෙන අතර ගිණුමේ ශේෂය මත දරුවන්ට උපන්දින තෑගි පිරිනැමීම ද මෙම ගිණුමේ ඇති විශේෂත්වයකි. එමෙන්ම එම ගිණුම ඇරඹීමේදී බැංකුව මගින් ද රුපියල් 1000කට නොවැඩි තැන්පතුවක් ලබා දීම ද විශේෂත්වයකි.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව