
මෙම මස 5 වැනිදාට යෙදී ඇති ලෝක බැඩ්මින්ටන් දින පා ගමන ශ්‍රී ලංකාවේ හිටපු පදක්කම්ලාභී කෙටිදුර ධාවන ශූරයකු හා ඔලිම්පික් ක්‍රීඩකයකු වන වත්මන් ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. රොෂාන් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය හා බුද්ධික ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු කලාපීය සංවර්ධන කමිටුව විසින් සංවිධාන කරනු 2025 ලෝක බැඩ්මින්ටන් දින පා ගමනට මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නිරතව සිටින බහුතර පිරිසකගේ සහභාගීත්වය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කොළඹ 7, මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ මූලස්ථානය අසළින් ආරම්භ වන ලෝක බැඩ්මින්ටන් දින පා ගමනට සියලුම ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, මාපියන් හා ක්‍රීඩාලෝලීන් එක්වනු ඇතැයි කලාපීය සංවර්ධන කමිටුව අපේක්ෂා කරයි. එම පා ගමන එදින පෙරවරු 8.00ට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ මූලස්ථානය අසළින් ආරම්භ වී සාන්ත බ්‍රිජට් කන්‍යාරාමය දක්වා ගමන් කර නිදහස් චතුරස්‍රය ඔස්සේ නැවත බැඩ්මින්ටන් මූලස්ථානය අසළින් නිමාවට පත්වන අතර, ආසන්න වශයෙන් කිලෝමීටර් 4ක දුර ප්‍රමාණයක් ආවරණය කෙරේ.
වසර 1934 ජූලි මාසයේ 5 වැනිදා ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනය (වත්මන් ලෝක බැඩ්මින්ටන් සම්මේලනය) ආරම්භ කිරීම සැමරීම සඳහා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොෂාන් ගුණවර්ධන, කලාපීය සංවර්ධන කමිටුවේ සභාපති බුද්ධික ද සිල්වා මහත්වරු සමඟ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයෙ නිලධාරීන්, පුහුණුකරුවන් සහ ක්‍රීඩකයන් ඇතුළුව ක්‍රීඩාලෝලීන් එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


