ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට HNB, බ්‍රවුන්ස් කෘෂිකාර්මික අංශය සමඟ වන සිය හවුල්කාරීත්වය දීර්ඝ කරයි

Image 01 (LBN)

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඵලදායිතාවය සහ අපනයන නවීකරණය කිරීමේ නිරන්තර උත්සාහයන්ට සහයෝගය ලබා දෙමින් මෙරට පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව තෝරාගත් කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා පාරිභෝගිකයින්ට උපරිම ලීසිං ප්‍රතිලාභ ලබා දීමට කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණවල පුරෝගාමියා වන බ්‍රවුන්ස් කෘෂිකාර්මික අංශය සමඟින් වන සිය හවුල්කාරීත්වය නැවතත් අලුත් කළේය.

 



 

දීර්ඝ කරන ලද මෙම හවුල්කාරිත්වය මගින් බ්‍රවුන්ස් කෘෂි ට්‍රැක්ටර් සහ හාවෙස්ටර් සඳහා විශේෂ ලීසිං ප්‍රතිලාභ පිරිනමන අතර අසීරු ආර්ථික කාලවලදී පවා ගොවීන්ට උසස් තත්වයේ කෘෂි යන්ත්‍රෝපකරණ ලබා ගැනීමට අවස්ථාව ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසුවේ “කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම ශ්‍රී ලංකාවට වැදගත්. එම අරමුණ සාක්ෂාත් කරගැනීමට HNB සහ බ්‍රවුන්ස් කෘෂිකාර්මික අංශය කැපවී සිටිනවා. ජාතියේ ප්‍රගතියේ සහකරු ලෙස කෘෂිකර්මාන්තයේ නියැලෙන ජනතාවට සාර්ථකත්වය ළඟා කර ගැනීමටත් ඔවුන්ට දියුණුවේ හිනිපෙත්තටම යාමටත් සහාය වීමට අපි කැපවී සිටිනවා. කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන බ්‍රවුන්ස් කෘෂිකාර්මික අංශය සමඟ අපගේ හවුල්කාරිත්වය නැවත අලුත් කිරීම මෙම ඉලක්කය කරා යන වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකියි,” යනුවෙනි.

මෙම හවුල්කාරීත්වය මඟින් HNB ලීසිං ගනුදෙනුකාරභවතුන්ට ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු පහසු කරගැනීමට සහනදායී පොළී අනුපාත සහ අගය එකතු කළ විශේෂ ක්‍රෙඩිට් කාඩ්පතක් හිමි වනු ඇත. මෙම ක්‍රෙඩිට් කාඩ්පත පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කර ඇත. තවද HNB General Insurance වෙතින් ආකර්ෂණීය වට්ටම් සහිත රක්ෂණ වාරික ගෙවීමේ අවස්ථාව ඇතුළුව හදිසි අනතුරු සඳහා රුපියල් මිලියන 4.5 ක් දක්වා නොමිලේ ජීවිත රක්ෂණයක් ද ගනුදෙනුකාරභවතුන්ට හිමි වේ.

මීට අමතරව ගොවිමහතුන්ට තවදුරටත් සහාය වීම සඳහා බ්‍රවුන්ස් කෘෂිකාර්මික අංශය මගින් TAFE ට්‍රැක්ටර් මිලදී ගැනීමේදී වසර 2ක (හෝ පැය 2000ක) වගකීමක් ලබා දෙයි. එමෙන්ම මෙම HNB/Browns ලීසිං ප්‍රවර්ධනය යටතේ තෝරාගත් TAFE ට්‍රැක්ටර මිලදී ගන්නා ගොවි මහතුන්ට සේවා ගාස්තුවලින් තොරව පාරිභෝගිකයාගේ නිවෙස් වෙතටම ගොස් ලබා දෙන සේවා අවස්ථා හතරක්, නොමිලේ ලියාපදිංචි කිරීම ද සිදු කර ගත හැකිය. මෙහිදී තෝරාගත් ට්‍රැක්ටර් මාදිලි සඳහා පළමු වසරේ රක්ෂණ වාරිකය නිදහස් කර ඇත. තවද බ්‍රවුන්ස් කෘෂිකාර්මික අංශය විසින් විශේෂ මාදිලියේ හාවෙස්ටර් යන්ත්‍ර සඳහා මාස හයක (හෝ පැය 300ක) වගකීමක් ද YANMAR සහ SUMO හාවෙස්ටර් යන්ත්‍ර මිලදී ගැනීමේදී කම්කරු ගාස්තුවලින් තොරව පාරිභෝගිකයාගේ නිවෙස් වෙතටම ගොස් ලබා දෙන සේවා තුනක් ද ලබා දෙයි.

“රට ආර්ථිකමය වශයෙන් නැවත නැගී සිටින මෙවන් තීරණාත්මක අවස්ථාවක HNB සමඟ අපගේ හවුල්කාරිත්වය නැවත අලුත් කිරීම මගින් කෘෂිකාර්මික අංශයට සහයෝගය දැක්වීම සඳහා එකම අරමුණකින් කටයුතු කරන අප ආයතන දෙකෙහි ඒකාබද්ධ කැපවීම මැනවින් පෙන්නුම් කරනවා. උසස් තත්වයේ නිෂ්පාදන, අලෙවියෙන් පසු හොඳම සේවා සමඟින් ජාත්‍යන්තර කීර්තියට පත් HNB හි මූල්‍යකරණය සමඟින් ගොවිමහතුන්ට ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු පුළුල් කිරීමට මෙම හවුල්කාරීත්වය විශාල අත්වැලක් වනු ඇතැයි අප විශ්වාස කරනවා.” යනුවෙන් බ්‍රවුන්ස් කෘෂිකාර්මික සහ බර යන්ත්‍රෝපකරණ සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී/බ්‍රවුන්ස් කෘෂි විසඳුම් අංශයේ ප්‍රධාන විධායක නිළධාරී – සංජය නිශ්ශංක මහතා පැවසුවේය.

දීප ව්‍යාප්ත පාරිභෝගික ඒකක 254කින් සමන්විත HNB තාක්ෂණික වශයෙන් වඩාත් ශක්තිමත් ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ බැංකුවකි. නිරන්තරයෙන් ආයතනික තිරසාරබව, යහපාලනය හා විශිෂ්ටත්වය තුළින් සිය අභිමානය දේශීයව හා ජාත්‍යන්තර වශයෙන් තහවුරු කිරීමට සමත්ව ඇති HNB ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය වෙතින් 2022 වසරේ “හොඳම ආයතනික පුරවැසියා” (Best Corporate Citizen) ලෙස සම්මාන දිනා ගැනීමට සමත් විය. තවද ආසියානු පැසිෆික් කලාපයේ ‘හොඳම මෝටර් රථ මූල්‍යකරණ සේවාවට’ හිමි සම්මානය HNB දිනා ගනු ලැබූ අතර ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස ඒෂියන් බෑන්කර් සඟරාව විසින් ද 14 වැනි වරටත් HNB ඇගයීමට ලක් කර තිබේ. මීට අමතරව ඒෂියාමනී සඟරාව විසින් “හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසාය (SME) බැංකුව” ලෙසත් 2023 වසර සඳහා Business Today සඟරාවේ BT Top 40 හි ඉහළම සමාගම් 5 අතරටත් HNB තේරී පත් වී ඇත.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව