ශ්‍රී ලාංකීය සංස්කෘතිය සහ ගෝලීය ඩිජිටල් මූල්‍ය ලෝකය යා කළ යොහානිගේ Colombo Concert එක සඳහා අනුග්‍රාහක දායකත්වය, MEXC දරයි

Website Sized Image

2026 අගෝස්තු 10, ශ්‍රී ලංකාව: ඩිජිටල් මූල්‍ය වත්කම් වෙළඳපොළේ අවම ගාස්තු අය කිරීම්වලින් තොර, සැබෑ පෙරළියක් කළ MEXC, අගෝස්තු මස 7 සහ 8 සති අන්තයේ, කොළඹ පැවැති, යොහානිගේ සජීවී ප්‍රසංග මාලාව සඳහා සාදර අනුග්‍රාහකත්වය දරමින්, රසික හදවත්වල සදා රැඳෙන මතකයක් සනිටුහන් කරනු ලැබීය. එම ප්‍රසංගයට සමගාමීව, අගෝස්තු 8 වැනිදා “MEXC Connect: Summer Musical Afternoon Tea” නමින් විශේෂ සුහද හමුවක්ද පැවැත්විණි.

 

එහිදී, මෙරට ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්,  ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු විශේෂ අමුත්තන් 80 දෙනෙකු, කොළඹ Jetwing Colombo Seven හෝටලයට ඒකරාශී කරමින්, සංගීත රිද්මය, සංස්කෘතිය එකට මුසු කළ සැන්දෑවක් තුළින්, MEXC සහ ශ්‍රී ලාංකීය සමූහය තුළ සුවිශේෂී පියවරක් සටහන් කිරීමට හැකියාව ලැබිණි.

 

ප්‍රධාන ප්‍රසංගයට පෙර පැවැති මෙම අලංකාරවත් සන්ධ්‍යාවට එක්වූ සංගීත ලෝලීන්ට, වටමේසවලින් අලංකාර ලෙස සැරසූ පරිශ්‍රයක සිට යොහානිගේ ජනප්‍රිය ගීත රස විඳීමට අවස්ථාව හිමිවිය. ඊට අමතරව, Ring Toss ක්‍රීඩාවට එක්වෙමින් MEXC හි සුවිශේෂී Photo Booth අත්දැකීම විඳ ගැනීමටද පැමිණි පිරිසට හැකියාව ලැබිණි. මෙය සන්නාම නියෝජිතයින් සමඟ වඩාත් සුහදශීලී ලෙස අදහස් හුවමාරු කර ගැනීමට ලැබුණු කදිම අවස්ථාවක් විය. මෙම සන්ධ්‍යාවේ සහ සති අන්ත ප්‍රසංගයේ අමතක නොවන මතකයන් රැගත් කෙටි වීඩියෝ පෙළක් ඉදිරියේදී, MEXC නිල සමාජ මාධ්‍ය පිටු ඔස්සේ එළිදැක්වීමට නියමිතය.

 

ප්‍රසංග මාලාව සඳහා MEXC සමඟ අත්වැල් බැඳගත් යොහානි, “මැණිකේ මගේ හිතේ” ගීතය හරහා දේශීය සීමාවන් අතික්‍රමණය කරමින් ජාත්‍යන්තරයට ගිය ශ්‍රී ලාංකීය සංගීත තාරකාවකි. ඇගේ ප්‍රසංගය වෙනුවෙන් එක්වූ MEXC, ජාත්‍යන්තර සංගීත ලෝලීන්ට “0 Fees” සහ “Infinite Opportunities” ලබා දීමට දරන දායකත්වය, සංගීතය සහ ඩිජිටල් මූල්‍ය යන ක්ෂේත්‍ර දෙකේ මනරම් සුසංයෝගයක් පෙන්නුම් කරයි.

 

සංස්කෘතික ලෝකය සහ ඩිජිටල් මූල්‍ය පරිසරය එකිනෙක යා කිරීමේ අරමුණින් කටයුතු කරන MEXC, භූගෝලීය හෝ තාක්ෂණික බාධාවන් හේතුවෙන් ගෝලීය ඩිජිටල් මූල්‍ය වෙළෙඳ පොළට පිවිසීමට නොහැකි වූ පිරිස් වෙත ජාත්‍යන්තර මූල්‍ය අවස්ථාවන් උදා කර දෙයි. එහිදී පුද්ගලයෙකුගේ පසුබිම, ධනය හෝ ඩිජිටල් මූල්‍ය දැනුම නොසලකා, ඕනෑම අයෙකුට වත්කම් ඉපැයීමේ මඟ පාදාදීමට MEXC කටයුතු කරයි. ඒ අනුව, ලොව පුරා විශ්වාසනීය පිළිගැනීමක් හිමි ඩිජිටල් මූල්‍ය Platform එකක් ලෙස MEXC, දේශීය ශිල්පීන්ට තම හැකියාවන් ජාත්‍යන්තරයට ගෙනයමින් මූල්‍ය අවස්ථා ලබා ගැනීමට පහසුකම් සලසයි. එමඟින්, සම්ප්‍රදායික කලාව සහ ඩිජිටල් ලෝකය එකිනෙක යා කරන කදිම ඩිජිටල් විසඳුමක් බවට MEXC පත්ව තිබේ.

 

දකුණු ආසියාව තුළ ඩිජිටල් වත්කම් කෙරෙහි දිනෙන් දින වැඩිවන උනන්දුව සහ තරුණ පිරිසේ තාක්ෂණික දක්ෂතාව, අපේ කලාපයේ ආර්ථික වර්ධනයට විශාල රුකුලක් වේ. එම නිසා, ඩිජිටල් මූල්‍ය වත්කම් හරහා සිදුකරන ගනුදෙනු දෛනික ප්‍රවණතාවක් බවට පත්කිරීම උදෙසා දේශීය ප්‍රජාවන් සක්‍රීය කිරීමට MEXC කැපවී කටයුතු කරයි.

 

ඒ අනුව, මෙරට තරුණ සංවිධාන සමඟ අත්වැල් බැඳගනිමින් ඩිජිටල් වත්කම් පිළිබඳ සමාජය දැනුවත් කිරීමට අරමුණු කරන MEXC, ඉදිරියේදී දකුණු ආසියානු වෙළෙඳ පොළ තුළ සිදුකරන ආයෝජන තවත් වැඩි කිරීමට බලාපොරොත්තු වේ. එමගින් කලාපයේ ජනතාවට වඩාත් පහසු සහ කාර්යක්ෂම මූල්‍ය පරිසරයක් උදාකර දීම, MEXC හි ප්‍රධාන අපේක්ෂාවයි.

 

MEXC පිළිබඳව:

MEXC යනු රටවල් 170කට අධික සංඛ්‍යාවක මිලියන 40කට වැඩි පරිශීලකයින් පිරිසකගේ විශ්වාසය දිනාගත්, ලොව වේගයෙන්ම වර්ධනය වන ක්‍රිප්ටෝ ගනුදෙනු හුවමාරු වේදිකාවකි (Crypto Exchange). පාරිභෝගිකයාට මුල්තැන දෙන දැක්මකින් යුතුව කටයුතු කරන MEXC, ක්ෂේත්‍රයේ අවම හෝ ගාස්තු අය කිරීම්වලින් තොරව, පෙරළිකාර වෙළෙඳ පහසුකම් සමඟින් ඩිජිටල් වත්කම් 3,000කට අධික ප්‍රමාණයකට පිවිසීමේ හැකියාව සලසයි. පරිශීලකයින්ට “අසීමිත අවස්ථාවන්ට මඟ විවර කරන ඩිජිටල් ද්වාරයක්” වන MEXC, ක්‍රිප්ටෝ මුදල්වලට අමතරව කොටස් (Stock), ETFs, භාණ්ඩ සහ වටිනා ලෝහ ඇතුළත් ටෝකන් බවට පත්කළ වත්කම් (Tokenized Assets) මගින් එකම Platform එකක් හරහා ගනුදෙනු කිරීමේ පහසුකම පිරිනමයි.

 

MEXC Official Website | X | Telegram | How to Sign Up on MEXC

 

පැහැදිලි කිරීමයි:

මෙහි ඇතුළත් කරුණු කිසිසේත්ම මූල්‍ය හෝ ආයෝජන උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඩිජිටල් වත්කම්, ටෝකන් කළ වත්කම් හෝ සම්ප්‍රදායික මූල්‍ය නිෂ්පාදන ආශ්‍රිත යම් ආයෝජනයක් හෝ වෙළෙඳ තීරණයක් ගැනීමට පෙර, වෙළෙඳ පොළේ පවතින අවදානම, නිතර සිදුවන මිල වෙනස්වීම්, වෙළෙඳ පොළ තත්ත්වය සහ වත්කම්වල සැබෑ වටිනාකම පිළිබඳව තමා විසින්ම හොඳින් අධ්‍යයනය කර තීරණ ගත යුතුය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව