ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනට Women in Management හා SLIM සම්මාන

SOS - SLIM DIGIS AND WIM AT AWARDS - IMAGE2




 

 

විද්වත් හා වෘත්තීය කාන්තා සම්මාන උළෙලේදී ‘කාන්තාවන් සවිබල ගැන්වීමට විශිෂ්ටතම දායකත්වයක් දැක්වූ රාජ්‍ය නොවන/ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානය’ සම්මානය සහ 2021 SLIM DIGIS සම්මාන උළෙලේදී ‘සන්නාම දැනුවත්කරණය’ කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයක් හිමි වේ.

2022 මාර්තු 9, කොළඹ: ශ්‍රී ලංකාවේ SOS  ළමා ගම්මාන වැඩසටහන, කාන්තා කළමනාකරණ ආයතනයේ සම්මාන උළෙලේදී සහ 2021 SLIM DIGIS සම්මාන උළෙලේදී සම්මාන වලින් පිදුම් ලැබීමට සමත් විය. වසර 40 කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාවේ SOS  ළමා ගම්මාන වැඩසටහන මෙරට විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින පවුල්, කාන්තාවන්, දරු දැරියන් හා තරුණ තරුණියන් වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටුකර තිබේ. එම මෙහෙවර වෙනුවෙන් මෙවර Women in Management  ආයතනයේ විද්වත් හා වෘත්තීය කාන්තා සම්මාන උළෙලේදී (Top 50 Professional and Career Women Awards 2021) ‘කාන්තාවන් සවිබල ගැන්වීමට විශිෂ්ටතම දායකත්වයක් දැක්වූ රාජ්‍ය නොවන/ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානය’ සම්මානයද, 2021 SLIM DIGIS සම්මාන උළෙලේදී ‘සන්නාම දැනුවත්කරණය’ (‘Brand Awareness’) කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයක්ද එම වැඩසටහන වෙත හිමි විය.

“මේ ආකාරයට විශිෂ්ට තලයේ සම්මාන දෙකකින් පිදුම් ලබමින් නව වසර ආරම්භ කිරීමට ලැබීම අපට මහත් සතුටක්. සංවිධානයක් ලෙස, ශ්‍රී ලංකාවේ පවුල්, කාන්තාවන්, දරු දැරියන් හා තරුණ තරුණියන් වෙනුවෙන් අප ඉටුකරමින් සිටින මෙහෙවර තවදුරටත් පුළුල් කිරීම අපගේ බලාපොරොත්තුවයි. විශේෂයෙන්ම කාන්තාවන් හා ගැහැනු දරුවන් සවිබල ගැන්වීම සඳහා අප පසුගිය කාලය තුළ වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාවට නැංවූවා. පවුලේ රැකවරණයට සමාන රැකවරණයක් ලබාදීම, පවුල් ශක්තිමත් කිරීම සහ වෘත්තීය පුහුණුව ලබාදීම ඒ අතරින් ප්‍රධානයි. ඒ වෙනුවෙන් මෙවැනි ඇගයීම් හිමිවීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වන අතර, සමාජයේ යහපත වෙනුවෙන් අප ඉටුකරමින් සිටින මෙහෙවර අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කරනවා.” ශ්‍රී ලංකාවේ SOS  ළමා ගම්මාන වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා පැවසී ය.

ශ්‍රී ලංකාවේ SOS  ළමා ගම්මාන වැඩසටහන නොමිලේ පිරිනමන වෘත්තීය පුහුණු වැඩසටහන් මගින් නව යොවුන් තරුණ තරුණියන්ට විධිමත් වෘත්තීය පුහුණුවක් ලබාදීම සිදුකෙරේ. ශ්‍රී ලංකාවේ SOS  පුහුණු මධ්‍යස්ථාන හතරකදී පිරිනමන මෙම පුහුණු වැඩසටහන් ඔස්සේ මේ දක්වා තරුණ තරුණියන් විශාල පිරිසකට වෘත්තීය පුහුණුව ලබා දී ඇත.

“වෙනසක් ඇතිකිරීමට නම් සමාජය තුළ දැනුවත්භාවය ඇතිකළ යුතු බව අප විශ්වාස කරනවා. ඒ නිසා, විවිධ මාධ්‍යයන් ඔස්සේ නිරන්තරයෙන් දැනුවත් කිරීම් සිදුකිරීමට අප කටයුතු කරනවා.  මෙහි මූලික ඉලක්කය වන්නේ, ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ මෙහෙවර අඛණ්ඩව කරගෙන යාමට සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට කැමති පරිත්‍යාගශීලීන් හා සමාජ සේවකයන් හඳුනා ගැනීමයි.” රත්නදුරෙයි මහතා වැඩිදුරටත් පැවසී ය.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට SOS  ළමා ගම්මාන 6 ක් පිහිටුවා ඇති අතර, දරු දැරියන් හා තරුණ තරුණියන් 900 කට ආසන්න පිරිසක් මෙම ගම්මාන වල රැකවරණය ලබති. එහි පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහන මේ වනවිට කාන්තාවන් හා ගැහැනු දරුවන් 1,660 කට පමණ අධ්‍යාපනය, වෘත්තීය සංවර්ධනය සහ පෝෂණය යනාදී අංශ සම්බන්ධයෙන් අත්වැලක් සපයයි. එමෙන්ම අඩු ආදායම්ලාබී පවුල් විශාල සංඛ්‍යාවක් ශක්තිමත් කරමින්, සමාජය තුළ ස්වාධීනව කටයුතු කිරීම සඳහා අවශ්‍ය අත්වැල එම පවුල් වෙත ලබාදීමටද ශ්‍රී ලංකාවේ SOS  ළමා ගම්මාන වැඩසටහන පියවර ගෙන තිබේ. එම වැඩසටහන මගින් මේ වනවිට දිවයිනේ ස්ථාන 9 ක ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් තුළින් ප්‍රජාවන් 47 කට අයත් ජනතාව විවිධාකාර වූ ප්‍රතිලාභ රාශියක්  ලබයි.. මෙම වැඩසටහන් වල කොටසක් වශයෙන්, ඇඳුම් මැසීම, සත්ව පාලනය, කොහු ලණු සෑදීම, හඳුන්කූරු සෑදීම, බිම්මල් වගාව සහ වෙනත් ස්වයං රැකියාවන් සම්බන්ධ පුහුණුවක් ලබාදීම සිදු කෙරේ.




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව