අනාගත ශ්‍රී ලාංකීය ඩිජිටල් පරිවර්තනය ශක්තිමත් කිරීමේ අරමුණින් මෘදුකාංග නවෝත්පාදනයේ ප්රමුඛ සමාගමක් වන VMware සමාගම cloud adoption ශක්තිමත් කිරීමේ අරමුණින් සන්නිවේදන ක්ෂේත්රයේ ප්රමුඛ සමාගමක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමග ගිවිසුම්ගත වී ඇත. ව්‍යාපාරයන් විසින් සිය කාර්යන් පවත්වාගෙන යෑමේදී අපේක්ෂා කරනු ලබන නම්යශිලිත්වය, කඩිනම් බව සහ රැකියා කටයුතු විධිමත් කිරීම යන අංශවලට නව අර්ථකතනයක් ලබා දෙමින් SLT ආයතනය සහ VMware මෙලෙස අත්වැල්බැඳ ගැනීමට හේතුව වේ.
මෙම නව ගිවිසුම් ගත වීමත් සමග VMware විසින් බලාත්මක කරනු ලබන Cloud Platform ඔස්සේ ව්‍යාපාරිකයින්ට සිය ව්‍යාපාරික අවස්ථා සහ සේවා මාර්ග (විශාල, මධ්‍යම හා රාජ්‍ය ආයතන) පුළුල් කිරීමට හැකි වනු ඇති අතර ශ්‍රී ලාංකීය ඩිජිටල් ආර්ථිකය විසින් අපේක්ෂා කරනු ලබන ප්රමුඛ සේවා රැසක් මෙමගින් ලබා ගැනීමට හැකි වනු ඇත. තවද VMware NSX මඟින් පරිගණක ජාල ගත කිරීම්, යටිතල පහසුකම් සේවා සහ අපදා කළමනාකරණ සේවා රැසක් හඳුන්වා දෙමින් ව්‍යපාර සඳහා වඩා සුරක්ෂිත පරිසරයක් මෙම සේවාව මඟින් සලසනු ඇත.
VMware මෘදුකාංග දත්ත මූලස්ථානය විසින් ප්‍රවර්ධනය කරන ලද Cloud පදනම් ඔස්සේ වඩා යෝග්‍ය සේවාවක් ලබා ගැනීමට පාරිභෝගිකයින්ට හැකි වනු ඇත. නූතන ආර්ථික පරිසරය තුළ මුහුණ දීමට සිදුවන අභියෝග රැසක් ආමන්ත්‍රණය කරමින් මෙම cloud පදනම් සේවා මගින් වඩා නම්‍යශීලි , පුළුල් , බහුවිධ ස්වයං සේවා සැපයීමක් සිදු කරයි. එසේම ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට cloud සේවා කළමනාකරණය කිරීමේ අවකාශය සලසා දීම මෙම සේවාවේ දක්නට ලැබෙන සුවිශේෂත්වයකී.
“Cloud තාක්ෂණය වඩා දියුණු පරිවර්තනයකට ලක් කිරීම උදෙසා Cloud සේවා අංශයේ ප්රමුඛ සමාගමක් වන VMware ආයතනය සමග අත්වැල් බැඳ ගැනීමට ලැබීම SLT ආයතනය ගෞරවයක් සේ සලකනවා. Cloud සේවා අවශ්‍යතාවය මෑත භාගයේදී ඉහළ වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. මෙම පසුබිම තුළ දේශීය සහ විදේශීය සමාගම් රැසක් මෙරට වෙළඳපොළට පිවිසීමට කටයුතු කරමින් සිටින අතර VMware සමග අප විසින් ඇති කර ගත් මෙම සහයෝගීතාවය වඩාත් පුළුල් කාර්යක්ෂම සේවාවක් ලබා දීමට මග පාදනු ඇති බව අපගේ විශ්වාසය” බව ශ්‍රී ලංකා ටෙලෙකොම් හි ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් පැවසිහ.
VMware ආයතනයේ නැගීඑන වෙළඳපොල අංශයෙහී ශ්‍රී ලංකා කළමනාකරු ඩැනියෙල්.C මහතා සඳහන් කළේ “ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ප්‍රථමික අවදියක පැවතිය ද බොහෝ ව්‍යාපාර ආයතන ඩිජිටල් අනාගතයක් උදෙසා උනන්දුවක් දක්වන බවයි. ඩිජිටල් ශක්‍යතා සංවර්ධනය කිරීම උදෙසා රජය සහ ව්‍යාපාරික ප්‍රජාව ගෙන ඇති ක්‍රියාමාර්ග වඩාත් ප්‍රශංසනීය වන අතර Cloud සේවාවලට අවතීර්ණ වීම දේශීය ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීමක් පමණක් නොව එය ශ්‍රී ලංකාව කලාපීය සහ ගෝලීය ඩිජිටල් ආර්ථිකයන් අතර ඉහල තලයට ඔසවා තැබීමට උපකාරී වනවා”.