ලෝක පරිසර දිනයේදී HNB හරිත ශ්‍රී ලංකාවක් සඳහා වූ සිය කැපවීම යළි අවධාරණය කරයි

Image 01 (LBN)

ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය හරිත ප්‍රතිඥාව නැවත අලුත් කරමින් සහ තෝරාගත් ගනුදෙනුකාරභවතුන්ට හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට පැළ බෙදා දෙමින් පාරිසරික සුරක්ෂිතතාවය සඳහා වන සිය කැපවීම යළිත් අවධාරණය කළේය.

මෙම පැළ බෙදා දීමේ විශේෂ උත්සවය HNB වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් HNB ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. ‘Restore Our Earth’ යන තේමාවට සමගාමීව පැවති මෙම උත්සවය බැංකුවේ හරිත ප්‍රතිඥාව නැවත අලුත් කරමින් ආරම්භ විය. වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී පල්ලෙවත්ත මහතා විසින් පැවැත්වූ කතාවකින් අනතුරුව, හරිතවත් අනාගතයක් සඳහා බැංකුවේ කැපවීම සංකේතවත් කරමින් පැළ බෙදා දීමෙන් මෙම උත්සවය අවසන් විය.

 



 

මෙහිදී අඹ සහ කොස් පැළ 2,000ක් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ HNB පාරිභෝගිකයන් වෙත බෙදා දුන් අතර, තවත් පැළ දිවයින පුරා කලාප 10ක ශාඛා 48ක් පුරා පැළ බෙදා දීමට ද බැංකුව කටයුතු කරන ලදී. HNB හි ගැමි පුබුදුව ව්‍යවසායක ජාලයේ සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙකුගෙන් තිරසාර ලෙස ලබා ගත් සාමාන්‍ය තෘණ වර්ගයක් වන අලිමානා කොළ වලින් සාදන ලද ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි බෑග්වල මෙම පැළ ලබා දීම සිදු කෙරිණි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “පොහොසත් ජෛව විවිධත්වයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව වැනි රටක් පරිසර සංරක්ෂණය ඉදිරියට ගෙන යාමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව අපි විශ්වාස කරනවා. පසුගිය වසර පුරා, ශ්‍රී ලාංකිකයින් අධික උණුසුම, වර්ෂාපතනය සහ ගංවතුර වැනි විවිධ දේශගුණික විපර්යාසවල බලපෑම්වලට මුහුණ දී තිබෙනවා. මෙයින් පෙනී යන්නේ උපායමාර්ගික ක්‍රියාමාර්ගයක් නොමැතිව ශ්‍රී ලංකාව අවදානම් තත්වයක පවතින බවයි. කෙසේ වෙතත්, දේශගුණික විපර්යාසයන්ට එරෙහි ගෝලීය සටනට නායකත්වය දීමට ශ්‍රී ලංකාවට විශේෂ හැකියාවක් ඇති බව අප විශ්වාස කරනවා.

“ශ්‍රී ලංකාව සතු ඔරොත්තු දීමේ හැකියාව, උපායශීලිත්වය සහ අලුත් නිර්මාණශීලී අදහස් උපරිම ලෙස භාවිත කිරීමෙන් දේශගුණික විපර්යාසවලට එරෙහිව ශක්තිමත්ව මුහුණ දෙන ආකාරය, සම්පත් ප්‍රතිචක්‍රීයකරණය කරන තිරසාර ආර්ථික ආකෘති නිර්මාණය කිරීම මෙන්ම පරිසරය ආරක්ෂා කිරීම සඳහා පුළුල් සැලැස්මක් සකස් කරන ආකාරය ලෝකයට පෙන්වීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇති බව අපට විශ්වාසයි. මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා බැංකු ක්ෂේත්‍රය ඇතුළුව ආර්ථිකය සඳහා දායකත්වය ලබා දෙන සියලුම අංශ එක්ව කටයුතු කළ යුතු අතර ආර්ථිකයේ සෑම අංශයක් සමඟම ගැඹුරින් සම්බන්ධ වූ ආයතනයක් ලෙස මෙම පාරිසරික අභියෝග විසඳීමට දායක වන බවට අප පොරොන්දු වනවා.” යනුවෙනි.

පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීමේ වැදගත්කම අවධාරණය කළ පල්ලෙවත්ත මහතා HNB කාර්ය මණ්ඩලය තිරසාරත්වය සඳහා දක්වන අඛණ්ඩ කැපවීම ද අගය කළේය. HNB ඔවුන්ගේ පරිසර හිතකාමී ව්‍යාපෘතිවලින් උපයන මුදල් ඔවුන්ගේ තවත් එවැනි හරිත ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට වෙන් කර ඇති අතර ඔවුන්ගේ මෙන්ම රටේ තිරසාර ඉලක්ක ඉදිරියට ගෙන යාමට ද සැලසුම් කර ඇත.

HNB හි අරමුණ වන්නේ රටේ තිරසාර ඉලක්ක සඳහා වැදගත් සාධකයක් වන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කරමින් බලශක්ති කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීමයි. තවද බැංකුව සිය කාබන් විමෝචනය අවම කර ගැනීමටත්, කන්නෙලිය රක්ෂිතයේ බිම් කොටසක් ප්‍රතිස්ථාපනය කිරීමේ කටයුතුවල ප්‍රගතිය සහ දේශීය පාසල් සමඟ එක්ව පවත්වනු ලබන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය ව්‍යාපෘතියේ කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාමටත් ප්‍රතිඥා දී ඇත.

පසුගිය වසර පුරාවට HNB සිය තිරසාරත්ව ගමන්මගේ සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත. කාබන් ශුන්‍යතා සහතිකය ලබා ගැනීම, HNB තිරසාර විශිෂ්ටතා සම්මාන හඳුන්වා දීම ඔවුන්ගේ තිරසාර ගමන්මගේ කැපී පෙනෙන සන්ධිස්ථාන වන අතර, ඔවුන්ගේ #WalktheTalk වැඩසටහන හරහා ජෛව විවිධත්වය සහ සංරක්ෂණ ව්‍යාපෘති සඳහා අඛණ්ඩව සහයෝගය ද ලබා දුන්නේය. HNB ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලයේ සහ පාරිභෝගික ඒකකවල ස්මාර්ට් කාබන් කැල්කියුලේටරයක් ස්ථාපිත කිරීමට අමතරව බලශක්ති කාර්යක්ෂම මෙහෙයුම් සහ භාවිතයන් සඳහා ඔවුන්ගේ අරමුදල්වලින් සැලකිය යුතු කොටසක් ද වෙන් කර ඇත. ඔවුන්ගේ හරිත මූලපිරීම්වල ප්‍රතිඵලයක් ලෙස HNB හට ඔවුන්ගේ මෙහෙයුම් සහ භාවිතයන් ප්‍රශස්ත කිරීම තුළින් හරිතාගාර වායු විමෝචනය 21% කින් අඩු කිරීමට හැකි විය. තවද HNB ඔවුන්ගේ කඩදාසි භාවිතය 26% කින් අඩු කර ඇති අතර ප්ලාස්ටික් බෝතල් කිලෝග්‍රෑම් 1600 ක් පමණ ප්‍රතිචක්‍රීයකරණය සහ වනාන්තර අක්කර 2.5 ක් ප්‍රතිස්ථාපනය කර ඇත.

දීප ව්‍යාප්ත පාරිභෝගික ඒකක 254කින් සමන්විත HNB තාක්ෂණික වශයෙන් වඩාත් ශක්තිමත් ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ බැංකුවකි. නිරන්තරයෙන් ආයතනික තිරසාරබව, යහපාලනය හා විශිෂ්ටත්වය තුළින් සිය අභිමානය දේශීයව හා ජාත්‍යන්තර වශයෙන් යළිත් තහවුරු කිරීමට සමත්ව ඇති HNB, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය වෙතින් 2022 වසරේ “හොඳම ආයතනික පුරවැසියා” (Best Corporate Citizen) ලෙස සම්මාන දිනා ගැනීමට සමත් විය. තවද ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස ඒෂියන් බෑන්කර් සඟරාව විසින් 14 වැනි වරටත් HNB ඇගයීමට ලක් කර තිබේ. මීට අමතරව 2023 වසර සඳහා Business Today සඟරාවේ BT Top 40 හි ඉහළම සමාගම් 5 අතරටත් HNB තේරී පත් වී ඇත.

තවද ඇමෙරිකානු සහතිකලත් ගණකාධිකාරී ආයතනය (AICPA) වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA)  සහ ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) විසින් HNB 2022 වසරේ ශ්‍රී ලංකාවේ ඉහළම ඇගයීමට පාත්‍ර වූ සමාගම් 10 අතරට ද ගෞරවයට පාත්‍ර කර ඇත. යුරෝමනී (Euromoney) සම්මාන උළෙලේදී වෙළෙඳ මූල්‍ය ක්ෂේත්‍රයේ ‘වෙළෙඳපොල ප්‍රමුඛයා’ සහ වෙළෙඳ මූල්‍ය ක්ෂේත්‍රයේ හොඳම සේවා සපයන්නා ලෙස සම්මානයට පාත්‍ර වෙමින් HNB වෙළෙඳ මූල්‍ය සේවාවල සිය විශිෂ්ටත්වය පෙන්නුම් කළේය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව