මදර් ශ‍්‍රී ලංකා Project RUN තරඟාවලිය දිනූ පාසැල් වලට කොමර්ෂල් බැංකුවෙන් තොරතුරු තාක්‍ෂණ විද්‍යාගාර

Project RUN winners to get IT labs - Composite (LBN)

 



 

 

ලාභ නොලබන සමාජ සේවා සංවිධානයක් වන ‘Mother Sri Lanka’ විසින් සංවිධානය කරණු ලැබූ ‘Project RUN’ තරගයෙන් ජයග‍්‍රහණය කරන ලද පාසල් තුන සඳහා අංග සම්පූර්ණ තොරතුරු තාක්‍ෂණ (IT) විද්‍යාගාර තුනක් කොමර්ෂල් බැංකුව විසින් පිරිනමනු ඇත.

මෙම තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය පැවැති අරලියගහ මන්දිරයේදී කොමර්ෂල් බැංකුවේ ප‍්‍රතිඥාව ලබා දුන් අතර, හොඳම ත්‍යාගලාභී පාසල් තුන ලෙස, මයිලනි සයිව මහා විද්‍යාලය – චුන්නාකම්, ගෝනදෙණිය මහා විද්‍යාලය – වෑකන්දාවල සහ අයිලබි දෙමළ විද්‍යාලය – බණ්ඩාරවෙල යන පාසල් ප‍්‍රකාශයට පත්කරන ලදී.

‘Project RUN 2021/22’ කොමර්ෂල් බැංකුව විසින් ප‍්‍රධාන අනුග‍්‍රහය දක්වනු ලබන, කොමර්ෂල් බැංකුව සහ ‘Mother Sri Lanka’ සංවිධානය අතර ක‍්‍රියාත්මක වන ව්‍යාපෘතියකි. එය පාසල් දරුවන් අතර වගකීම් සහගත පුරවැසිභාවය පෝෂණය කිරීම අරමුණු කරගත් රටේ එකම වැඩසටහන වෙයි. ජන ජීවිතය නගාසිටුවීමට සහ ප‍්‍රජාවන් පොහොසත් කිරීමට ව්‍යාපෘති සැලැසුම් කළ පාසල් කණ්ඩායම් පිළිගැනීමට ලක්වූ මෙම තරගාවලිය ඊට පෙර පළාත් සහ සමස්ත ලංකා අවසන් තරඟ වශයෙන් පැවැත්වින.

සහභාගි වූ පාසල් විසින් දියත් කරන ලද ප‍්‍රජා මුලපිරීම් යටතේ, වගකීම් සහිත පුරවැසිභාවය, එකමුතුකම සහ ජාතික අභිමානය යන සංකල්ප සමපාත විය. පොදු පහසුකම් ප‍්‍රතිසංස්කරණය කිරීම හා නඩත්තු කිරීම, වැඩිහිටියන් රැකබලා ගැනීම, කාබනික එළවළු නිෂ්පාදනය, පිරිවැය ඵලදායී ජල විසඳුම්, චිත‍්‍ර හා කවි තරග සහ විවිධ ජනවාර්ගික කණ්ඩායම්වල සිසුන් සමග අන්තර් ක‍්‍රියා කිරීම වැනි ව්‍යාපෘති මෙයට ඇතුළත් විය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 + eighteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව