මයික්‍රොසොෆ්ට් මෙරට විශ්වවිද්‍යාල 10 ක් සදහා ක්ලවුඩ් කුසළතා අභියෝගය හදුන්වාදෙයි

microsoft

 




 

ශ්‍රී ලංකාවේ උපාධිඅපේක්ෂකයන් සිය වෘත්තීය සංවර්ධන ක්‍රියාකාරකමක් ලෙස මෑත දී ක්ලවුඩ් කුසළතා අභියෝගය (CSC) සදහා සහභාගී වන ලදි. CSC, ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනය සදහා සහාය වෙමින් ඔවුනට නව කුසළතා අත් කර ගැනීමට මෙන්ම රැකියාවන් සදහා අවස්ථාවන් විවර කර දෙන ලදි.

CSC පුහුණු වැඩසටහනක් වන අතර Azure fundamentals, machine learning    හෝ machine learning, යනාදී අංශ සම්බන්ධයෙන් පෙර සකස් කරන ලද පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව සහභාගිකයන්ට මෙමගින් උදා කර දේ.

Microsoft Learn මඟින් අදියරයෙන් අදියර ඉතාමත් කෙටියෙන් පැහැදිලි කරුණු ඇතුලත් නිබන්ධන, browser-based interactive coding සහ scripting environments හරහා නොමිලේ ඉගැන්වීම් සිදු කරන අතර සිසුන්ගේ කාර්මික කුසළතාවයන් වර්ධනය කිරීම තුළින් ඔවුනට ඉහළ ජයග්‍රහණයන් අත් කර ගැනීමට සහාය වීම සදහා ක්‍රියාකාරකම් හදුන්වාදෙයි.

“Microsoft Learn සහ CSC සිසුන්ට අර්ථවත් ලෙස සිය කුසළතාවයන් වැඩිදියුණු කර ගැනීමට සහාය වන අතර මයික්‍රොසොෆ්ට් තාක්ෂණයන් පිළිබදව වැඩිදුර අධ්‍යයනය සදහා ඔවුන් තුළ ඇති කැමැත්ත තවතවත් වර්ධනය කරයි.” යැයි මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා සහ මාලදිවයින කළමනාකරු හසිත අබේවර්ධන මහතා පැවසුවේ ය. “වඩාත් වැදගත් වනුයේ මෙමගින් ඔවුනට තමන්ගේම කාලසටහනක් සාදා ගෙන අධ්‍යයන කටයුතු කිරීමට අවස්ථාව ලබා දීමයි. Microsoft Learn හී අතිරේක වැඩසටහනක් වන CSC නොමිලේ ඉගැන්වීම් සිදු කරන අතර ඩෙවෙලොපර්ස් සදහා ද විවෘත ය. වඩාත් ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ අරමුණ ඇතිව අපගේ අනාගත ශ්‍රමබලකායට තිරසාර කුසළතාවයක් අත් කර දීමෙහිලා කොටස්කරුවෙකු වීමට ලැබීම පිළිබදව අපි සතුටු වන්නෙමු.”

විනෝදාත්මක ඉගෙනුම් උපාංග සහ උපදෙස් සහිත නම්‍යශීලී Microsoft Learn මොඩියුල සිසුන්ට සිය කැමැත්ත අනුව අධ්‍යයන කටයුතු කිරීමට අවස්ථාව ලබා දෙන අතර ඔවුනට විනෝදාත්මක මෙන්ම තාර්කික අධ්‍යයන මාර්ගයක් විවර කර දෙයි. මේ වන විට තොරතුරු තාක්ෂණ ශ්‍රී ලංකා ආයතනය (SLIIT), කැළණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ සබරගමුව විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය, ජෙනරාල් සර් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලය, NSBM හරිත විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය යන විශ්ව විද්‍යාලයන් හි සිසුන් 1199 ක් මොඩියුල 26517 ක් සාර්ථකව සම්පූර්ණ කර ඇත.

CSC වැඩසටහන කුසළතා සංවර්ධනයේලා සිසුන් අතර තරගකාරිත්වයක් ඇත කරමින් සාර්ථකව අධ්‍යයන කටයුතු සම්පූර්ණ කරන සිසුන් සදහා සහතිකයක් ලබා දෙයි. මොඩියුලයක් සාර්ථකව සම්පූර්ණ කිරීම තුළින් සිසුන්ට ලකුණු ලැබෙන අතර එම ලකුණු, ලකුණු පුවරුවක් හරහා දැක්වේ. සාර්ථකව අධ්‍යයන මාර්ගය සම්පූර්ණ කරන සිසුන්ට ආශ්‍රිත මයික්‍රොසොෆ්ට් නිෂ්පාදන සම්බන්ධයෙන් ලාංජනයක් සහ සහතිකයක් පිරිනමන අතර ඉහළ ලකුණු ලබා ගත් සිසුන්ට AZ-900: Microsoft Azure Fundamentals සහතිකකරණ වැඩසටහන සදහා නොමිලේ සහභාගී වීමට වවුචරයක් ද පිරිනමයි.

ඉහළ ලකුණු ලබා ගත් සිසුන්ගේ සහතිකකරණ සමත් අනුපාතය වර්ධනය කිරීම සදහා මයික්‍රොසොෆ්ට් MVPs (ඉහළ වෘත්තිකයන්) මගින් මෙහෙයවන දැනුම ලබා දීමේ සැසි පෙළක් ද මයික්‍රොසොෆ්ට් ආයතනය සංවිධානය කරයි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව